කැලේ පුරා පට්ට fun Jeep Tour



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-23-ent-37

මේ සැරේ අපි ඔයාව එක්ක යන්නෙ ජීප් ට්‍රැවල් එකක්. ඒ ජීප් ට්‍රැවල් එක හඳුන්වන්නේ Offtrek Camping and Adventure කියලා. මේ ජීප් ට්‍රැවල් එක පටන්ගත්ත හැටි ටිකක් අමුතු කතාවක්. යාළුවෝ ටිකක් එකතුවෙලා fun එකට කරපු දෙයක් තමා අන්තිමට ව්‍යාපාරයක් වුණේ. හරියටම කාලය කිව්වොත් හරියටම අවුරුද්දක් වෙනවා. වාහන අටකින් තමා දැන් මේ වැඩේ යන්නෙ. 

Booking එකක් දාගන්නනම් අඩුම තරමේ හතර දෙනෙක් එකතු වෙන්න ඕනෙ. හුඟක් වෙලාවට ගමන පටන් ගන්නෙ නුවර ස්ටේෂන් එකෙන්. රන්ගල, හාතලේ, වැවතැන්න, නකල්ස්. ඒ තමා අපේ ටුවර් එකේ camping location වෙන්නෙ. අපි Offtrek සඳහා පාවිච්චි කරන්නෙ fully customized වාහන. ඔයාලට කැමති විදිහට පැකේජ් එකක් හදාගන්න පුළුවන්. යාල යන්න ඕනිනම් අපි ඔයාලව යාල එක්කන් යනවා. අන්න එහෙමයි අපි තැනේ හැටියට වෙනස් වෙන්නෙ.  අපිත් එක්ක ටුවර් යද්දී ඔයාලට අරන් එන්න ඕනෙ සීතල අඳින ජර්සි එකක් විතරයි. අනෙකුත් අවශ්‍ය හැමදේම පැකේජ් එකට ඇතුළු වෙනවා. ඒ වගේම Real BBQ පාටියක් ඔයාලට ලෑස්ති කරලත් දෙනවා. අපි හිතන විදිහට මේ වගේ ට්‍රැවල් එකක් ලැබෙන්නෙ Offtrek Camping and Adventure team එකෙන් පමණයි. ඒ වගේම camping කරද්දී අපි හැමදාම එකම තැන තෝරගන්නෙ නෑ. ඒ තැන් තෝරාගන්නෙ ඔයාලා එක්කමයි. ඒකත් අමුතුම අත්දැකීමක්. ඔයාලට Offtrek යන්න හොඳ වාහනයක් තියෙනවානම් අපිට පුළුවන් ඔයාලව එක්කන් යන්න. Hiking, camping, waterfall tracking කියන පැකේජ් සියල්ල අපි ළඟ තියෙනවා. 

ඉතින් ඔයාලටත් පුළුවන් Offtrek Camping  and Adventure team එකත් එක්ක එකතුවෙලා වෙනස්ම විදිහේ සුන්දර අත්දැකීමක් ලබාගන්න.ස්තූතියOfftrek Camping and Adventure team

 

► Channa Kassapa Koralearachchi

 

2019-05-23-ent-31 2019-05-23-ent-32 2019-05-23-ent-33 2019-05-23-ent-34 2019-05-23-ent-35 2019-05-23-ent-36  2019-05-23-ent-38 2019-05-23-ent-39 2019-05-23-ent-40 2019-05-23-ent-41 2019-05-23-ent-42 2019-05-23-ent-43 2019-05-23-ent-44 2019-05-23-ent-45 2019-05-23-ent-46