ජනප්‍රවාදයන් රජකරන රාවණා ඇල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-02-ent-09

ඇල්ල -වැල්ලවාය මාර්ගයේ(A23) 21වෙනි කිලෝමීටර් කනුව අසල රාවණ ඇල්ල පිහිටා ඇත. උසින් මීටර් 25ක් (අඩි 82) වන මෙහි ජල මූලාශ්‍රය කිරිඳි ඔය වේ. පහසුවෙන් ළඟාවිය හැකිවීම, සුන්දරත්වය හා ජනප්‍රවාද නිසා මීට විශාල සංචාරක ආකර්ශණයක් පවතියි.

මේ ඇල්ල අසලම රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයත්, දෝව පුරාණ විහාරය හා රාවණා රජු විසින් සීතා කුමරිය සැඟවූ සුප්‍රසිද්ද ගල් ගුහාවද මේ ආසන්නයේදී දැකගත හැකිය. ජනප්‍රවාද අනුව මෙම ගුහාව ඔස්සේ ඇති මාර්ග දෙකකින් දෝවෙ විහාරස්ථානයට සහ නුවරඑළියට ළඟා විය හැකි බවපැවසේ.

රාවණා ඇල්ලේ දිය නෑමේදී සහ වර්ෂා සමයේදී ඉතාම ප්‍රවේසම් විය යුත්තේ මෙම දිය ඇල්ලේ ජල මට්ටම වැඩි වන්නේ එක්වරම නිසාවෙනි. ඒ හේතුවෙන් සහ අවධානම් ලෙස ඇල්ල තරණය කිරීමට ගොස් දෙස් විදෙස් ජීවිත හානි කිහිපයක්ම මෙහි සිදුව තිබේ. එමෙන්ම මෙම ස්ථානයේදී ඔබේ මුදල් පසුම්බි සහ වටිනා දෑ පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. එහිදී විශේෂයෙන්ම ඇල්ල නැරඹීමට සහ ස්නානය සඳහා පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා මෙහි යොදවා සිටින පොලිස් නිලධාරී මහත්වරුන් ඉටුකරන සේවය මහත්සේ පැසසිය යුතුමය.

 

සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල්

 

2018-11-02-ent-07 2018-11-02-ent-08  2018-11-02-ent-10