උල්පතින් දිය උනන බුබුලේ දවසක්
එනවද නාන්න සීතලම සීතල උල්පත් වතුර ටිකක්. වැඩත් එක්ක කොළඹින් ඈතක ගිහින් නාලා කාලා පොඩි drink එකක් දාලා සින්දුවක් කියලා දවසක් සතුටින් ගත කරලා එන්න තරම් විවේකයක් ඔයාට නැත්නම් එහෙම දවසක් ගත කරන්න පුළුවන් නියම තැනකට මේ සති අන්තයේ අපි ඔයත් එක්ක යන්න හදන්නේ. යාළුවොත් එක්ක පවුලේ අයත් එක්ක Day Outing එකක් යන්න ඔයාටත් හිතුණොත් බිත්ති හතර ඇතුළේ ගොඩනැගිලි අතරේ ජිවිතෙන් දවසකට හරි නිදහස් වෙලා නිදහසේ හුස්මක් ගන්න ඔයාටත් හිතුණොත් එන්න බුබුලට. එළිමහනේ හිරැ එළිය, කොළ පාට ගහ කොළ, මහපොළොවෙන් උනන සීතලම සීතල උල්පත් වතුර නිදහසේ විඳින්න බුබුල නියම තැනක්.
නිට්ටඹුවේ ඌරාපොල තමා බුබුල තියෙන්නේ. Eco friendly Location එකක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් බුබල ගිය සතියේ අපි ඔයාව එක්ක ගිය අල්ගම ශ්‍රී ක්‍රාෆ්ට් සමීරගේම තැනක්. බුබුලේ තියෙනවා නියම දිය බුබුලක්. ඒ බුබල තමා වතුර බුබුල. කෝටි ගාණක් වතුර බිඳු එක් වී හැදුන නාන swimming pool එක තමා බුබුලේ icon එක ස්වාභාවික දිය උල්පතකින් හදපු ඒ නාන තටාකයේ වතුර අයිස් කන්දක් දියකරලා දාලා වගේ. ඒ තරම්ම සීතලයි. නල ජලයයි උල්පත් වතුරෙයි වෙනස ඔයා විඳලා තියෙනවානම් ඇඟේ ලේ නහර පවා සීතලෙන් හිරි වට්ටන ඒ වතුරේ සනීපය විඳගන්න මේ දැන්ම ඔයාට එන්න හිතෙයි බුබුලට. කොච්චර නෑවත් ඇති හිතෙන්නේ නැති තරමට ඒ වතුර ටික සීතලයි. සුවදායකයි.
Day Outing එකකදී පොඩි පොඩි gamesවලට set වෙන්නත් අපි - අපි ආසයිනේ. රඹුටන් ගස් යායට වැවුණු මෙතන එහෙම ලොකු ඉඩකුත් තියෙනවා. පොල් අතු හෙවිල්ලපු මඩුවේ ඉඳන් තමයි පොඩි drink එකක් දාන්න රස විඳ විඳ කෑම ටිකක් කන්න ඉඩ තියෙන්නෙත්. උණු උණුවේ රස කෑම එන්නේ මැටි මුට්ටි පිටින්මයි.
Day Outing එකකදී ඔයාගේ කැමැත්ත අනුව වෙන් කරන්න පුළුවන් පැකේජ් කිහිපයක්ම තියෙනවා. කුකුල් මස්, ඌරැ මස් මේ කැමති එකක් තෝරාගෙන එළවළු හයක්, පලතුරැ අතුරැපස, මස් සහ අඟුරැ අරන් ආවොත් BBQ, උණු උණු තෙල් රොටි, කට්ට සම්බෝල, උදේට නාන තටාකයේ නාද්දි තැඹිලි ගෙඩියක්, තම්බපු මඤ්ඤොක්කා මේ විදිහේ එක එක රසට හැදුණු කෑමක්ම ඔයාගේ කැමැති පැකේජ් එක අනුව වෙන්කරගෙන ඔයාට මෙහිදී රසවිඳින්න පුළුවන්.
Drink එකට set වෙනවානම් bite එයාලගෙන්. අනික්ඒවා ඔයාලගෙන්. අන්න එහෙම තමා system එක. නිදහස මාරයි. සල්ලිත් ඉතුරැයි. Bathroom, changing room ඔයාට අවශ්‍ය හැමදේම සරල විදිහට මෙතන තියෙනවා. බුබුලේ රහ වචනවලට කොහොම ගැටගහන්නද මන්දා. විඳින්නම ඕනෑ. දවස් හතකින් අපි එනවා එහෙනම්. යමු කොහේහරි. ලෑස්තිවෙලා ඉන්න.