කොල්ලන්ට HIT වෙච්ච බිකිනි කෝපි
අමෙරිකාවේ ඇරිසෝනා ප්රාන්තයේ තියෙන මේ අවන්හලේ නම වෙන්නෙ බිකිනි බින්ස් එක්ස්ප්රසියෝ. මෙතන සේවය කරන්නෙත් ලස්සන කෙල්ලන් විතරයි. ඔවුන් හැමෝම ඒ ගොල්ලන්ගෙ රාජකාරි කරන්නෙ බිකිනියෙන් සැරසිලයි.
සීතල දැනෙන හැන්දෑවක උණුසුම් කෝපි කෝප්පයක් බොන්න තියෙනවා නම් කොහොමද? බටහිර රටවල්වල කෝපිවලට තියෙන්නෙ හොඳ ඉල්ලුමක්. එතනත් කළුකෝපිවලට තමා තැන තියෙන්නෙ. කළුකෝපි පානය කිරීමත් එක්තරා විදිහක සංස්කෘතියක්. බැරිස්ටා කියන වෙළඳ නාමය මේ වෙනකොට ලෝකය පුරාම පැතිරිලා තියෙනවා. ලංකාවෙත් බැරිස්ටා අවන්හල්වලට ගොඩවෙලා කළුකෝපි පානය කරන උදවිය ඕනෑතරම් ඉන්නවා. මේ කියන්නෙ ඒ වගේ බැරිස්ටා අවන්හලක් ගැන. මේ අවන්හල අනික් අවන්හලවල්වලට වඩා හුඟක් සුවිශේෂීයි. මොකද මේ අවන්හලේ කෝපි පිළිගන්වන්න ඉන්නෙ තරැණියන්. තරැණියන් කෝපි පිළිගන්වන එක පුදුමෙකට කාරණයක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ අවන්හලේ සේවය කරන තරැණියන් ඉතා විශේෂ වන්නේ ඔවුන් සියලුම දෙනා සැරසී සිටින්නේ බිකිනි වලින් වීම හින්දයි.
අමෙරිකාවේ ඇරිසෝනා ප්රාන්තයේ තියෙන මේ අවන්හලේ නම වෙන්නෙ බිකිනි බින්ස් එක්ස්ප්රසියෝ. මෙතන සේවය කරන්නෙත් ලස්සන කෙල්ලන් විතරයි. ඔවුන් හැමෝම ඒ ගොල්ලන්ගෙ රාජකාරි කරන්නෙ බිකිනියෙන් සැරසිලයි.
“මෙතෙක් ඔබ රස විඳි කෝපි රසෙන් අඩු ඇයි දැයි පැමිණ බලන්න* යන තේමාව යටතේ ඒ අය තමන්ගේ මේ කෝපි අවන්හල කරගෙන යනවා. කාන්තාවන් මේ විදිහට බිකිනි වලින් සැරසිලා ඉන්නවා දැකීමෙන් ආහාර රැචිය වැඩිවෙනවා කියලත් මේ අවන්හලේ හිමිකාරිය වන කාලි ජෝ කියනවා. මේ අවන්හල් මෑතකදී පටන්ගත්තුව නෙවෙයි. බිකිනි බැරිස්ටා කියලා කියන්නෙ බිකිනියකින් හරි ඉතා කෙටි යට ඇඳුමකින් සැරසිලා කෝපි පිළියෙළ කරන හා පිළිගන්වන පුද්ගලයන් සිටින තැනක්. මේක මුලින්ම හඳුන්වල තියෙන්නෙ අමෙරිකා එක්සත් ජනපදයෙයි. ඒ 2000 අවුරැද්ද මුල් කාලයේදී .1980දී. මීටම සමාන අවන්හල් චිලී රටේ හා ජපානයේ තිබිලා තියෙනවා. මේ කෝපි අවන්හල් වල ශාඛා බහුලව දකින්නට ලැබෙනවා.. මේ කෝපි අවන්හල් දාමයේ පළමුවැනි අවන්හල Natte Latte නමින් 1999 නොවැම්බර් මාසයේ මේරී කේලර් විසින් විවෘත කර තිබෙනවා. රෝස පැහැති ක්රීඩා ඇඳුම් ඇඳගත් සේවකයන් තමයි එහි සේවය කරලා තියෙන්නෙ. ඉන් පසුව 2003 අවුරැද්දෙ cow girls expresso යනුවෙන් පළමු ශාඛාව වොෂින්ටනයේ විවෘත කරලා තියෙනවා. බිකිනි බැරිස්ටා ඉතා වේගයෙන් පැතිර ගිය අවන්හල් දාමයක්. තරැණ කාන්තාවන් විසින් සිත් ගන්නා ඇඳුම් ඇඳ මෙහි සේවය කරපු නිසා එම කාන්තාවන් ද ඉතා ජනප්රිය වුණා. එහෙම වැඩ කරපු ජනප්රියැතරැවක් බවට පත්වුණු කෙනෙක් තමා ලෝරා මැගී කියලා කියන්නෙ.
මේ කෝපි අවන්හල් මතභේදවලටත් තුඩුදීලා තියෙනවා. ප්රදේශවල හිටපු පදිංචිකරැවන් මේ කෝපි අවන්හල් ගැන පැමිණිලි කරලා තියෙනවා. ඒකෙ ප්රතිඵලයක් විදිහට දේශීය අධිකරණය මේ අවන්හල් ඇතුළෙ කෙරෙන කාර්යයන් යම්කිසි පාලනයක් ඇතුව කරන්න කියලා තියෙනවා. මොකද මෙතන කෝපි අලෙවි කරන මුවාවෙන් ශෘංගාරාත්මක දේවලුත් සිද්ධ වෙනවලු. වැඩිපුර මුදල් අරගෙන මෙහි සේවය කරන සේවිකාවන්ව අල්ලන්න ජායාරෑප ගන්න ඉඩදීලා තියෙනවා. ඒ වගේ දේවල් සිද්ධ කරපු කෝපි අවන්හල් කිහිපයක්ම තාවකාලිකව වසා දමන්න නියෝග කරලා තියෙනවා. එක කෝපි අවන්හලකට දඩ මුදලක් ගහලා තියෙනවා ඒ කෝපි අවන්හලේ සේවිකාවන්ගේ ඇඳුම නිසා.
කොහොම හරි තාම අපේ රටේ නම් මේ වගේ අවන්හලක් විවෘත වෙලා නෑ. මේ වගේ ඇඳුම් ඇඳගත් ලස්සන කෙල්ලන් යොදා ගෙන මේ වගේ අවන්හලක් විවෘත කරන එක ගැන ඉතින් දෙතුන් පාරක් හිතන්න වෙනවා. ඒ මොකෝ දන්නවද කෝපි බොන්න අකමැති අයපවා මේ වගේ කාන්තාවන් ඉන්නවා නම් කෝපි බොන්න කියලා යන්න පුළුවන්.
Text - Thanu