නම් ගොඩක් වතුර කඳක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපි ගියේ කොළොන්තොට ඉන්න අපිට කිට්ටුවම ඇති සුන්දරම දියඇල්ල සොයාගෙන. එක නමක් වෙනුවට නම් ගොඩක් මේ දියඇල්ලට තියෙනවා. මම හිතන්නෙ ලෝකයේ වැඩිම නම් ගණනක් වැටුණු ඇල්ල මේකද මන්දා. දුනුමාල ඇල්ල, උඩුවක ඇල්ල, දේවින්පැනැල්ල, සිරි පැරකුම් ඇල්ල යන නම්රැසකින් මේ ඇල්ල හඳුන්වනවා.

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන මේ දියඇල්ලට එන පාර හරියටම කිව්වොත් මෙහෙමයි. අත්තනගල්ලට ඇවිල්ලා ගලපිටමල පාරෙන් දුනුමාල හන්දියට එන්න. එතනින් වමට හැරෙන්න. අල්ගම පැත්තෙන් වුණත් මෙතනට එන්න පුළුවන්.

සිරි පැරකුම් film එක ඔයාට මතකනම් ඒ film එකේ සමහර දර්ශන රූපගත කරලා තියෙන්නේ මේ දුනුමාල ඇල්ලේ. නුවරඑළිය ස්න්ට්ක්ලෙයාර් ඇල්ලට මේ දියඇල්ල හුඟාක් සමානයි. එතකොට ඔයාලට හිතාගන්න පුළුවන් නේද මේ දියඇල්ල මොන තරම් සුන්දරද කියලා..

සති අන්තයට හුඟාක් අය මේ ඇල්ල බලන්න එනවා. හුඟක් කනගාටුවෙන් වුණත් දෙයක් කියන්න තියෙනවා. මේ දියඇල්ල බලන්න එන සමහර අය පරිසරය ගැන සොබා සෞන්දර්ය ගැන කිසිම හැඟීමක් නැතිව ප්ලාස්ටික් බෝතල්, කඩදාසි විසි කරලා මේ දියඇල්ල ප්‍රදේශයේ විශාල හානියක් කරනවා. මේ දියඇල්ලටත් පරිසරයටත් ආදරය කරන ගමේ අය සහ traveling hunters team එක මුල්වෙලා තමයි මේ දියඇල්ල අවට ප්‍රදේශය පිරිසිදු කරන්නේ. ඒ වගේම පරිසරයට ආදරය කරන සමහර අය cleaning project කරලා මේ දියඇල්ල හා අවට ප්‍රදේශය රැකගන්න උත්සාහ කරනවා. ඇත්තටම අඩි 45ක් විතර උස දුනුමාල දියඇල්ල බලන්න යන හැම කෙනෙකුගෙන්ම අපි ඉල්ලන්නේ සුන්දරත්වය විඳින්න. ඒත් හානියක් නොකර හැරිලා එන්න කියලයි.

 

► Channa Kassapa Koralearachchi

20190503Travel-(1) 20190503Travel-(2) 20190503Travel-(3) 20190503Travel-(4) 20190503Travel-(5) 20190503Travel-(6) 20190503Travel-(7) 20190503Travel-(8) DCIM100GOPROGOPR2471.JPG 20190503Travel-(10) dav