කොළඹට තිතට ගැලපෙන බේකරි ජොයින්ට් හතක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ කියන්න යන්නෙ බේකරි ටිකක් ගැන. මේ බේකරි ඔබ හඳුනා නොගත් බේකරි වන්නට බැහැ. අපේ කතාව ලේසියට ගෙදර ගාව බේකරියකින් පාන් බනිස් අරගන්න අයට තමුන් පෙර විඳි රස මතක් කරන්නටත්, ඔබට තවමත් මේ බේකරි මගහැරී තිබෙනවානම් එයටද මෙය අවස්ථාවක් කරගන්න. කොළඹ ඇත්තන්ට පහසුවෙන් රසවිඳිය හැකි මේ අවන්හල්වලින් ඇතැමක් කොළඹින් පිටතටද ගොස් තිබෙනවා. මෙම අවන්හල්වලින් ඔබට මගහැරුනු ඇතැම් ආහාර වෙත්නම් මේ ආරාධනාව ඒවාද විදින්නටයි. කාර්යබහුල මිනිසාගේ ගමනාගමනය අතරතුර ඔවුන්ගේ කුස පුරවන දහසකුත් එකක් බේකරි ජොයින්ට් වෙත මෙම සටහන උපහාරයක් වේවා!

 

2018-06-26-ent-06

2018-06-26-ent-05

පොෂ් කඩයක්. ගාන ටිකක් වැඩියි. හැබැයි රසයි. ඒ වගේම වෙනස් රසයක් සහ ඔබ බොහෝ ආහාරවල විඳ පුරුදු පදම සහ මතුපිට විඳීම වෙනස් විදියකට අත්දකින්නට බ්‍රෙඩ් ටෝක් කදිමයි. රුපියල් හැටට තියෙන ෂුගර් ඩෝනට් එක නියමම විඳීමක්. හැබැයි ඉතින් එකක් කාලා එන්න හිතාගෙන යන්නනං එපා. දැන් ගානත් ටිකක් වැඩි කරලා. හිතනවට වඩා පොඩියි. කඩල ත්‍රිල් එකකුත් තියෙනවා. නම චික් පී ඩිලයිට්. රසම රසයි. කේක් ජාතිවල නම් නුහුරු ටෙක්ස්චර් එකක් දැනුණත් රෝල්ස් වගේ සේවරි අයිටම්ස්වලට බ්‍රෙඩ් ටෝක් කියාපු කඩේ. පාක් වීදියෙ, යුනියන් ප්ලේස් එකේ, නුගේගොඩ, මහරගම වගේ තැන්වල බ්‍රෙඩ් ටෝක් තියෙනවා. නිදහසේ ඉන්න වගේම හොඳ සේවාවක් ලබන්නත් පුළුවන් තැනක්.

 

 

 

2018-06-26-ent-07

2018-06-26-ent-13

කොල්ලුපිටියෙ වගේම ලංකාවෙ බොහෝ තැන්වල තියෙන බේකරි ජොයින්ට් එකක්. සාමාන්‍ය ජනයාගෙ අපේක්ෂිත මට්ටමට වඩා වැය පස වැඩි වුනත් ෆැබ් එක කියන්නෙ රස නහර පිනවන්න සමත් අවන්හලක්. ෆැබ් එකේ ක්‍රිස්පි චිකන් රෝල් එක ෆැබ් එක ගැන කියනකොට සඳහන් කළ යුතුමයි. කට්ටිය බර්ත්ඩේ කේක් අරගන්නත් ප්‍රසිද්ධම තැනක් විදියට ෆැබ් එක තෝරගෙන තියෙනව. බේකරි කියන එක අස්සෙන් ටිකකට දෙයක් මතක් කරන්නම කියල රස දිව බලකරනවා. ඒ තමයි ෆැබ් එකේ රසම රස ලම්ප්රයිස්. කතාවෙන් පිටපැන්නට සමාවෙලා බේකරි අයිටම්ස් ගැන කතාකළොත් මට්න් පයි එක, චිකන් බර්ගර් එක ගැනත් හොඳ කියන්නම පුළුවන්. ඒ හැම එකක්ම ඉවරවෙලා කට කූල් වෙන්න බොන්න රසම රස අයිස් කොෆී එකක්.

 

 

 

2018-06-26-ent-08

2018-06-26-ent-14

බේකරි ටයිප් වැඩක් ගැන කතා කරද්දි කේක් කෑල්ලක සුපිරි රස වගේම නියම වටේ ක්‍රන්ච් මැද සොෆ්ට් සනීපයක් දැනෙන බේකරි රසක් තියෙන කඩයක් ගැනයි කියන්න යන්නෙ. බේකරි අයිටම් තියෙන අනිත් කඩ එක්ක සසඳලා බලද්දි මේකෙ ගනං මිනුං නං ටිකක් වැඩි පැත්තට තමයි බර. උදේ හතේ ඉඳන් ඕපන්. මිනිස්සුන්ගෙ වැඩි ආසාව තියෙන්නෙ චිකන් රෝල්ස්වලට. එයාලම හදපු අමුතු සෝස් එකත් වැඩේට නියමෙට සෙට් වෙනවා. ඒක කාලා ආමන්ඩ් කිරි එක බිවුවනං සැප තමයි. තවත් අය චීස් සොසේජ් බන් එකටත් ආස විත්තිය කියනවා.

 

 

 

2018-06-26-ent-09

2018-06-26-ent-15

පිටකොටුවෙ පැගෝඩා එකෙන් රෝල් එකක් කාපු මනුස්සයෙකුට රස රෝල් එකක් තෝරගන්න ඕන කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. ග්‍රීන් කැබින් එකේ තියෙන්නෙත් ඒ රෝල්මයි. බේකරි අයිටම්ස් කන්න නං මහ ගානක් යන්නෙ නෑ. බත් කන්නත් පුළුවන්කමක් තියෙනවා. පේස්ට්‍රිවලට තමයි ඊලඟට ප්‍රසිද්ධ. ඒ ප්‍රසිද්ධකම ඇතුළෙ කෙටි ආහාරවලට තියෙන ඉඩ අති විශාලයි. ඒ නිසා අනිවාර්යෙන්ම කෙටි කෑමක් හපන්න ග්‍රීන් කැබින් හොඳම විකල්පයක්.

 

 

 

2018-06-26-ent-10

2018-06-26-ent-16

ගාළු පාරෙ යනෙන මිනිහෙක් උදේට කෙටි කෑමක් කනවනං වැල්ලවත්තේ පොලීසියෙන් ගාල්ල පැත්තට වෙන්න තියෙන බේකරියකට ඇතුළු වෙනවා. ඒ මොකද්ද? කියල ඇහුවොත් ගාළුපාරෙ යනෙන රහට කන්න ඕන මනුස්සයෙකුගේ මුල්ම උත්තරේ වෙන්නේ රෝයල් බේකරිය. නියම රස සොසේජ් බන්, පුංචි පීසා, නියම සේවරි පේස්ට්‍රි, චිකන් සහ මට්න් පේස්ට්‍රි කන්න රෝයල් බේකරිය තරම් තවත් තැනක් නෑ. අතට පහසු ගානකට නියම රසට කන්න මේ කඩේට හොයාගෙන ගියත් පාඩු නැහැ.

 

 

 

2018-06-26-ent-11

2018-06-26-ent-17

මේ නං ඉතින් හැම තැනම තියෙන තැනක්නෙ. හොඳට බඩ පැලෙන්න කෑම කන්න පුළුවන් අඩු ගානකට. බීෆ් බන් එක තමයි මෙතනින් රසටම දිව සනහන්නෙ. ඊට අමතරව ප්ලේන් ඩෝනට් එකෙත් හොඳ රහක් තියෙනවා. බඩත් පිරෙන්න, ලේසියෙන්ම කන්න පුළුවන් කෑම එක තමයි ඇපල් කේක් එක. ඇපල් කේක් එකේ රසත් හොඳටම හොඳයි. ඔය ඔක්කොම අස්සට අයිස්ඩ් කොෆී එකේ තියෙන රසත් මතක් කරන්න ඕනමයි.

 

 

2018-06-26-ent-12

2018-06-26-ent-18

ඔන්න පුතෝ ටිකක් ගනං වැඩි ඒත් ඊට හපං රස තියෙන බේකරියක්. උදේ හයේ ඉඳන් රෑ අට වෙනකං ඇරලා තියෙනවා. වචනේ පරිසමාප්ත අරථෙන්ම පාන් ජාති කන්න නං කියාපු තැන. සැන්ඩ්විචස් සහ සබ්මැරීන්ස්වල තියෙන්නෙ පුදුම රසක්. හැබැයි ඉතිං හදිස්සියෙ කන්න බෑ. හැබැයි හදලා දෙන්න විනාඩි විස්සක් විතර යාවි. අපි කියන්නං මෙහෙම. සබ්මැරින්ස් රසයි. පොඩි ළමයෙකුට කන්න නියම රස චීස් සැන්ඩ්විචස් පෙළත් හොඳයි.

 

Text – The Rattle Snake

ඡායාරූප - www.zomato.com