ඔන්සෙන් ලෙඩ සුවකරන උණු වතුර ස්නානය
උණුවතුර ස්නානය කිරීමට ලොව වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානය පිහිටා ඇත්තේ ජපානයේය. නාන කාමරයකට ගොස් උණු වතුරෙන් ඇඟ දෝවා ගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන්. නමුත් ලොව පුරා සැරිසරන බොහෝ සංචාරකයන්ට උණු වතුර ස්නානය කිරීමට මෙතැනටම යා යුතුද කියා ඔබ මොහොතකට කල්පනා කරාවි.
මෙතැන ඇත්තේ නිකම්ම උණු වතුර නොවේ. පොළෝ ගර්භය ඇතුළතින් මතුපිටට ගලාඑන උණු වතුරය. නොඑසේ නම් මිහිකත විසින් නිෂ්පාදනය කරනු ලබන උණු වතුරය. මෙම උණු වතුර ස්නානය කිරීම සහ පාදෝවනය කිරීම නිසා සර්වාංගලෙඩ රෝග සුවපත්වන බවට මතයක් තිබේ. බොහෝ පර්යේෂකයින් නම් කියන්නේ එහි අඩංගු රසායනික සංයුතිය නිසා එලෙසින් සුවදායක ප්‍රතිඵල මිනිසාට බුක්ති විඳිය හැකි බවය. එමෙන්ම එතැනින් එහාට ගිය මිත්‍යා මත සහ විශ්වාසයන්ද ජපාන ජනතාව අතර නැතුවාම නොවේ.
මිහිකත විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම උණු වතුර එලෙසින් ලබා දෙන්නේ දෙවියන් බවත්, එය තම ආත්මයේ සතුට උදෙසා බවත්, තවත් සමහරු විශ්වාස කරති. කවරාකාරයේ කතා එලෙසින් ප්‍රචලිතව තිබුණද, මෙම උණු වතුර නිසා ඇතිවන ඵලය ගැන මුල්වරට ප්‍රකාශ කළේ ශතවර්ෂ එකහමාරකට පමණ පෙරදී ජර්මාණු ජාතික වෛද්‍යවරයෙකු වූ අර්වින් වොන් බඑල්ස්ය. එවකට ඔහු කටයුතු කර ඇත්තේ තෝකියෝ සරසවියේ ආචාර්යවරයකු ලෙසිනි. වෛද්‍ය විද්‍යාව උගන්වන අතරේ මේ උණු වතුර ජලය ගැන පර්යේෂණයකොට ඉනික්බිතිව මෙහි ඇති ගුණාත්මක බව හෙළිදරව් කිරීමත් සමඟ ජපන් ජනතාව අතර මෙය ප්‍රචලිත වන්නට පටන්ගෙන තිබේ. අද වනවිට, ජපානය වෙත ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයින් අතර මේ උණු වතුර උල්පත් ආශ්රිත ප්‍රදේශ වඩා ජනප්‍රිය ස්ථාන බවට පත්ව තිබේ.
ඒ හැරත් ජපානය සංචාරකයින්ගේ පහසුව සහ පරිභෝජනය සඳහා මේ උණු දිය උල්පත් ආශ්රිත ප්‍රදේශ ක්‍රමවත් හා විධිමත් ලෙස නිර්මාණය කර තිබේ. ඔන්සෙන් නමින් මේ උණු දිය උල්පත් ආශ්රිත ප්‍රදේශ නම්කොට ඇති අතර, මේ කුසත්සු ඔන්සෙන් කලාපය ඒ අතරත් ඉතා ප්‍රචලිත වූ ස්ථානයකි. තෝකියෝවේ සිට කිලෝමීටර සියයක් පමණ ඉක්මවා කඳුකර පෙදෙසකට ළඟා වූ විට මෙම ඔන්සෙන් හෙවත් ජපන් බසින් ප්රකාශවන උණු දිය උල්පත් හා ඒවා ස්නානය සඳහා නවාතැන් ආහාර පාන ආදී සියල්ලෙන් සමන්විතව නිර්මාණය වූ ප්‍රදේශ දැකගත හැකිය.
කුසත්සු මුහුදු මට්ටමින් අඩි 1200ක පමණ ඉහළට වන්නට පිහිටි ස්ථානයකි. කුසත්සු නගරය වටා එක් ස්ථානයක මේ උණු වතුර උල්පත් සහිත ස්ථානයක් දැක ගත හැකි අතර, ඒ වටා සංචාරක හෝටල ඉදිකොට තිබේ. උණු දිය උල්පත්වලින් ගලා එන ජලය ක්‍රමවත් ලෙස බෙදා හැරීමට සළස්වා ඇත. පොළවෙන් ගලා එන උණු වතුර පරිභෝජනයට අවශ්‍ය ලෙස එලෙසින් පිරිසිදු කිරීම එහිදී සිදුවෙයි. පොළවෙන් දුම් දම දමා උණු දිය ගලා මතුපිටට එන අයුරු දැක ගත හැකිය.
මෙම උණු දිය උල්පත් සහිත ඔන්සෙන් කලාපයෙහි නිරන්තරයෙන් සංචාරයේ යෙදීමට පෙම්වත්තු පුරුද්දක් කර ගෙන සිටිති. පවතින පේ‍්‍රමය ශක්තිමත්වී වඩා පේ‍්‍රමාන්විත වන බවත්, යුගදිවි පේ‍්‍රමය වඩා ආදරණීය වන බවත් ඔව්හු විශ්වාස කරති. කුසත්සු පෙදෙස පිහිටා ඇත්තේ ගුන්මා ප්රාන්තයේය. මෙම ගුන්මා ප්‍රාන්තය ඔන්සෙන් නිසා වඩා ප්රචලිතවී තිබේ. රොමෑන්ටික් මාවත හෙවත් පේ‍්‍රමාන්විත මාවත නමින් නම් වූ කුසත්සුහි කඳුකර පෙදෙස ද මේ සමීපයෙහි පිහිටා ඇත. උණු වතුර ජලයෙහි ආශ්වාදය නිසා නව ප්‍රාණයක් ලැබ පේ‍්‍රමාන්විත මාවතේ ඇවිද යමින් මධු සමයේ මිහිර ලැබීමට මේ ගුන්මා පළාතට පැමිණෙන තරුණ පිරිස බොහෝය.
ඔන්සෙන් ආශ්රිත හෝටල්වල උණුවතුර ආස්වාදය ලබා ගැනීම වෙනුවෙන් ස්නානය සඳහා කාන්තා සහ පිරිමින්ට වෙන් වූ වෙනම ස්ථාන තනා තිබේ. කාන්තා පිරිමි දෙපාර්ශ්වය එකට ස්නානය කිරීම සිදුවන්නේ නැත. මක්නිසාදයත් මේ ශුද්ධ වූ පොළවේ පදාර්ථය රැුගත් උණු ජල ස්නානය එහිදී සිදුවන්නේ නිර්වස්ත්‍රව වන බැවිනි. මුලින්ම සාමාන්‍ය ජලයෙන් ස්නානයකොට පිරිසිදු වීමෙන් පසුව, එහි ඇති උණු දිය තටාකයේ බැස සිටීම කළ යුතුය. ඉන්පසු නැවත සාමාන්‍ය ජලයේ පිරිසිදු වීමෙන් අනතුරුව ගත ගැල්වීමට ආලේපන, කොලෝන්, තමාටම වෙන් වූ පනාවක් ආදී සියල්ල එහිදී ලබා ගැනීමට සලස්වා ඇත. එතෙක් තිබුණු ගතේ, සිතේ බර කොහෙන් ගියාදැයි සිතිය නොහැකි තරමටම ඇතිවන සැහැල්ලූව සැබැවින්ම වචනයෙන් විස්තර කළ හැකි නොවේ.
ස්තූතිය (සමන් ප්‍රියංකර - sayuri ඉන්ටර්නැෂනල්)
සංචාරක අනුග්‍රහය - NI-CEY TRAVEL
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ