ඓතිහාසික උරුමයකට හිමිකම් කියන තොප්පිගල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-03-31-ent-117

2016-03-31-ent-130

2016-03-31-ent-127වසර 30 ක කුරිරු යුද්ධය නිසා "තොප්පිගල" මෙරට ජනතාවට සදා මතකයේ රැඳෙන නමක් බවට පත්වුණා. ඓතිහාසික උරුමයකට හිමිකම් කියන තොප්පිගල පිළිබඳව බොහෝ දෙනා දැන හිටියේ නැතත් වර්තමානය වනවිට තොප්පිගල පිළිබඳ බොහෝ යටගිය තොරතුරු ජනතාවට දැන ගැනීමට පත්වී තිබෙන බවයි අපගේ හැඟීම.

තොප්පිගල නැරඹීමට ජනතාව සංචාරය කිරීමට වැඩි කැමැත්තක් දක්වන ප්‍ර‘දේශයක් බවට පත්වී තිබෙන අතරට විදේශීක සංචාරකයන් දැඩි උනන්දුවකින් මෙම ප්‍ර‘දේශයට පැමිණෙන බවයි. තොප්පිගල ප්‍ර‘දේශවාසීන් සඳහන් කර සිටින්නේ. තොප්පිගල නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරළේ පත්තුවේ පිහිටා තිබෙනවා. තොප්පියක හැඩයක් දිස්වන අතර එකල සුදු ජාතිකයන් Baran’s Cap යන නමින් තොප්පිගල ලෙස හඳුන්වා ඇත. හොඳින්ම දැක ගත හැකියි. දකුණේ ජනතාව මෙන්ම තම කෘෂිකර්මාන්තය එදිනෙදා වැඩකටයුතු නියැළී සිටින අතර ඔවුන්ගේ එදිනෙදා කටයුතු දැක ගැනීමේදී අපිට හැඟී යන්නේ භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් පමණක් අප අතර තිබෙන බවයි.

ඉන් එහා ඔවුන් හා අප අතර ඇත්තේ එකම ජීවන ක්‍රමයක් බවට ඔබට එම ප්‍ර‘දේශවල සංචාරය කිරීමේදී දැකගත හැකිවනු ඇති.

තොප්පිගල ඉපැරණි බෞද්ධ උරුමයක් සහිත ප්‍ර‘දේශයක් බවට එහි ඇති බෞද්ධ ඉපැරණි නටබුන්වලින් සනාථ වන අතර භික්ෂූන් වහන්සේලා සිය දහස් ගණනාවක් වාසය කළ බවට සාක්ෂිද තවමත් පවතිනවා. කෘෂි කර්මාන්තයෙන් දියුණුව තිබූ ප්‍ර‘දේශයේ ජනතාව මෙම භික්ෂූන් වහන්සේලාට දානය සපිකර තිබෙන බවයි සඳහන් වන්නේ.

තොප්පිගල පර්වතයේ බෞද්ධ විහාරයක් සතු නටබුන් හා දාගැබක් පැවැති බවට සාක්ෂි වර්තමානයේදී දැක ගැනීමට පුළුවන්. එපමණක් නොව සඳකඩපහණක සලකුණද දැකගැනීමට හැකිවීම තුළ බෞද්ධ උරුමය පිළිබඳ මනාව කියාපායි.

(Baran's යනු උසස්, යන හැඟීමද ගෙනදෙන වචනයක් නිසා යොදන්න ඇතැයි සැලකේ.)

තොප්පිගල පර්වතය වටා ගංගා අතු ගංගා, ඇළ දොළවල් බහුලව ඇති අතර ඒවා හරස් කරමින් වැව් බොහොමයක් ඉදිකර තිබෙනවා. ඒ අතර මියන්කල්කුලම් වැව, කුඩුම්බිගල වැව, මිරන්කඩ්ඩව වැව, මූකන්කුලම් වැව, අර්ථිකාඩු කුලම් වැව ඇතුළු වැව් බොහොමයකි.

කෘෂි කර්මාන්තය වගේම, ගව පාලනය වඩාත් හොඳින් සිදුවී ඇති ප්‍ර‘දේශයක් ලෙස තොප්පිගල හැඳින්වෙනවා. අවට ගම්වල ජනතාව ගොවිතැන භවභෝගවලින් සරුසාර ජීවිතයක් ගෙවා තිබෙන බවටයි සාක්ෂි තිබෙන්නේ. එදා මෙන්ම වර්තමානයේදීද ත්‍රස්ත උවදුරු අවසන් වූ පසු නැවත තම ගම්බිම්වල එදානෙදා කටයුතු කරගෙන ශක්තිමත්ව නැගී සිටින අයුරු, එම ප්‍ර‘දේශයේ සංචාරය කරන ඔබට ජනතා තම නිවෙස් ඉදිකරන අන්දම ගොවිපළවල්වල නියැළි සිටින අයුරු දැකගත හැකි වෙනවා.

තොප්පිගල ශ්‍රී ලාංකික ජන සමාජය වඩාත් වැදගත් ප්‍ර‘දේශයක්ව පැවැතියත් ත්‍රස්ත ක්‍රියාකාරකම් නිසා ජනතාවගෙන් වෙන් කරන ප්‍ර‘දේශයක් බවට පත්වුණා. ත්‍රස්තවාදීන්ගේ මරමස්ථානයක් වූ මෙම ප්‍ර‘දේශය සම්පූර්ණයෙන්ම ත්‍රස්තයන්ගේ ක්‍රියාකාරකම්වලට නතුවී තිබුණ අතර දමිළ ජනතාවටද දැඩි පීඩනයකට සිටි බවයි එහි කළ සංචාරයේදී අපට දැක ගැනීමට හැකිවුණේ.

තොප්පිගල සංචාරය කිරීමේදී එකල ත්‍රස්තවාදීන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකවල නටබුන් දැකගැනීමට හැකිවනවා. එකල දිවයිනේ කුමන ස්ථානයක ත්‍රස්තවාදියෙකු මියගියද ඒ වෙනුවෙන් ස්මාරකයක් ඉදිකළ ස්ථානය වී තිබුණේ තොප්පිගල ප්‍ර‘දේශයයි.

තොප්පිගල වර්තමානයේ සංචාරක ප්‍ර‘දේශයක් බවට පත්වී තිබෙනවා. පාසිකුඩා වෙරළ තීරය නිසා සංචාරකයන් බහුලව දැකගැනීමට පුළුවන්.

වසර 30 පුරා සොඳුරු අපේ උරුමය දෑසින් දැක ගැනීමට ඔබත් තොප්පිගල සංචාරය කරන්න. එය ඔබට නැවුම් වූ අත්දැකීමක් වනු නොඅනුමානය.

 

ඡායාරූ / විස්තර - ශාන් බන්දු


2016-03-31-ent-112
2016-03-31-ent-113
2016-03-31-ent-114
2016-03-31-ent-115
2016-03-31-ent-116
2016-03-31-ent-118
2016-03-31-ent-119
2016-03-31-ent-120
2016-03-31-ent-121
2016-03-31-ent-122
2016-03-31-ent-123
2016-03-31-ent-124
2016-03-31-ent-125
2016-03-31-ent-126
2016-03-31-ent-128