උස්සන්ගොඩ නරඹා කොච්චම මුහුදු තීරයේ දියනාන්න
උස්සන්ගොඩ ජනප්‍රවාද බොහොමයකින් යුත් රාවණ රජ කාලය දක්වා අතීතයට දිව යන අක්කර 412ක් පමණ ප්‍රදේශයක් පුරා විසිරී ගිය තැනිතලා භූමියක්. දුඹුරු පැහැයට හුරු රතු පැහැයෙන් යුත් මෙම භූමිය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලද ප්‍ර‘දේශයකි.
දකුණු ප්‍ර‘දේශයේ අම්බලන්තොට ප්‍ර‘දේශයේ නෝනාගම මුහුදු තීරයට ආසන්නයේ උස්සන්ගොඩ පිහිටා තිබෙනවා. මුලු භූමිය පුරාම ගහකොළින් තොරවූ තෘණ විශේෂයක් වැවී ඇති අතර කුඩා පඳුරු කිහිපයක් තැනින් තැන දක්නට හැකියි. දිවයිනේ වෙනත් කිසිදු ප්‍ර‘දේශයක මෙවන් ලක්ෂණයන් සහිත භූමියක් දැක ගැනීමට නොහැකි වන අතර උස්සන්ගොඩ සම්බන්ධ ප්‍රබන්ධ කථාද බොහොමයක් පවතිනවා.
ඉන් එක් කථාවක් වන්නේ උල්කාපාතයක් මෙම භූමියට කඩා වැටි ඇති බවයි. එසේම මෙහි පාෂණ කොටස් කළු පැහැයට ආසන්න දුඹුරු - රතු මිශ්‍ර පැහැයක් ගැනීමට හා උණු වී ද්‍රව වී ගිය ස්වරූපයක් පෙන්වීම උල්කාපාතයක් පිපිරීමේදී පිටවන අධික තාපය මගින් පාෂාණ උණුවී ගොස් ඇති බවට විශ්වාසයක්ද තවත් එක් මතයකි. එසේම මෙහි තවත් සුවිශේෂි විශ්වාසයක් වන්නේ රාවණ රජුගේ දඬුමොණර යානය බැස්වූ ප්‍ර‘දේශය ලෙසත් හනුමන්තා ගෙන ආ බෙහෙත් කන්දෙන් පතිත වූ කුඩා කැබැල්ලක් නිසා උස්සන්ගොඩ නිර්මාණය වූ බවයි. එසේම බොහෝ දෙනෙකුගේ තවත් මතයක් වී ඇත්තේ පිටසක්වල ජීවන් සමග ඍජු සම්බන්ධතාවක් පැවැත්වීමට හැකි ස්ථානයක් ලෙසයි.
මේ සියලු කරුණු කාරණා කෙසේ වුවද ‘උස්සන්ගොඩ’ ඉතාම රමණීය වූ දැක බලා ගැනීමට යායුතුම ස්ථානයක් ලෙස හඳුන්වාදීම වටියි. මුහුද දෙසට නෙරාගිය කොටසේ සිට මුහුද ඉතා අපූරු දර්ශනයක් ගෙන හැරපායි. එය සැබෑම ආශ්වාදනීය දසුනකි.
දිවයිනේ අන් කොහේවත් දැක බලා ගැනීමට නොහැකි කදිමවූ පරිසර පද්ධතියක් සහිත උස්සන්ගොඩ දැනට වසර මිලියන ගණනාවකට ප්‍රථම මේ උස්බිම් හා විජියානු සංකීර්ණ අතර තල මායිමේ වගේම ක්‍රියාකාරිත්වයෙන් හට ගැණුනු පාෂාණයක් සහිත ප්‍ර‘දේශයක් ලෙස විද්‍යාඥයන්ගේ මතයයි.
මෙවන් සෞම්‍ය පරිසර පද්ධතිය රැකබලා ගැනීමද අප කාගෙත් වගකීමක් හා යුතුකමකි. පාසල් දරුවන්ට අධ්‍යාපනික ලෙසද ඉතාම වැදගත් වන උස්සන්ගොඩ ඔබ නැරඹිය යුතුම පරිසර පද්ධතියක් ලෙස හඳුන්වා දිය හැකියි.
උස්සන්ගොඩ සංචාරය කරන ඔබට එම ප්‍රදේශයටම ආසන්නයේ ඇති කොච්චම මුහුදු තීරය විනෝදජනක ස්ථානයක් වනු ඇත. පුංචි දරුවන්ට පවා දිය නෑමට හැකි නොගැඹුරු ආරක්ෂිත මුහුදු තීරයක් ලෙසයි කොච්චම ප්‍රසිද්ධියක් උසුලන්නේ. කිරළ කැලේ ප්‍ර‘දේශයේ ප්‍රධාන මාර්ගයේ සිට කි.මී. 2ක් පමණ ගිය පසු කොච්චම මුහුදු තිරයට යාමට හැකියි.
ඡායාරූ සටහන ශාන් බන්දු වීරසිංහ