තුන්සිත එක්තැන් කර ශුද්ධ වූ පුවත් ගෙනෙන සෙනසුන
කොළඹ අගරදගුරු පදවියට අයත් සීදුව ප්‍රදේශයේ අක්කර 6.5 ක නිස්කලංක භූමියක නිර්මාණය වී ඇති සුපුවත් අරණට පිවිසෙන ඕනෑම අයෙ කුට පරිත් යාගය, සමා ව, බලාගැනීම, බෙදාගැනීම යන ආදරයේ ගුණාංග අත්විඳීමට ඉඩ සලසා ඇත.
සිත, කය, මනස සහ ආත්ම ය ඒකා ග්රතාවට ගෙනැවිත් සමා ජයට අනුගත කිරීමේ ආයතනයක් ලෙස නම් කළ හැකි සුපුවත් අරණ තුළින් සිදුකරන්නේ අප ස්තලිකසේ වාවන්ය . ඒ අනුව මේ භූමියට පිවිසෙන කිසිදු පුද්ග ලයෙ කුගෙ න් කිසිදු අය කිරීමක් සිදුනොවන අතරම, එම මධ්‍යස්ථානය හරහා සිදුකෙරෙන වැඩසටහන්ව ලටසහභාගී වීමට පවා නොමිලේම පහසුකම් ලබාදෙ යි.
සුපුවත් අරණ ඉදිකිරීමෙ හිලා මූලිකත්වය ගත් ඩැරල් කූඤ්ඤේ පියතුමන් මීට වසර පහළොවකට පෙර පර්චස් 32 ක්වූ පැරණි දවිසමර විදුහල් භූමියට පැමිණෙන්නේ රුපියල් පන්ද හසක් වැනි කුඩා මුදලක් අතැතිවය. එම භූමියේ පැවති පැරැණි ගොඩනැගිල්ල මහල් හතරක් දක්වා ඉදිකර ඇත්තේ ප්‍රදේශයේ ජීවත් වන කතෝලිකයන් ගේ පමණක් නොව බෞද්ධ ප්‍රජාවගේ ද සහයෝගයෙනි. එලෙස ඉදිවූ සුපුවත් අරණ අක්කර 6.5ක් පුරා විහිදී පවතින්නේ ජලය මතුපිට වීමද විශේෂත්වයකි. මනුෂ්‍යයෙ කු මවු කුසේ පිළිසිඳ ගත්දා සිට මෙලොවට බිහිවීම දක්වා ජලයේ හැදිවැඞීම සංකල්පයක් ලෙස ගෙ න ජලය මත ඉදිකර ඇති කුටි මත තුන්සිත ඒකා ග්‍ර කිරීම සිදුවෙ යි.
ව්‍යාපාර ආයතන නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකා වන් ගේ මා නසික ඒකාග්‍රතා පුහුණුකිරීමේ කටයුතුද මෙහි සිදුකෙරෙන අතර, පවුල් සඳහා උපදේශන, විවාහයට
සූදානම් වන යුවළ සඳහා උපදේශන, උසස් පෙ ළ හා සාමා න්‍ය පෙළ විභාග සඳහා පෙනී සිටින ළමයි මා නසිකව සූදානම් කිරීම ආදී කටයුතු මෙ හි සිදුවෙයි. එසේම අසරණ දුගී පවුල්ව ලට උදවු උපකා ර කිරීමත්, දුප්පත් ළමයින් ගේ අධ්‍යාපනය සඳහා උපකාර කිරීමත් සුපුවත් අරණින් සිදුකරන්නේ ප්‍රසිද්ධියකින් තොරවය.
මෙම ස්ථානයේ දේව වචනයේ මෙහෙය පැවැත්වෙන බදාදා දිනයේ සවස බැතිමතුන් තුන් දහසක් පමණ පැමිණෙන අතර, සිකුරාදා දින දෙදහසකට ආසන්න
පිරිසක් පැමිණෙති. භාවනාවෙ න් ප්‍රඥාව කරා පුද්ගලයන් ගේ සිත රැගෙන යෑමට වටපිටාව සකසා දෙන සුපුවත් අරණ භූමිය විවෘතවී තිබෙන්නේ ආගම්, කුල, ජාති භේදයකින් තොරවය කොළඹ නගරයේ සිට කිලෝමීටර් තිහක් පමණ මීගමුව දෙසට ගමන් කරද්දී හමුවන සීදුව නගරයේ පිහිටි සුපුවත් අරණ තුළට පිවිසෙ න අයෙ කුට ප්‍රථමයෙන් දිස්වන්නේ මැටි පිඩක් අතට ගෙන සිටින කුඹල්කරුවෙ කුගේ පිළිරුවකි. මුරකරුවන් හෝ වෙනත් විමසුම්ක රුවන් නොමැති මෙම භූමියේ ඕනෑම අයෙ කුට තම සිත සුවපත් කරගැනීම පිණිස ඕනෑම කාලයක් ගතකිරීමට හැකියාවක් ඇත. ඒ සඳහා සුදුසු නිස්කලංක වටපිටාවක් මෙහි නිර්මා ණයකර තිබේ.
භාවනා වැඩසටහන් හා වෙ නයම් උපදේ ශන වැඩසටහන් සඳහා භාවිතයට ගත හැකිවෙ නමම ශාලා මෙහි ඉදිකර තිබෙන අතර, ජේසුස් වහන්සේගේ උපතේ සිට ගැලවීමේ ගම න දක්වා වන සිදුවීම් අලලා ඉදිකළ සිහිවටනයන් වෙ යි. තවද මරියා මවුන් වෙනුවෙ න් ඉදිකළ ලූර්දු ගුහා වක්ද මෙහි පසෙකින් දිස්වෙයි. ලොව දැකගත හැකි එකම පාවෙන ලී නැවක් මත ඉදිවූ දේවස්ථානය මෙය වන බවද පැවසේ .
ජලය මත ඉදිකර ඇති මෙම භූමියේ සිටින මසුන්, තාරාවුන්, හා වුන් ඔබේ සිතට පහන් හැඟීම් එක් කරනු නොඅනුමානය
ඩැරල් කූඤ්ඤේ පියතුමන් -
"මෙම මධ්‍යස්ථානයෙන් සිදුකෙරෙන්නේ මනුෂ්‍යකමත්, දෙවීකතත්වයත් ඉස්මතු කර පුද්ගලයෙකුගේ අභ්‍යන්තරික ශක්ති ප්‍රමාණයන් ඉස්මතු කර , ඔපමට්ටම් කර සමාජයටත්, තමාටත්, ගෞරවාන්විත වැඩදායී අවංක විශ්වාසවන්ත පුද්ගලයෙකු බිහිකිරීමයි. මනුෂ්‍යයෙකුගේ ජීවිතය භාවනානුයෝගීව
සිටීමෙන් එම පුද්ගලයාගේ තෙවැනි ඇස විවර කිරීමට අවකාශය ලබාදී අනෙකාගේ සිත කියැවීමට උදාවන හැකියාව තුළින් භාවනාමය ප්‍රඥාව අනාවර ණය කිරීමටත්, ඉන් පසු දේව කට හඬ අනාවරණය කර ගැනීමට හැකියාව ලබාදීමට ත් මෙම අරණ තුළ අවකාශය උදාකර දී තිබෙනවා.
අපි මේ ස්ථානයට යන එන කිසිම කෙනෙ කු පරීක්ෂා කිරීමට පුද්ගලයන් යොදලා නැහැ. ඒනිසා ඕනෑම අයෙකුට මෙම ස්ථානයට පැමිණ භාවනානුයෝගීව සිට තමන්ගේ සිත, කය , මනස ඒකා ග්‍ර කරගෙ න නැවත යා හැකියි. අපි ආගම් ප්‍රචාරණය හෝ මුදල් එකතු කිරීමක් මේ හරහා සිදුකරන්නෙ නැහැ. මේ ස්ථානය ගොඩ නැගුණෙ ත් මේ ප්‍රදේශයේ පැවැති ආගමික සහජීවනය මතයි. අදටත් ඒ සහජීවනය මේ ස්ථානය තුළ රැකගෙන තිබෙනවා.