රසට කෑම කන්න පුළුවන් කොළඹ අවට ජොයින්ට් 7ක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දැන් ඉතිං ඔය විච්චූරන විගඩං කෑම වර්ග දැම්මට අපේ අය කවදත් කන්න ආස කරන්නෙ අම්ම හදන සරට හොඳට දැවිල්ල තියෙන බතුයි ව්‍යංජනයිනෙ. ඒ නිසා මෙවර අපේ ඉඩ වෙන්වෙන්නේ ලංකාවේ රසට එළවලු, මස් හෝ මාලු එක්ක බත් කන්න කැමති අයට ඒකට හරියන වෙනස් තැන් ටිකක්. මේ තැන්වලටත් ගිහින් හැමදාම පිටින් කන බර්ගර්, සබ්මැරීන්, පිසාවලට වඩා වෙනස් රසක් විඳින්න.

 

 

2018-04-09-ent-128

 

Upali's
 

2018-04-19-ent-52

මේක ඉතිං පොෂ් කඩයක්. පොෂ් වුනාට කෑමවල නියමෙටම ගෙදර රස පිරිලා ඉතිරෙනවා. පොල් සම්බෝල කරවල් වගේ කෑම ජාති එක්ක ලංකාවෙ කෑම වේලක් කන්න මෙතන කියාපු ජොයින්ට් එක. හිත පිරෙන්න එළවලු ජාති තුනක් එක්ක පපඩම්, මිරිස්, කරවල, පොල් සම්බෝල එක්ක වෙනම මස් හෝ මාලු දීසියකුත් අරගත්තුම දිව්‍යෙලා්කෙ සැප. ගනංනං ටිකක් වැඩියි තමයි. හැබැයි රස ඊට වැඩියි. යාපනේ කකුළුවො කරිය වගේම හත්මාළුව නියම රසයි. දෙන්නෙකුට කෑමට රුපියල් දෙදාහක් විතර වියදමක් ගියත් මේක රස ඉස්තරම් කඩයක්.

 

 

2018-04-09-ent-129

 

නුග ගම - Cinnamon Grand
 

2018-04-19-ent-53

කටට රසට සිංහල ගමේ කෑම කන්න තියෙන තැනක් විදියට තෝරාගැනීම් රාශියක් තියෙන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ තියෙන නුගගමත් අමතක කරන්න බැහැ. මිළ ගනනින් ඉහළ වුනාට ඒ ඉදිරිපත් කිරීම සහ රස එය පරදා යනවා. කළුවට උයපු පෝක් කරියට හැමෝම ගොඩක් කැමතියි. දැවිල්ල හොඳට තියෙන, තවතවත් කන්න පුළුවන් වටපිටාවක් තමයි නුගගම හැදිලා තියෙන්නෙ.

 

 

2018-04-09-ent-130

 

Sri Lankan Claypot O Curry
 

2018-04-19-ent-54

කොල්ලුපිටියෙ මේ කඩෙනුත් නියම සිංහල කෑම වේලක් අරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දෙන්නෙකුට රුපියල් දාහක විතර වියදමක් ගියාට නියම රසට කෙසෙල් කොලේ දාපු බතක් කන්න මෙතන කියාපු තැන. මෙතන සර්විස් එක ටිකක් විතර අවුල් තත්ත්වයක් තිබුනට කෑමවල රස නිසා ඒක එච්චරම දැනෙන්නෙ නැහැ. කෑම පිළිගන්වන විදියත් ඉිදිරිපත් කරලා තියෙන විදියත් හොඳින් තියෙනවා.

 

 

2018-04-09-ent-131

 

Vilasa Cottage
 

2018-04-19-ent-55

බම්බලපිටියේ විලාසා කොටේජ් එකත් සිංහල තාලෙ රසට දැවිල්ලට එළවලු මස් මාලු එක්ක බතක් කන්නම කියාපු තැන. බතට දෙන රසම රස චිකන් කරියට අපෙන් වැඩිම ලකුණු හම්බෙනවා. සිංහල අච්චාරුවත් රසයි. මැජස්ටික් සිටි එක ඇතුළෙ නිසා සෙනග වැඩි වුනත් විලාසා එකේ රස නිසා එතනට ට්‍රැෆික් පිට ගියත් පාඩු නැහැ. දෙන්නෙකුට කෑම කන්න රුපියල් දාහක කිට්ටුවෙන දඩයක් වැටේවි.

 

 

2018-04-09-ent-132

 

Sri Lankan Hut
 

2018-04-19-ent-56

නියමෙට හිඳෙන්න හදපු දැල්ලො කරියක් එක්ක බත් ටිකක් කන්න යනවනං කොල්ලුපිටියෙ ලිබර්ටි ප්ලාසා ෆුඩ්කෝට් එකේ ශ්‍රී ලංකන් හට් එක ගැලපෙනවා. එතන කොත්තු ෆ්‍රයිඩ් රයිස් වගේ ජාතිත් තිබුනට මිනිස්සුන්ගෙ වැඩි අවධානය තියෙන්නෙ නං මේකෙ රයිස් ඇන්ඩ් කරිවලට තමයි. රුපියල් දාහක් ඇතුළෙ දෙන්නෙකුට කෑම කන්න පුළුවන් වගේම තෙල් රසට කැමති අයට මෙයාලගේ ගී රයිස් එකත් නියමෙට අල්ලලා යාවි.

 

 

2018-04-09-ent-133

 

ප්‍රනීත ගමේ බත් කඩේ
 

2018-04-19-ent-57

නම ප්‍රනීත වුනත් මේක අවට කාර්යාලවල අය අතරෙ මේක ප්‍රසිද්ධ ලේක්විවු කියලයි. දැවිල්ලට කෑම කන්න, කිරි මාලු, චිකන් ඉස්ටු, කකුළුවො කන්න යන්න කියාපු තැනක් තමයි මේ. පපඩං, බැදපු මිරිස් එක්ක එතන අයියට කිවුවම ඉඳිආප්පවලට දාන පොල් සම්බෝල ටිකකුත් කෑම එකට දාලා දෙනවා. රුපියල් තුන්සීයට අඩුවෙන් රසම රස බත් එකක් කන්න නං ප්‍රනීත ගමේ බත් කඩේ ගැලපෙනවා. කොත්තු, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. අපිනං රෙකමන්ඩ් කරන්නෙ කිරිමාලු එක්ක බත් කටක් කන්න කියල තමයි.

 

 

2018-04-09-ent-134

 

Heladiva
 

2018-04-19-ent-58

ගංගාරාමය පන්සලත් මොබිටෙල් හෙඩ්ඔසේ එකත් අතරෙ තියෙන හෙලදිව කියන්නෙ සිංහල කෑම වේලක රස බලන්න ගැලපෙන තවත් කොළඹ අවට තැනක්. දෙන්නෙකුට කෑම කන්න රුපියල් පන්සීයක් විතර තමයි වියදම් වෙන්නෙ. මහා විශේෂයක් හෝ මහා දැවිල්ලක් නැතත්, නිදහසේ තෝරගෙන එළවලු ටිකක් එක්ක බත් කටක් කන්න මෙතන කියාපු තැන.

 

Text – The Rattle Snake

Pic Credits – Zomato.com and the Lord Google