කල්ලඩි පාලම යට සින්දු කියන මාළුවෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-05-ent-262

කෝච්චිය කොටුවෙන් පටන් ගන්නේ උදේ 6.05ට. නගරාන්තර සීඝ්‍රගාමී කිව්වාට ඒ තරම්ම නගරාන්තරත් නෑ. කොළඹ ඉඳලා තියෙන ගොඩක් ස්ටේෂන්වල නවත්තනවා. ටිකට් නම් කලින් වෙන් කරගන්න ඕන. උදයදේවී කෝච්චියෙන් එහෙනම් අපි මේ යන්න ලෑස්ති වෙන්නේ මඩකලපු සිරිය බලන්න. අද විශේෂයෙන්ම යන්නේ කල්ලඩි පාලම බලන්න. කපුගේ මහත්තයා නිසා මහත් රසිකාකර්ෂණයක් දිනාගත්ත කල්ලඩි පාලම තරම්ම ජනප්‍රිය පාලම යට සින්දු කියන මාළුවෝ බලන්න.

2017-04-05-ent-259කොළඹ කොටුව, මරදාන, ගම්පහ, පොල්ගහවෙල, කුරැණෑගල, මහව හංදිය, කලාවැව, කැකිරාව, පලුගස්වැව, ගල්ඔය හංදිය, හිඟුරක්ගොඩ, පොළොන්නරැව, මනම්පිටිය, වැලිකන්ද, පූනානි, වාලච්චේන, එරාවූර් ඔන්න ඊට පස්සේ මඩකලපුව. මේක පැය 8කට ආසන්න දුම්රිය ගමනක්. ලෙහෙසි නෑ. ඒත් මඟ දිගට දකින්න තිබෙන අපූරැ දසුන් එක්ක එද්දී ඒ වෙහෙස දැනෙන්නේ නෑ. මඩකලපුවට ඇවිල්ලා මඩකලපුවෙන් කල්ලඩි පාලම බලන්න යන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගොඩබිම් මාර්ගය. ඒ කියන්නේ මඩකලපුව නගරයේ ඉඳලා කාත්තන්කුඩි නගරය දෙසට යද්දී අපි මඩකලපුව (සැබැවින්ම මඩකලපුව කලපුව) උඩින් යන්නේ මේ සුවිසල් පාලම උඩින්. අනිත් මාර්ගය තමයි මඩකලපුව තිබෙන දැනට අත්හැර දමා ඇති ප්‍රදීපාගාරය ළඟට ගිහින් එතැනින් බෝට්ටුවක් කුලියට අරගෙන ඒ මඟින් මේ ගමන මුහුදු මාර්ගයෙන් යන එක. මේ බෝට්ටු සේවාව නම් අතිශයින්ම මිල අධික එකක්. කල්ලඩි පාලම ළඟට සංචාරකයෙක් එක්කාගෙන යන්න ඔවුන් රැපියල් තුන්දහසකට වැඩි මුදලක් අය කරනවා. මුහුදු මාර්ගයෙන් යන්න තියෙන එකම තැන මේක. මඩකලපුව මහ නගර සභාව දැනුම්වත්වලු මේක කරන්නේ. කොහොම හරි, අපි අද යන්නේ හැමෝම යන ගොඩබිම් පාරෙන් නෙවෙයි. මඩකලපුව කලපුවේ කරදිය සුළං මැදින් වතුර උඩින්.

නැගෙනහිර පළාත් කොඩියේ සළකුණු තුනක් තියෙනවා. ඒවායින් එකක් තමයි මාළුවා. ඉන් සංකේතවත් කරන්නේ නැගෙනහිර පළාතේ තියෙන මේ කල්ලඩි පාලම යට සිංදු කියන මාළුවෝලු. ලංකාවේ දිගම යකඩ පාලම ලෙසයි මේ කල්ලඩි පාලම සංකේතවත් කරන්නේ. ඔබ ලංකා සිතියමක් අරගෙන බැලුවොත් පෙනේවි හරිම අපූරැ භූමි ලක්ෂණයක් කල්ලඩි පාලම අවට තියෙනවා කියලා. සංචාරයට කැමැති නම් ගිහිල්ලා සිතියයම පෙරලලාම බලන්න. අතීත කල්ලඩි පාලම සම්පූර්ණයෙන්ම යකඩවලින් හදලා තිබුණාට ඒ සමගාමීවම හදපු නව කල්ලඩි පාලම නම් කොන්ක්‍රීට්වලින් නිර්මිතයි. අලුත් පාලම උඩින් වාහන මිනිස්සු යන හැටි දැන් පැත්තක තනිවෙලා ඉන්න පැරුණි පාලම බලාගෙන ඉන්න හැටි ඔබත් එහි ගියොත් දකින්න පුළුවන්.

කල්ලඩි පාලම ඉදිවෙලා තියෙන්නෙ ඉංග්‍රීසීන්ගේ පාලන යුගයේදී. ඒ කියන්නෙ 1912-1920 දීග පාලම මීටර් 228ක දිගකින් යුක්තයි.

මෙතෙන්ට අදාළ නැතත් තව දෙයක් කියන්නම්. මඩකලපු කෝච්චියෙන් යනවා නම් ආපහු එන්නත් ටිකට් වෙන් කරගෙනම යන්න. යද්දී උදයදේවිය එක්ක ගියාට එද්දී පාඩුමීන් කෝච්චියෙන් එන්න. පාඩුමීන් කෝච්චියට ඉස්සර කිව්වේ "මීනගයා" කෝච්චිය කියලා. සාමාන්‍යයෙන් රාත්‍රියේ ධාවනය වන්නේ රාත්‍රි තැපැල් දුම්රිය පමණයි. ඒත් ලංකාව තුළ ධාවනය වන එකම රාත්‍රි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය තමයි කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වන "මීනගයා" නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය. සතියේ සෑම දිනකම කොළඹ කොටුවෙන් රාත්‍රි 7ටත් මඩකලපුවෙන් රාත්‍රි 8.15 ටත් මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ධාවනය වනවා මෙහි ගමන් ගත හැක්කේ එම දුම්රිය සඳහාම නිකුත් කරන ලද විශේෂ දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබාගත් මගීන්ට පමණයි. දැන් එතකොට "මීනගයා" දුම්රියට ඇයි මීනගයා කියන්නේ. අන්න එතෙන්දි තමයි කල්ලඩි පාලම ඉස්සරහට එන්නේ. කල්ලඩි පාලම කියද්දි මතක් වෙනවා නේද සින්දු කියන මාළුවෝ හේතුව තමා මීන යනු මාළුවෝ, ගයා යනු සින්දු කීම. එතකොට මීනගයා කියන්නේ සින්දු කියන මාළුවෝ. ඒක මේකට අදාළ නැත්තෙමත් නෑ නේද.

 

Text/Pic — vimukthi

 

 2017-04-05-ent-260  2017-04-05-ent-263 2017-04-05-ent-264 2017-04-05-ent-265 2017-04-05-ent-266 2017-04-05-ent-267 2017-04-05-ent-268 2017-04-05-ent-269 2017-04-05-ent-270