කොළඹ අවට තේ ජොයින්ට් 7ක්
කට්ටිය කෝපි කඩ එහෙමත් නැත්තං කොෆි ෂොප්වලට කොච්චර ආස වුනත් ලංකාවෙ අපි තාම හොයන්නෙ තේකක් තමයි. ඉතිං මේ කියන්නෙ කොෆි ෂොප් වැහිවැහැපු කොළඹ නගරෙ තේකක් බොන්නම කියාපු තැන්වලින් එකක්. හැබැයි මේ කඩ ටික සාමාන්‍ය පෙට්ටි කඩ නෙමෙයි වගේම මිළ ගණනිනුත් ටිකක් ඉහළ කඩ බව හිතේ තියාගන්න වෙනවා. අපි මීට කලින් ලියපු බබ්ල් තේ කඩ ටික මේකට අයිති වෙන්නෙ නැති වුනත්, මේ තේකඩ වලිනුත් වෙනස්ම රසයක් අත්දකින්න පුළුවන් වේවි.
Dottie's English Tea Room
ටික දවසක් වහලා තිබුනු ඩොටීගේ ඉංග්‍රීසි තේ කඩේ ආයෙත් සති අන්තයේ විවෘතයි. ඉදිරියේදි සතියට දින හයක් විවෘතව තිබීමට නියමිත මේ තේ කඩෙන් ඉස්තරම් රස තේ වර්ග වගේම රස වෑහෙන චොකලට් බ්‍රවුනී වගේ කෑම ජාති කන්න පුළුවන්. මිළ ගනං ටිකක් වැඩියි. ඒ වුනත් වික්ටෝරියානු පෙණුමැති කාමරයක විවිධ වර්ගයේ රස කෑම කන්නත් තේ බොන්නත් කියාපු තැන තමයි මේ. මේකෙ රෝස තේක නම් බීලා බලන්න වටිනවා.
Dilmah t-Lounge
උණු හා ශීත කරපු තේ බොන්න කදිම තැනක් විදියට ඩිල්මා තේ කඩේ හඳුන්වන්නට පුළුවන්. ඩොටීගෙ තේ කඩේ තරම් ඉහළ මිළ ගණන් නැතත් මෙතනත් සැළකිය යුතු ඉහළ මුදලක් තේකක් වෙනුවෙන් ගෙවන්නට සිද්ධ වෙනවා. විවිධ රසයෙන් තේ බොන්නට පුළුවන්කම මෙතනදී ලැබෙනවා වගේම විවිධ පන්නයේ පැණිරස වගේම කට දැවිල්ල ආහාර ගන්නත් මේ තේ කඩයේදී හැකියාව තියෙනවා.
Heladiv Tea Club
පරණ ඕලන්ද රෝහල් සංකීර්ණයේ එහෙමත් නැත්තං ඩච් හොස්පිට්ල් එකේ තියෙන මේ තේ කඩේ තේ කොක්ටේල්වලට කියාපු කඩයක්. ජින්, වොඩ්කා, ට්‍රිප්ල් සෙක්, හෙළදිව් සවර්සිප් තේ, දෙහි හා සෝඩා තියෙන තැප්‍රොබානා අයිස් තේ එකක් වගේ බොන්න මේක කියාපු කඩේ. අතුරුපස වගේම තව කෑම ජාතිත් කන්න තියෙන මෙතන හොඳට කන්න බොන්න දෙන්නෙකුට දෙදාහකට උඩින් වියදමක් යන බව නං කියන්න පුළුවන්.
Rama's Tea House
හැරී පොටර් හොග්වාට්ස්වලින් ගිහින් රොන් එක්ක බීපු බටර් බියර් තියෙන කඩයක් හොයනවනං මේ තමයි තැන. රාමාගෙ තේ කඩේ තියෙන පාර්ලිමේන්තු වටරවුම කිට්ටුව ගාව තියෙන මේ කඩේ ගනං හිලවු ටිකක් වැඩි වුනත් බීම වර්ගනම් හරිම රසයි. කෑම වර්ග ගැනනම් ලොකුවට හොඳක් කියන්න නැතත් මෙතනට ගිහින් බලන්න වටින නිස්කලංක ප්ලේස් එකක්.
Tea Avenue
බාන්ස් ප්ලේස් එකේ තියෙන මේ තේ කඩේ විශේෂම දේ තේ නෙමෙයි. ඒ තමයි ෆෙරෝ ලැවිෂ් එක තමයි ඒක. ඒ නිසා ඒක අතුරු පසක් විදියට අත්හදා බලන්න ආරාධනා කරන ගමන්ම තේ කතාව කියන්නම්. පෙණුම හොඳයි, කෑම හොඳයි. ඒ හැමදේටම වඩා මෙතන තේ හොඳයි. නියම වොෆල්ස් වගේම තෝරාගන්නට තේ වර්ග මහ ගොඩක් මෙතන තියෙනවා. අයිස් තේ, ග්‍රීන් තේ, ලාටේ, හර්බල් තේ, ගෙදර හදන තේ, කිරි තේ ඔක්කොම එකම වහලක් යටින්.
Euphorium
මෙතනනං ඉතින් තේ විතරයි. කෑම නෑ. ඕනංන බිස්කට් එකක් ලැබේවි. මෙතන නැගලම යන බීම එක තමයි තේ සෝඩා එක. තේ කොල මිලදී ගන්නත් පුළුවන්. උණුවෙන් හෝ ශීත කළ තේ බොන්නට මේ තැන කදිමයි. පොඩි තැනක් වුනාට ලස්සන තැනක්. ඒ නිසා ආදරවන්තිය එකක් තේ එකක් තොල ගන්නත් කදිමයි.
Tea Breeze
මේ කඩේ කෑමත් තියෙන බීමත් තියෙන තැනක් වගේම ඒ දෙකම රසට තියෙන තැනක්. තැනත් හොඳයි. ගානත් ෂේප්. පැණිරසට කන්න වගේම දැවිල්ලටත්, බඩ පිරෙන්නත් කෑම තියෙන මේ කඩේ තේ ටැන්ටලයිසර් යටතේ මින්ට් තේ, අයිස් තේ, ඇපල් තේ, අඹ තේ, ස්ට්‍රෝබෙරි තේ වගේ තෝරාගන්නට පුළුවන්. ලංකාවේ ඒ ඒ පැතිවලට අදාලවත් තේ වර්ග තෝරාගන්නට හැකියාව තියෙනවා.
Text – The Rattle Snake
Tips and Pix – The lord Google and Zomato.com