දෙස් විදෙස් සංචාරක ආකර්ශණය දිනූ 'ඇල්ලේ පුංචි ශ්‍රී පාදය'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-258

'ඇල්ල' යනු දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනූ සංචාරක කලාපයකි. ඇල්ල කඳු මුදුන නිසා ඇල්ල මුල් කාලයේදී ජනප්‍රියව තිබූ අතර බොහෝ සංචාරකයින් ඇල්ල කඳු මුදුනේ කඳවුරු බැඳීමට පවා පැමිණෙනු දක්නට ලැබේ. ඇල්ලට බොහෝ විදෙස් සංචාරකයින් පැමිණෙන්නේ දුම්රිය මගිනි. මේ නිසා ඇල්ල දුම්රිය ස්ථානය ද අතිශය කාර්යබහුලත්වයක් දක්නට ලැබෙයි. ඇල්ලට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහල නිසා ඇල්ල දුම්රිය ස්ථානයේ සිටම සංචාරක ආකර්ශනය ලබාගැනීමට ආපන ශාලා සහ හෝටල් ඇතුළු සංචාරකයන්ට අවශ්‍ය කරන පහසුකම් සපයන ආයතන විවිධකාර ආකාරවලින් නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ. තවද සමහර ආපන ශාලාවල කාර්යමණ්ඩලයන් සංචාරකයන්ගේ සිත් ගැනීම සඳහා වෙනස් වූත්, විවිධ වූත් ඇඳුමෙන්, පැළඳුමෙන්ද හැඩව ඇති අයුරු දක්නට ලැබේ.

ඇල්ල සංචාරක කලාපයේ සංචාරක ස්ථාන අතර ස්වභාව සෞන්දර්යෙන් ඉතා ආකර්ශණීයබවක් ඇති ස්ථානයක් පිළිබඳවයි අද මේ සටහන ගෙන එන්නේ. little adam's peak නම් මෙම ස්ථානය පුංචි ශ්‍රී පාදය ලෙසින්ද ඇල්ල වැසියෝ සහ දේශීය සංචාරකයෝ මෙම ස්ථානය හඳුන්වයි. ඇල්ල - පස්සර මාර්ගයේ කිලෝමීටර් දෙකහමාරක් පමණ ගිය පසු පුංචි ශ්‍රී පාදයට පිවිසෙන මාර්ගය හමු වෙයි. එතැන් සිට කිලෝමීටර් එකහාමාරක් ගමන් කිරීමෙන් අනතුරුව පුංචි ශ්‍රී පාද කඳු මුදුනට පිවිසීමට හැකිවේ. තවද පස්සර මාර්ගයේ 98 acres resort හෝටලය අසලින්ද මෙම කඳු මුදුනට පිවිසීමට කෙටි මඟක්ද තිබේ.

පුංචි ශ්‍රී පාදය කඳු පන්ති තුනක් එකිනෙකට යා වෙමින් නිර්මාණය වී තිබෙන නිසා සංචාරකයින්ට මෙම කඳු පන්ති තුනම තරණය කර එහි ආශ්වාදය විඳ ගැනීමට හැකිවේ. කඳු මුදුනට පිවිසි පසුව පහතින් දිස්වෙන්නේ ඇල්ල වැල්ලවාය මාර්ගයයි. බොහෝ විට දේශීය සංචාරකයින්ට වඩා විදේශීකයන්ගේ පැමිණීමක් මෙම ස්ථානයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර සවස් කාලය වනවිට විදේශීය සංචාරකයන් නොකඩවා පැමිණෙන්නේ සූර්යයා කඳු මුඳුන් අතරින් නොපෙනී යන අසිරිය දැක බලාගැනීමට සහ සවස් වනවිට ඇති මෙම ප්‍රදේශයට බලපාන සීතල කාලගුණය හේතුවෙනි. සැබැවින්ම සවස් යාමයක පුංචි ශ්‍රී පාද කඳු මුදුනට වී සිටින්නට සංචාරකයින් මෙතරම් ඇල්මක් දක්වන්නේ සැන්දෑ කාලයේදී මෙහි ඇති මද සුළඟ සමග ඇති සීතල කාලගුණයේ අපූර්වත්වය ගතට සිතට විඳගන්නටය.

පුංචි ශ්‍රී පාදයට පැමිණෙන සංචාරකයින්ගේ ආකාර්ශණය දිනාගත් තවත් අපූරු අත්දැකීමක් මෙහි වෙති. ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ දුර්ලබව දක්නට ලැබෙන කේබල් මගින් ගමන් කිරීමේ ආයතනයක් මෙම ස්ථානයට මඳක් ඔබ්බෙන් පිහිටා තිබේ. මෙම කඳු මුදුන තරණය කිරීමට මෙන්ම කඳු මුදුන හරහා කේබල් චාරිකාවක් යෑමටද විදේශිකයෝ මෙහි පැමිණීම දක්නට ලැබේ.

බොහෝ සංචාරකයින් කඳු නැගීමට මැලි වන්නේ කඳු නැගීමේ ඇති දුෂ්කර බව නිසාය. නමුත් මෙම පුංචි ශ්‍රී පාදය තරණය කිරීම සඳහා දුෂ්කර බවක් නොමැත. සංචාරකයන්ගේ පහසුව සඳහාම මෙහි පඩිපෙළ් සහ අත්වැටවල් තනා තිබේ. පුංචි ශ්‍රී පාදය තරණය කිරීම අපූරු අත්දැකීමක් සහ විනෝදකාමී ක්‍රියාවක් බවයි මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් පවසන්නේ.

පුංචි ශ්‍රී පාදය නමින් මෙම ස්ථානය හඳුන්වන්නේ මෙම කඳු තරණය කිරීම ශ්‍රී පාදය වැඳුම් පිදුම් කිරීමට සමනල කන්ද නැගීම වැනි හැඟීමක් එන නිසාය. මෙහි ආගමික ඉතිහාසයක් නොමැති අතර හුදු සංචාරක ස්ථානයක් පමණක් බවයි ගම්මුන් පවසන්නේ.

සංචාරකයින් මෙම ස්ථානයට පුංචි ශ්‍රී පාදය නමින් හඳුන්වන නිසාම මෙම ඉහළ කඳු මුදුනෙහි පුදුම පිළිම වහන්සේ නමක් තැන්පත් කර තිබෙන අතර මෙහි පැමිණෙන සංචාරකයින් එහි මල් කිහිපයක් පුදා හෝ වැඳුම් පිදුම් කිරීම දක්නට ලැබේ.

මෙවැනි සුන්දර සංචාරක ස්ථානයන්හි ඇති සුන්දරත්වය විඳ ගැනීමට පැමිණෙන සංචාරකයන්ගෙන් අවසානයේ අප මෙසේ ඉල්ලා සිටින්නෙමු. ඒ පරිසරයෙහි සුන්දරත්වය ඔබ විඳගෙන එය අසුන්දර නොකර අනෙක් සංචාරකයින්ටද එහි සුන්දරත්වය විඳගැනීමට අවස්ථාව සලසන ලෙසය.

 

සටහන සහ ඡායාරූප - කැළුම් දේවින්ද

 

2019-08-09-ent-268 2019-08-09-ent-267 2019-08-09-ent-266 2019-08-09-ent-265 2019-08-09-ent-264 2019-08-09-ent-263 2019-08-09-ent-261 2019-08-09-ent-260  2019-08-09-ent-257 2019-08-09-ent-256 2019-08-09-ent-255 2019-08-09-ent-254 2019-08-09-ent-259