කොළඹ අවටින් අයිස්ක්‍රීම් කන්න ජොයින්ට් හතක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-07-30-ent-37

2017-08-08-ent-11 2017-08-08-ent-12

Il Gelato

අපේ කතාව යන්නෙ කොළඹ හතේ, සිනමන් ගාඩ්න්ස්වල තියෙන අයිස්ක්‍රීම් කඩේ බ්‍රාන්ච් එකත් එක්ක. ගණන් ටිකක් වැඩි වුණාට නිස්කලංක තැන. ඒ වගේම විවිධ රසින් සහ එකතුවෙන් සුසැදි අයිස්ක්‍රීම් පිරිලා. සමහර අයිස්ක්‍රීම්වල කප්එක කන්නත් පුළුවන්. සමහර ඒවා කන්න ලෝබයි. ඒ තරං ලස්සනයි. දෙන්නෙකුට රුපියල් දාහක විතර වියදමෙන් ගොඩයන්න පුළුවන් තැනක්. නිල් පාට අයිස්ක්‍රීම් කෝන් එකක් තියෙනව පෆී කියල. ඒකට කට්ටිය හුඟක් කැමතියි.


 

 

2016-07-30-ent-382017-08-08-ent-13 2017-08-08-ent-14 2017-08-08-ent-15

Carnival Ice Cream

කොල්ලුපිටියෙ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට එහා ඉඩමෙ තියෙන නියම රදළ ක්‍රෙම් වලව්වක් ඇතුළෙ තියෙනව රස ගුලාවක්. නම වගේම ඒක ඇතුළ කානිවල් එකක සැපට දෙවෙනි නෑ. බඩ පැලෙන්න අයිස්ක්‍රීම් පාරක් දාන්න දෙන්නෙකුට රුපියල් දාහක් යාවි. ඒ වගේම තෝරාගන්නවිශේෂ සහ ප්‍රමාණයන් මහ ගොඩකුත් කානිවල් එක ඇතුළෙ තියෙනවා. ඩබල් චොකලට් චිප්, හේසල්නට් රසට ගොඩක් අය කැමතියි කියලත් මතක් කරන්න ඕන.


 

 

2016-07-30-ent-39

2017-08-08-ent-16 2017-08-08-ent-17

Baskin Robbins

කොල්ලුපිටිය ඇතුළුව තැන් දෙක තුනකම තිබුණට අපි ගියේ යුනියන් ප්ලේස් එකේ ජොයින්ට් එකට. වැටිල ඉන්න කියාපු තැන. රස තිස් එකක් තියෙන පිටරට බ්‍රෑන්ඩ් එක ලංකාවට ඇවිල්ල ටික කාලෙකින්ම ප්‍රසිද්ධ වුණාට මොකද මිල ගණන් ටිකක් වැඩි නිසා කට්ටිය නම් යන්නෙ හොරාට වගේ තමයි. කොට්න් කැන්ඩි, බ්ලැක් කරන්ට්, ත්‍රී චියර්ස්, චොකලට් වගේ ඒවා අති ප්‍රසිද්ධයි. ගාණට හපන් රස. රස වැඩි නිසාම ගාණ එච්චර ගාණක් නැති වෙලා යනවා. දෙන්නෙකුට කන්න ෂේප් එකේ දාහක් විතර වියදම් වේවි. ඇත්තටම ඉතිං මෙතන තියෙන හොඳේ තමයි මේක අයිස්ක්‍රීම් එකක් කන්නම කියාපු ප්ලේස් එකක් වීම.


 

 

2016-07-30-ent-40

2017-08-08-ent-18 2017-08-08-ent-19

Rio Ice Cream

යාපනය, මීගමුව වගේ පැතිවලිනුත් කෑවට කොළඹ අවට ජොයින්ට්ස් හොයන නිසා අපි ෆීචර් කරන්නෙ වැල්ලවත්තෙ රියෝ එක. කිරි රසෙන් පිරිච්ච අයිස් ක්‍රීම්වලට වැඩ කෑලි ගොඩක් දාලා තියෙන නිසා, එක දවසකින් කාලා ඉවර කරන්න වෙන්නෙ නෑ. කොච්චර ගියත් ආසාව නැති වෙන්නෙත් නෑ. දෙන්නෙකුට හොඳට අයිස්ක්‍රීම් කන්න රුපියල් හයසීයක් විතර යාවි. බ්ලූබෙරි සන්ඩේ එකට තමයි ගොඩක් කට්ටියගෙ හිත. සෙනඟ ටිකක් වැඩි වුණාට, කිරි පිරිච්ච අයිස්ක්‍රීම් එක්ක අඹ හැපි හැපි ෆෘට් සැලඩ් කන්න ආයෙත් ආයෙත් හිත ඉල්ලනවා.


 

 

2016-07-30-ent-41

2017-08-08-ent-20 2017-08-08-ent-21

SNOG

මෙතන ෆ්‍රෝසන් යෝගට් තියෙන තැනක්. තියෙන්නෙ බම්බලපිටියෙ. ඒ වුණාට මොකද ෆ්‍රෝසන් යෝගට් එකත් ටිකක් අයිස්ක්‍රීම් වගේ. ඒ වගේම ෆ්‍රෝසන් යෝගට් එකට වඩා රස අයිස්ක්‍රීම් යෝගට් ජාති ගොඩක් මෙතන තියෙනවා. කට්ටිය මෙතන විදියට ආස වුණාට මොකද හැමෝටම සුබදායී අත්දැකීමක් නැති වුණු පාටයි. අහපු අහපු හැමෝම කිවුවෙ එතරම් සුබදායී කතා නෙමෙයි. ගොඩක් දුරට පැණි රස අඩු අයිස්ක්‍රීම් එකක රසක් තමයි එන්නෙ. මහ ගාණක් යන්නෙ නම් නෑ.


 

 

2016-07-30-ent-42

2017-08-08-ent-22 2017-08-08-ent-23

Elephant House Hub

බම්බලපිටියෙ මැජෙස්ටික් සිටියෙ ෆුඩ්කෝට් එකේ කොනක තියෙන මේ කඩේ අයිස්ක්‍රීම්වල එලිෆන්ට් හවුස් පෙට්ටියෙ එන අයිස්ක්‍රීම්වලට වඩා හොඳ බර රසක් තියෙන බව නම් අත්දැකීමෙන් කියන්න පුළුවන්. තමන් කැමති රසෙන් අයිස්ක්‍රීම්, මැංගෝ ටැංගෝ වගේම කුකී ක්‍රීම් එකක් වුණත් රස බලන්න කියාපු තැන. ගණන් හොඳටම ෂේප්. රස ඉහටත් උඩින්.


 

 

2016-07-30-ent-43

2017-08-08-ent-24 2017-08-08-ent-25

Frozen

හයිඩ් පාක් කෝනර් එකේ ආපිකෝ එක ඇතුළෙ තියෙනමේ කඩේ පීනට් බටර් චොකලට් එකයි, බෙල්ජියන් චොකලට් එකයි අයිස්ක්‍රීම් විදියට කාලා බලනව නම් මරු. දෙන්නෙකුට කන්න දාහකට අඩුවෙන් තමයි වියදම. පැෂන්ෆෘට් අයිස්ක්‍රීම් එකකුත් කන්න තිබුණ නම් හොඳයි. අපි නම් කාලා දැන් ටිකක් කල් වෙන නිසා කෝකටත් ආයෙ ගිහිල්ලම හොඳ නරක බලන්න සිද්ධ වෙනවා.

 

Pix – The Lord Google/ Shops them Selves / Zomato.com / Yamu.lk