ජනප්‍රවාද රැසක් සැඟව තිබෙන 'බහිරව කන්ද'
බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ වැඩ සිටින සෙංකඩගල මහනුවර නගරය දෙස්-විදෙස් සංචාරයන්ගේ ප්‍රධාන සංචාරක ඉසව්වකි. නමුත්, මහනුවර ප්‍ර‘දේශයේ සංචාරයෙහි නිරතවන බොහෝ දෙනෙකු එම ප්‍ර‘දේශයේ සංචාරය කිරීමට තිබෙන ඉසව් පිළිබඳව දැනුම්වත් භාවයකින් තොරය. එහි යන සෑම කෙනෙකුම උත්සාහ ගන්නේ දළදා මාලිගාව වැඳපුදාගෙන, නුවර වැව වටේ රවුමක් ගොස්, ඒ අවට තිබෙන ආපනශාලාවකින් කුස පුරවාගෙන පේරාදෙණිය මල්වත්තට ගොස් විනෝද වන්නටය. නමුත්, මෙම පූජණීය නගරයේ තවත් සුන්දර වූ ස්ථාන රාශියක් සැඟව තිබේ. මෙවර "තරුණයා" සංචාරය තුළින් ඔබව අප රැගෙන යන්නේ එවන් වූ සුන්දර ඉසව්වක් වෙතය.
දළදා මාලිගාව ඒ අවට පිහිටි ඓතිහාසික ස්ථානයක් ලෙස "බහිරව කන්ද" හඳුන්වාදිය හැකිය. ශ්‍රී දළදා මාලිගාවේ සිට කිලෝමීටර් 02ක් පමණ නුවර නගරයේ සිට ඉහළට ගමන් කරන විට "බහිරව කන්ද" හමුවෙයි. මහනුවර නගරයට අඩි 650ක් පමණ උසින් පිහිටා තිබෙන රමණීය කඳුගැටයේ වර්තමානය දක්නට ලැබෙන්නේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත දෙනෙත් යොමා වැඩ සිටින දැවැන්ත වූත්, අතිවිශාල වූත් බුද්ධ ප්‍රතිමාවකි. වර්ෂ 1972 අම්පිටියේ ධම්මාරාම හිමියන්ගේ අනුදැනුම මත බහිරව කන්දේ ඉදිකළ දැවැන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ ශ්‍රී මහා බෝධි විහාරය විවෘත කර තිබෙන්නේ 1993 වර්ෂයේදී හිටපු ජනාපධිපතිවරයෙකු වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි. මේ වනවිට බහිරව කන්ද ශ්‍රී මහා බෝධි විහාරය නමින් හැඳින්වෙන මෙම විහාරස්ථානය ජාත්‍යන්තර බෞද්ධ සම්බන්ධතා පවත්වන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ.
%බහිරව කන්ද^ යන වාමය ව්‍යවහාර වීම ඉතා රසවත් කතා කිහිපයක් පදනම්ව නිර්මාණය වී තිබේ. එම සෑම ජනප්‍රවාදයක්ම මහනුවර රාජධානිය දක්වා දිවයනු ඇත. මහනුවර රාජධානිය ආරම්භ වන්නේ i වන විමලධර්මසූරිය රජුගෙනි. මොහුගෙන් පසුව ක්‍රම‘යෙන් සෙනරත් රාජසිංහ, ii වන විමලධර්මසූරිය, වීරපරාක්‍රම, නරේන්ද්‍රසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජදි රාජසිංහ, ශ්‍රී වික්‍රමරාජසිංහ ආදී රජවරුන් විසින් සිංහාසනය හොබවන ලදී. මෙම රාජ වංශයේ කුමන හෝ රජකෙනෙකුගේ කාලයේදී බිළි පූජා ආරම්භ කරන්න ඇතැයි සිතිය හැක. එවැනි බිළි පූජාව පැවැත්වීමට හේතු ලෙස සැලකෙනුයේ නොයෙක් නොයෙක් කාලවලදී ඇතිවන දුර්භීක්ෂ භය, ජල ගැල්ම, ඉඩෝරය, නියන් සාගත ඇති නොවීමටත්, ජනතාවට සෞභාග්‍ය හා නිරෝගීභාවය ලබාගැනීමත්ය. එම දුර්භීක්ෂය ආරම්භ වන අතරතුර රජු විසින් රාජ සභාව කැඳවා මෙයට පිළියම් සෙවීමේ ක්‍රමය පුරාතනයේ සිටම පැවත එන සිරිතකි. ඒ අනුව මෙකලද කුමන හෝ රජු කෙනෙකුන් විසින් රාජ සභාවේදී ඉහත ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේදැයි විමසූවිට රජුගේ ප්‍රධාන පුරෝහිත තෙමේ රජුට මෙලෙස උපදෙස් ලබා දී තිබේ. &මහ රජතුමනි, මෙවැනි දුර්භික්ෂයක් ඇති වන්නේ සාගත, ජල ගැලීම්, නියං වැනි බහිරව යක්ෂයා කෝපවීමෙනි. මෙම පොළෝ තලය උසුලාගෙන ඉන්නේ ඔහුය. එම නිසා අපි මෙම බහිරව යක්ෂයා සතුටු කරන්නට නම් ඔහුට බිල්ලක් දිය යුතුයි. එම බිල්ල මෙම ඉසව්වේ සිටින (රජ බල ප්‍ර‘දේශය තුළ) සුන්දරම කුලුඳුල් කන්‍යාව සොයා ගෙවිත් ඇයව සතියක් දිවා රාත්‍රී සඳුන් පැණින් නාවා දින 7ක් ඉක්මගිය පසු ඇයව මරා දැමිය යුතුයි* යනුවෙනි. මරා දමන පිළිවෙළද ඔහු විසින්ම ප්‍රකාශ කරන්නට යෙදුනි. දින 7 ඉක්මගිය පසු ශ්‍රී දළදා මාලිගයට මුහුණලා ඇති කඳු ගැටය මුදුනට පෙරහැරින් රැගෙන ගොස් එහි ඇති ගසක ගැට ගසා පූජා පවත්වා ඇයව තනිකොට ආයුතු යැයි පවසා ඇත.
මේ අනුව පූජාව වර්ෂයක් පාසා පවත්වාගෙන යන අතරතුරදී එක්තරා රජ සමයක %වැලිකල මැණිකේ^ නමින් යුක්ත කන්‍යාව තෝරාගන්නා ලදී. එතුමිය දුණුවිල නිලමේ සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ. ඒ කාලයේදී දුණුවිල නිලමේ යම් කාරණයක් නිසා රජු විසින් රජවාසලින් නෙරපා සිටි අයෙකි. ඒ නිසාම වැලිකල මැණිකේ බිළි පූජාව සඳහා තෝරා ගැනීමට සිදුවිය.
දුනුවිල නිළමෙට කළයුතු දෙයක් නොමැති බැවින් ඔහු විසින් කුමරියට අවසර ලබාදී ඇත. ඉහත සඳහන් ආකාරයෙන් සතියක් ශ්‍රී දළදා මාලිගාවේ කැපකර මේ කඳුමුදුනට පෙරහරින් ගෙනවිත් ගසකට ගැට ගසා සියලු දෙනා ආපසු ගමන් අරඹා ඇත. වටින් ගොඩින් කළුවර වැටීගෙන එද්දී දුණුවිල නිළමේද කටුගස්තොට සිට හොර රහසින්ම කඳු මුදුනට පැමිණ සියලු ආයුධවලින් සන්නද්ධව සැඟවී සිටි බවත් මොහු ආ බව මැණිකේ දැන සිට ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.
හරියටම රාත්‍රී 12 වනවිටම යක්ෂයා පැමිණ කුමරි වටේ තුන්වාරයක් පැදකුණු කොට හූ තුනක් තබා ඇත.(මෙම හූ හඬ ඇසෙන තෙක් රජු රාජපුරුෂයනුත්, සියලු නගර වැසියනුත් මහ මළුවට වී සිට හූ හඬ ඇසුණු විට රජු විසින් ශ්‍රී දළදා මාලිග පත්තිරිප්පුවේ සිට ජනතාවට අපගේ ප්‍රජාව යක්ෂයා විසින් පිළිගත් බවත් අද සිට ජනතාව කිසි කරදරයක් නැතිව හැම රාජකාරිය නිරතවන ලෙසත් රාජ ආඥාව කළ පසු සියලු දෙනා විසිර ගොස් ඇත.) ඒ සමගම නිළමේ මැදට පැන යක්ෂයා සමග යුද්ධ කොට යක්ෂයා මරාදමා පසුදා පාන්දරම රජ මාලිගයට ගොස් රජුට මේ බව ප්‍රකාශ කර තිබේ. රජු, රාජපුරුෂයන්ද සමග පැමිණ බැලූ විට යක්ෂයා ලෙසින් මැරී ඇත්තේ තමාගේ ප්‍රධාන පුරෝහිතයා බව හඳුනාගෙන තිබේ.
එදා සිට මෙම බිළි පූජාව රජු විසින් නතර කර ඇත. පුරෝහිත යා යක්ෂාවේශයෙන් පැමිණ හූ හඬ තබා රජු ඇතුළු මිනිසුන් නින්දට ගිය පසු කන්‍යාව දූෂණය කර මරාදමා ඇත. පුරුද්දක් වශයෙන් පුරෝහිතයාගෙන් මෙම සූක්ෂම වැඩපිළිවෙළ කරගෙන ගොස් තිබේ. එදා කන්‍යාව ගෙන ආ පාර අද %කොළඹ වීදිය^ නමින් හඳුන්වනු ලැබේ. බහිරව යක්ෂයාට බිළිදුන් කන්ද නිසා බහිරව කන්ද යන නම ජනප්‍රවාදයෙන් පැවත එයි.
මෙහි තවත් කතාවක් ඇත. එනම්, රාජ උදහසට ලක් වී මරණීය දණ්ඩනය පමුණුවන ලද සොරුන්, මිනීමරුවන් ඉහත සඳහන් කොළඹ වීදිය දිගේ රතුපාටින් සරසවා රතුපාට මල්මාලා පලඳවා පෙරහැරින් ගෙවිත් මෙම ස්ථානයේ ඇති කටුබෙරය ඇතුළට රිංගවා (කටු බෙරය වනාහි දෙපැත්තේ පියන් ඇති ප්‍රමාණයෙන් විශාල ඇතුළත අඩියක් පමණ දික්වූ වටේම උල් ඇති බෙරයකි.) එය කඳු මුදුනේ සිට පෙරලා මරණ දඬුවම පමුණුවා ඇත. එවිට එම බෙරය විශාල කටු කැලයක නවතී. එසේ කටු කැලයක මෙම බෙරය නැවතුන නිසා %කටු කැලය^ නමින් එම ප්‍ර‘දේශය හඳුන්වා ඇත. වර්තමානයේ එම ප්‍ර‘දේශය %කැටු කැලය^ නමින් හැඳින්වේ.
තවද, මෙම ස්ථානය පණිවිඩ හුවමාරු කරවන ස්ථානයක් ලෙසද යොදාගෙන ඇති බව ඓතිහාසික තොරතුරුවලින් හෙළිවේ. මහනුවර රාජධානිය යටත්කර ගැනීම සඳහා නොයෙක් ආක්‍රමණිකයෝ පැමිණියහ. පෘතුග්‍රීසින්, ලන්දේසි හා ඉංග්‍රිසීන් ඒ අතර ප්‍රධාන වේ. මොවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් අපේ සිංහල රජවරු සූදානමින් සිටියහ. ඒ සඳහා ඔවුන් නොයෙක් උපක්‍රමභාවිත කර තිබේ. ඒ උපක්‍රම අතරින් කඳුමුදුන්වල සිට ඔත්තු බැලීම ප්‍රධාන තැනක් ගනියි. කඩුගන්නාව, බතලගල කන්ද, ගන්නොරුව කන්ද සහ මෙම බහිරවකන්ද යන කඳුමුදුන්වල දිවා රාත්‍රී රාජ පුරුෂයන් ගැවසී සිට ඔත්තු බලා එය රජ මාලිගයට ඒ මොහොතේම දන්වා ඇත. මොවුන් අනුගමනය කළේ මුලින්ම බතලගල කන්දේ සිටින අය එහි සිට මෙම කඳුමුදුනුට විදියි. මෙම ස්ථානයේ සිටින අය එය නැවත මෙතැන සිට රජ මාලිගයට විදිනු ලබයි. මෙම පණිවුඩය ඉතා කෙටි කාලයක් තුළදී රජුට ලැබේ. ඉහත තත්ත්වයන් යටතේ එකල පැවැති තීක්ෂණ බුද්ධිය යොදවමින් මෙයාකාරයෙන් මෙන්ම ස්ථානය පණිවිඩ හුවමාරු ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙසද යොදාගෙන ඇති බව පැහැදිලි වේ. ඉහත සඳහන් තොරතුරු නිසා මෙම ස්ථානය පෞරාණික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් උසුලයි.
මෙම භූමිය පිළිබඳව කතා කරන විට වර්තමාන ශ්‍රී ලංකාවේ ඇති සුන්දරම ස්ථාන යැයි කීවොත් එය නිවැරදිය. පේරාදෙණිය සිට කඩුගන්නාව දක්වා විහිදී ඇති මහනුවර නගරයේ නොපෙනෙන තැනක් නැති තරම්ය. ඒ සියලු දෙයටම වඩා ශ්‍රී දළදා මාලිගය සිට පිටතට පැමිණෙන විටම ඈතින් දිස්වෙනු ලබන්නේ මෙම පිළිම වහන්සේය.
එපමණක් නොව, සොබා සෞන්දර්ය නැරඹීමට පැමිණෙන දෙස-විදෙස් සංචාරකයන් සඳහාද බහිරව කන්ද ඉතා අනර්ඝ සංචාරක තෝතැන්නකි. මෙම ඉසව්වට ගිය පසු මහනුවර නගරය ඉතා අනර්ඝ ලෙස දිස්වේ. එහි සිට බලන විට හාත්පසින් දක්නට තිබෙන්නේ, එකින් එක යා වුණු කඳු පන්තිය. එහි වැඩ සිටින පිළිම වහන්සේගේ පිටුපසින් එහි ඉහළටම ගමන් කිරීමට හැකියාව ලැබේ. ඉහළටම ගිය විට නුවර නගරයේ ඉතා දැකුම්කුළු දර්ශනයක් දැකගැනීමට අවකාශය ලැබේ. කඳු මුදුනේ නිසසලව වැඩ සිටින බහිරව කන්ද බුද්ධ ප්‍රතිමා වහන්සේ, මුළු නගරයටම ගෙන එන්නේ ශාන්ත වූත්, පිවිතුරු වූත් බුදු ගුණ සමුදායකි.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර / සුපුන් සම්පත්