කාලා බීලා නාලා සින්දුවක් කියන්න යමු ගල්කිස්සට
සති අන්තය එනකම් බලන් ඉන්න set එකක් ඉන්නවනේ කාලා බීලා නාලා සින්දුවක් කියලා චැට් එකක් දාලා life එක enjoy කරන්න බලාගෙන ඉන්න. අන්න එහෙම ඉන්න ඔයාලත් එක්ක අද අපි යන්නෙ ලස්සන මුහුදු වෙරළකට. ගල්කිස්ස මුහුදු වෙරළට අපි ගියේ එක ඉරිදාවක. ඉරිදාට එතන වෙනම සතුටු සාගරයක්. ඉර අහසට සමුදෙන්න ඔන්න මෙන්න සැර අව්ව නිවිලා යන නිස්කාන්සුවේ මුහුදු වෙරළ කියන්නෙ සිහින උපද්දන පාරාදීසයක් කියලා මට හිතුණේ ගල්කිස්ස මුහුදු වෙරළේ අපි කට්ටිය තනිවෙච්ච ඒ ඉරිදා හැන්දෑවේ. හීන-හීන අතරේ පාවෙන්න හිතෙනවනම් සැර රසට බයිට් එකක් එක්ක, ඒ කිව්වෙ මිරිස් රහ ඉස්සො වඩයක් එක්ක හිතට fit මොන මොනව හරි තොල ගාන්න කට්ටිය ගැන් පිටින් එන තැනක් තමා ගල්කිස්ස මුහුදු වෙරළ. කබානාවක පොඩ්ඩක් ගිමන් හරින ගමන් මුහුදු වෙරළේ, රළ ගහන මුහුදු රුල්ලේ චමත්කාරය මදි නොකියන්න විඳින්න හිතුණොත් එන්න නියම තැනක් තමා මෙතන.
අද වගේම එදත් මේ මුහුදු තීරය විචිත්රයි. සුන්දරයි. ඒවා පතපොතවලත් ලියැවිලා තියෙනවා. විදේශිකයො ලෝකය පුරා ගල්කිස්ස වෙරළ ගැන ප්රචාරය කළා.
හෙලයේ මහාගත්කරැ මාර්ටින් වික්රමසිංහ ශූරීන් ගල්කිස්සේ වාසය කළ කාලයේ එතුමාද සිය පවුලේ සාමාජිකයන් සමග හිරැ බැස යන හැන්දෑවේ ගල්කිස්ස වෙරළ තීරයේ සුන්දරත්වය විඳගත් අපූරැව උපන්දා සිට ග්රන්ථයේ ලියල තිබුණා. හිරැ බැස යන හැන්දෑව මෙන්ම තරැ නැග එන, සඳ පායන හැන්දෑවද අසිරිමත් දසුනක් බව ගල්කිස්ස සයුරැ තෙර සැඳෑ සුවය විඳින්නට හුරැපුරැදු වූවන්ට අරැමයක් නොවේ.
කට්ටිය මුහුදු වතුර නාන්නත් මෙතෙන්ට එනවා හුඟක් වෙලාවට නිවාඩු දවස්වලදී. ඇතිවෙනකම් මුහුදු වතුර නාලා කාලා බීලා දවසක් වුණත් ගෙවන්න හිතෙනවා මෙතන වැඩිය සැරට ඉර අව්ව නැති දවසකදීනම්. මොකද කියන්නෙ එනවද දවසක... ඇවිල්ලම බැලුවොත් තමයි හොඳ රහ කොහොමද කියලා. එන සතියෙත් කොහෙ හරි ඇවිදින්න යමු walk 111 අපිත් එක්ක.
Text and pic – Channa Kassapa Koralearachchi