කොළඹ අවට පීසා ජොයින්ට්ස් 07 ක්
ලංකාවෙ අපි ඉතාලියට වඩාත්ම සමීප වෙන්නෙ මොනවයින්ද ඇහුවොත් පැස්ටා, පාතාල කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම් වගේ උත්තර පරදවලා අපට ලැබෙන පිළිතුරක් තියෙනවා. ඒ තමයි පීසා කියන්නෙ. ලංකාවෙ මිනිස්සු පීසාවලට ලොකු කැමැත්තක් තියෙනවා. පීසා ආරේ ආහාර බොහෝ රටවල ආහාර සංස්කෘතීන් ඇතුළෙ සැඟවිලා තියෙනවා. අරාබියේ, ස්පාඤ්ඤයේ, ඉන්දියාවේ වගේම ලංකාවේ ලුණු මිරිස් අතුල්ලලා හදන පොල් රොටියෙත් පොඩි පීසා ස්වරූපයක් තියෙනවා. අපේ මේ පාර කතාව හැමදාම පීසා කන පීසා හට් සහ ඩොමිනෝස් වෙනුවට කොළඹ අවටින් පීසා කන්න හොඳ ජොයින්ට්ස් හතක් ගැන.
Arthur's Pizza
මැච් බලබල පීසා කන්න තියෙන, බඩගිනි වෙන අමුතු අඳුරු වටපිටාවක් සහිත, කොළඹින් චුට්ටක් ඈත තියෙන ප්ලේස් එකක් තමයි මේ ආතර්ගේ පීසා කඩේ. ගල්කිස්සේ අති සුප්‍රකට සිංහ කටට එහා පැත්තෙ තියෙන මේ පීසා කඩේ කොටු දාන බීමත් තියෙනවා. හැබැයි අපි කතා කරන්නෙ පීසා ගැන. මිල ගණනින් අඩු, චීස්, බේකන්, බිත්තර පිරිච්ච ලංකාවෙ අපට හුරු කට දැවිල්ලට, රසට හදපු පීසා වගේම චිකන් එක්ක නයි මිරිස් දාපු දැවිල්ල වැඩි පීසා වුණත් මෙතන තියෙනවා. ඒ වගේම මිල ගණන් ඉතාමත් අඩුයි.
Giovanni's
තිඹිරිගස්යායෙ ජ්‍යෝවානීස් කියන්නෙ රස පීසා කනව නම් යන්න ඕනම තැනක් විත්තිය හැම මනුස්සයම කියන දෙයක්. මේ දේ කටින් කට ගිහින් මෙතනට ඇදෙන සෙනග තවත් වැඩි කරන්නට මේ සටහන හේතු වේවා! මොකද මනුස්සයෙක් පීසා කන්න ආස නම් ඒ ආසාව දෙගුණ තෙගුණ කරවන්න පුළුවන් තැනක් තමයි මේ. යූටියුබ් එකේ දැකල තියෙනවද පීසා රොටිය හදන වැඩකාරයොන්ගෙ වීඩියෝ. අන්න ඒ විදියට කඩේ ඇතුළෙම හදන රොටිය, නියම Authentic විදියට දර උදුනක පිච්චෙනවා. ඒ පිච්චෙන්නෙ රස කරන කුළුබඩු වගේම අඩුම කුඩුම, එක එක රසට හදපු මස් වර්ග, එළවළු, චීස්, පුරෝගෙන. ඒ නිසා ගාණ නම් පොඩ්ඩක් වැඩියෙන් දැනෙන්න පුළුවන්. හැබැයි %සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා^ කියලත් හිතේ තියාගන්න.
Harpo’s Pizza
කාලා එළියට ඇවිත් %කෑම නම් හාපෝ^ කියන්න වෙන්නෙ නැති කඩයක් තමයි මේ. නුගේගොඩ වගේම කොළඹ ග්‍රෙගරි පාරෙත් තියෙනවා. දුම් ගහපු චිකන් වගේම බීකන්, සැමන්, චීස් වගේ දේවල් පිරිච්ච පීසා වර්ග කන්දක් මේ කඩෙන් තෝරාගන්න පුළුවන්. මෙයාලගෙ පීසා රස වෙන ප්‍රධානම හේතුවක් තමයි අති ජනප්‍රිය දේවල්වලට අමතරව මදි නොකියන්න දාන අඩුම කුඩුම. මීකිරි, සුදුලූනු වගේ පීසාවලට දානව කියල අහල නැති දේවලුත් දාලයි මෙයාලගෙ කෑම හැදෙන්නෙ. මොසරැල්ලා චීස් ලොකුවට දාලා හදන පීසා, රසට සරිලන ගාණකට විකුණන නිසා හාපෝගේ පීසා කඩේට එන සෙනග වැඩියි.
Peppers
අපි මේ කියන්න යන්නෙ පිටරටවල %වන් ඩොලර් පීසා^ සංස්කෘතියට ලංකාවෙ හැදිච්ච, හදිසියට පීසා වෙජ් එකක් කාලා දුවන්න පුළුවන් ටයිප් එකේ කැෂුවල් කඩයක් ගැන. පිහිටලා තියෙන්නෙ අතිශය සෙනග පිරුණු මැජෙස්ටික් සිටියෙ ෆුඩ්කෝට් එකේ. දැන් ඉතිං වන් ඩොලර් පීසා සංස්කෘතියට තියෙනව කිවුව නිසා රුපියල් 150 ට පීසා කන්න යන්න එපා. අපි මෙතන සඳහන් කරන අනිත් කඩ තරම් මහා රසක් නැතත්, චීස් පුරෝලා ඒ මොහොතට බඩයි, හිතයි පිරෙන්න කන්න පුළුවන් අඩු මිල කඩයක් තමයි මේ. මෙතනට හොඳ සෙනඟක් එනවා.
Cafe Michelangelo
මේ නම දාලා තියෙන්නෙ අර චිත්‍ර ඇඳපු මනුස්සයාගෙ නම තියෙන අදහසින්ම තමයි. මයිකල් ආන්ජලෝ චිත්‍ර ඇතුළෙ වෙනස් විඳීම් හෙවුව වගේම මේ පීසා කඩේ අය පීසා ඇතුළෙ වෙනස් විඳීම් හොයනවා. ඉතිං මේ කඩෙන් වෙනස් රසවල පීසා කන්න පුළුවන්. ගණන් අඩු වැඩි වශයෙන් තියෙන මේ පීසා කඩේ, පොල් සම්බෝල පීසා වගේ වෙනස් රසයන් පීසා බේස් එකට හදලත් තියෙනවා. මේක තියෙන්නෙ නාවල. පීසාවල වෙනස් රසයන් හොයනවා නම් අනිවා මෙතනට යන්න.
Dolce Italia
මෙයාලගෙ ප්‍රසිද්ධ වුණේ පොලිස් පාර්ක් එක ඉස්සරහ තිබුණු කඩේ වුණත්, දැන් තියෙන්නෙ ස්කෙල්ටන් පාරෙ. ඩොල්ස් ඉතාලියා කියන්නෙ පුංචි පුංචි ඉතාලි කෑම පිරිච්ච තැනක්. ගණන් චුට්ටක් විතර වැඩි වුණත් විදේශයන්ගෙන් ගෙන්වන අඩුම කුඩුම දාලා රන් කරන කඩයක් විදියට බැලුවොත් මේ ගණන් සාධාරණයි. මෙතන පීසා වගේම කෝපි වර්ගත් තියෙනවා. ඔරිජිනල් ඉතාලි රස අතරේ, ලංකාවෙ අපට හුරු රසයනුත් මේ පීසා ජාති අතරෙ තියෙනවා.
Il Ponte
හිල්ටන් එකට අයිතියි කියල කිවුවම මේක බලන්නෙ නැතුව යන්න එපා. හොඳටම ඉතාලි පැත්තට බර වගේම, සිස්ටම් එකේ හැටියට ටිකක් විතර වැඩි ගණන්වලට යන ප්ලේස් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම නියම ඉතාලි අත්දැකීමක් ලබන්න මේ අවන්හල කදිම ස්ථානයක් බවත් කිව යුතුමයි. නමුත් මිල ගණන්වලට සාපේක්ෂව ඉතා ඉහළ ගුණාත්මක, ප්‍රණීත ආහාර වගේම ඉතා සුහදශීලී සේවයකුත් මෙතනින් ලැබෙනවා.
Text – The Rattle Snake
Pix – The Lord Google