ඩිස්නිලන්තයේ හීන දුටු දවසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-09-ent-70

ඇමරිකාවේ චිකාගෝ නුවර, හර්මෝසා පළාතේ උපන් වෝල්ටර් ඊලියාස් වඩාත් පි‍්‍රය කළේ චිත‍්‍ර ඇඳීමටය. හැකියාව තිබුණත් අවශ්‍ය පහසුකම් ඔහු සතුව නොවීය.

2017-02-09-ent-76වෝල්ටර් චිත‍්‍ර ඇඳීමට තෝරා ගත්තේ නිවසේ කොටසක වූ කුඩා මඩුවකි. චිත‍්‍ර අඳින්න උත්සාහ ගන්නා සෑම මොහොතකම මඩුවේ සිටි මීයකු වෝල්ටර්ට බාධා කරන්න විය. බාධා ඉවසන්න බැරි වූ තැන වෝල්ටර් කරදරකාර මීයා සිතුවමට නැගීය.

පළමුවෙන් ‘ස්ටීම් බෝට් විලී’ යනුවෙන් ද ඉන් පසු ‘මිකී මවුස්’ ලෙස ද සුප‍්‍රසිද්ධ කාටූන් චරිතය බිහි වූයේ එලෙසිනි. සිත්තරා වෝල්ට් ඩිස්නිය. ඇමරිකාවේ පමණක් නොව මුළු ලොවේම කාටූන්කරණයේ පුරෝගාමියා වීමට වෝල්ට් ඩිස්නි අවසානයේදී සමත් වූයේය.

සම්මානනීය පුද්ගලයෙකු වූ වෝල්ට් ඩිස්නි අපූරු චරිත රැුසක් ලොවට දායාද කළේය. මිකී මවුස්, ඩොනල්ඞ් ඩක්, මිනී මවුස්, ගූෆි, චිප් ඇන්ඞ් ඬේල්, ඩම්බෝ, බැම්බි, ආදී චරිත අදටත් සදා අමරණීයය. තම සොහොයුරු රෝයි සමඟ එක්ව වෝල්ට් ඩිස්නි පිහිටවූ ‘ඩිස්නි සමාගම’ අද අතිශයින් ලාබ ලබන ඇමරිකන් චිත‍්‍රාගාරයකි.

ඩිස්නි සමාගම විසින් නිර්මාණය කරනු ලැබූ ‘සින්ඩරැුල්ලා’, ‘මූලන්’, ‘ටාර්සන්’, ‘බියුටි ඇන්ඞ් ද බීස්ට්’ සහ ‘ජංගල් බුක්’ ආදී චිත‍්‍රපට ද අලූතින්ම නිර්මාණය වූ මෝආනා’ ද අතිශයින් ජනපි‍්‍රයය. ස්පයිඩර් මෑන්, හල්ක්, අයන් මෑන්, තෝර් ආදී චරිත බිහි කළ ‘මාවල්’ චිත‍්‍රකතා සමාගමේ ‘මාවල් ස්ටුඩියෝස්’ චිත‍්‍රාගාරයේ අයිතිය අද ඇත්තේ ද ‘ඩිස්නි සමාගමටය.

ඩිස්නි සමාගම ඔවුන්ගේ චරිත සහ චිත‍්‍රපටවල ඇති තේමා යොදා ගනිමින් තේමා උද්‍යාන පවා නිර්මාණය කර ඇත. මේවා ඩිස්නි තේමා උද්‍යාන වෙයි. ජපානයේ - චිබාහි, උරයාසු පළාතේ ටෝකියෝ නුවරට නුදුරින් පිහිටි ටෝකියෝ ඩිස්නිලන්තය හෙක්ටයාර් 47 ක් පුරා විසිරී පැතිරුණු තේමා උද්‍යානයකි. මෙය විවෘත කෙරුණේ 1983 වසරේ අපේ‍්‍රල් 15 වැනිදාය. අද වනවිට මේ ‘ඩිස්නි ලෑන්ඞ්’ තේමා උද්‍යානයට වසර 33 කි. ඇමරිකාවෙන් පිට ඉදි කළ පළමු ඩිස්නි තේමා උද්‍යානය ද මෙය වෙයි.

ටෝකියෝxඩිස්නිලන්තයේ ප‍්‍රධාන පිවිසුම් දොරටුව පිහිටා ඇත්තේ මහීමා දුම්රිය පොළ සහ ටෝකියෝ ඩිස්නිලන්ඞ් දුම්රිය පොළ ඉදිරියේය. ඇමරිකාවේ - ෆ්ලොරීඩාවේත්, කැලිෆෝනියාවේත් ඇති ඩිස්නි තේමා උද්‍යානවලට නොදෙවැනි අයුරින් ටෝකියෝ ඩිස්නිලන්තය නිර්මාණය කෙරුණ අතර ඇමරිකාවේ තේමා උද්‍යාන ඉදිකළ ඩිස්නි සමාගමේම ඉන්ජිනේරුවන් සහ ජපන් ඉන්ජිනේරුවන්ගේ මහන්සිය ඊට මුසුවිණ.

ටෝකියෝ ඩිස්නිලන්තයේ හිමිකාරත්වය ඇත්තේ ‘ඔරියෙන්ටල් ලෑන්ඞ්’ නමැති සමාගමටය. නඩත්තු කිරීම් සියල්ල ද ඔවුහු කරති. මේ සමාගම වෝල්ට් ඩිස්නි ‘මවගෙන්’ ටෝකියෝ ඩිස්නි උද්‍යානයේ අයිතිය ලබා ගෙන පවතී. කෙසේ නමුත් ඩිස්නි කාටූන් චරිත, තේමා ආදී සියල්ල තවමත් ඇත්තේ ඩිස්නි සමාගම යටතේය.

ටෝකියෝ ඩිස්නිලන්තය විවිධ තේමා 7 කට වෙන් කර තිබේ. ඒවා නම් ‘වර්ල්ඞ් බසාර්’, ‘ඇඞ්වෙන්චර් ලෑන්ඞ්’, ‘වෙස්ටර්න් ලෑන්ඞ්’, ‘ෆැන්ටසි ලෑන්ඞ්’, ‘ටුමෝරෝ ලෑන්ඞ්’, ‘කි‍්‍රටර් කවුන්ටි’, සහ ‘මිකීස් ටූන් ටවුන්’ ය.

ඩිස්නි කාටූන් චරිත, ඩිස්නි චිත‍්‍රපටවලින් කරළියට ආ චරිත ඇසුරින් මේ උද්‍යාන පිරී පවතී. පීටර් පෑන්, ස්නෝව් වයිට්, පියාඹන අලි පැටියා, ‘ජම්බෝ’ ආදී චරිත ඇසුරින් නිර්මාණය වූ තේමා ලොකු - කුඩා කා අතරේත් ප‍්‍රසිද්ධ වී ඇති තරම කෙසේ නම් ලියා විස්තර කරම්ද ?

සෙසු ඩිස්නි තේමා උද්‍යාන මෙන් නොව, බොහෝ දෙනා පවසන්නේ ටෝකියෝ ඩිස්නි ලන්තය හොඳින් ඉඩකඩ ඇති තැනක් කියාය. 2013 වසරේ දී ටෝකියෝ ඩිස්නි ලන්තය නැරැුඹීමට පැමිණි පිරිස මිලියන 17 කැයි පැවැසෙයි. ඒ අනුව ලොව වැඩිම නරඹන්නන් පිරිසක් පැමිණි තේමා උද්‍යානය ලෙස ටෝකියෝ ඩිස්නිලන්තය වාර්තා අතරට එක්ව සිටී. ඩිස්නි තේමා උද්‍යාන අතරින් වැඩිම ආදායමක් උපයන තේමා උද්‍යානය වන්නේ ද ටෝකියෝ ඩිස්නි ලන්තයය.

ඇඟ කිළිපොලා යන අධික ශීතල ද නොතකා ටෝකියෝ ඩිස්නිලන්තයට ගිය ගමන විටෙක සිහි කරන්නේ සුරංගනා ලෝකයකට ඇතුළුවූවා වැනි හැඟීමකි. පුරා දවසක්ම එහි සැරිසැරුව ද බැලීමට බොහෝ දේ ඉතිරිව පැවැතිණි.

ටෝකියෝ - ඩිස්නිලන්තයට ඇතුළුවීමේ ගාස්තුව ශ්‍රී ලංකාවේ මුදලට සාපේක්ෂව අතිශය ඉහළ අගයක් ගනී. ‘ගණන සැර වුණත්’ එහි බලන්න ඇති දෑ බොහෝය. ටෝකියෝ - ඩිස්නිලන්තය තුළ අපතේ යැවීමට එක මිනිත්තුවක්වත් නැති තරම්ය. එක් අන්තයක් බලා අනෙක් පැත්තට එන විට එහි දැක බලා ගත යුතු දේවල් අනන්තය. අප‍්‍රමාණය.

ඩිස්නිලන්තය දරුවන්ට පමණක් පෙන්විය යුතු තැනක් ලෙස ඇතැම් ශ්‍රී ලාංකීකයන්ට සිතෙන්න පුළුවන. සත්‍යවශයෙන්ම ඩිස්නිලන්තය අත දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම නරඹන ස්ථානයක් බවට පත් කිරීමට ගෙන ඇති වෑයම කොතරම් අපූර්වද?

පැරීසියේ මෙන්ම චීනයේ-කැන්ටන්හි ඩිස්නිලන්තය ද සංත‍්‍රාශය, භීතිය, කුතුහලය, නරඹන අයට නොඅඩුව දෙන සතුටෙහි - සොම්නසෙහි පාරාදීසයන්ය. ටෝකියෝ ඩිස්නිලන්තය පියවරක් පෙරට තබා ඇත්තේ ලොව හැම ඩිස්නිලන්තයකම ඇති විශේෂාංග ඊට එක් කිරීමට ගෙන තිබෙන අතිශය අසීරු වෑයම හරහාය.

ලොව අනෙකුත් ඩිස්නිලන්තවල මෙන්ම ටෝකියෝහිදී ද ‘ඩිස්නි මනරම් රැඟුම්’ සහිත පෙරහර නැරැඹිය හැකිය. දහවල් 2.30 පමණ වනවිට ඩිස්නිලන්තය පුරා සැරිසරන සියලූම දෙනා පෙරහරට ඉඩ දී දෙපස වාඩි වී බලා සිටින්නේ මිහිපිට අතිශය විචිත‍්‍රවත් දර්ශනය නැරැඹීමටය. නෙත් පිනවන වර්ණවත් විශේෂාංගවලින් සුපෝෂිත ‘‘ටෝකියෝ ඩිස්නි පෙරහර’’ සමස්ත ජපානයටම ඉමහත් අභිමානයක් ගෙන නොදෙන්නේ යයි කවරක් නම් පවසයිද?

ලෝකයේ බොහෝ ඩිස්නිලන්තවල කරක් ගසා ඇති ලියුම්කරුට ටෝකියෝ ඩිස්නිලන්තය තවත් නවමු අත්දැකීමක් ගෙන ආවේය. එහි විචිත‍්‍රත්වය ලිපිය කියවන පාඨකයන්ගේ ද කතුහලය තීව‍්‍ර කරන අයුරින් ලිවීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේය. එහෙත් ඔබ අසා ඇති සුරංගනා කථා බොහොමයක් එකතු කළ විට ටෝකියෝ - ඩිස්නිලන්තය සිහිනෙන් ගෑ සුවඳක් සේ මනසේ මවා ගැනීමට හැකිවනු නොඅනුමානය.

 

(ජපානයේ - ඉබරාකි නගරයේ ඒ.එෆ්. හල්වාන් සහෘදයාට විශේෂ ස්තුතිය පිරිනැමේ)

දිනිත් චින්තක කරුණාරත්න

ඡායාරූප දිනිල් හස්මිත කරුණාරත්න

 

2017-02-09-ent-69
2017-02-09-ent-68
2017-02-09-ent-71
2017-02-09-ent-72
2017-02-09-ent-73
2017-02-09-ent-74
2017-02-09-ent-75
2017-02-09-ent-67