උඩවලවේ යන ඔබට Happy Elephant නිවාඩු නිකේතනය
දෙස් විදෙස් සංචාරකයන් වසර පුරාම දැක ගත හැකි සංචාරක ප්‍ර‘දේශ අතිරින් උඩවලව ප්‍ර‘දේශයට හිමිවන්නේ සුවිශේෂී වටිනාකමක් බව නොකිවමනාය. උඩවලව ජාතික උද්‍යානය, ඇත් අතුරු සෙවණ මෙන්ම රිදීගම උද්‍යානය මදුනාගල උණුදිය උල්පත් ඇතුළු සංචාරක ප්‍ර‘දේශ බොහොමයක් දැකබලා ගැනීමට මෙන්ම කතරගම තිස්සමහාරාමය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන්ටද උඩවලව ඉතා වැදගත් වන බව සඳහන් කළහැකියි.
මෙවන් බොහෝ හේතු කාරණා නිසා උඩවලව විශාල ප්‍රසිද්ධියක් උසුලන අතර මෙම ප්‍ර‘දේශයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ සුව පහසුව සඳහා සංචාරක හෝටල් නිවාඩු නිකේතනද බහුලව ඉදිකර තිබෙන අයුරු දැක ගැනීමට හැකියි.
මෙසේ ඉදිකර ඇති සංචාරක නිකේතන අතරින් Happy Elephantඋඩවලව ජලාශයට ආසන්නයේ විවෘත කර තිබෙන ඉතා සොඳුරු නිවාඩු නිකේතනයක් ලෙස හදුන්වා දීමට හැකිය. නිදහස් පරිසරයක් තුළ සිත් ඇද බැඳ ගන්නා ලෙසින් මෙය නිර්මාණය කර තිබීම හේතුවෙන් මෙය දෙස් විදෙස් සංචාරකයන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.
මෙයට වසර 03 පමණ පෙරHappy Elephantවිවෘත කර ඇතිමෙම නිවාඩු නිකේතනය උඩවලව ප්‍ර‘දේශයට පැමිණෙන දේශීය සංචාරකයන්ට තම නිවසෙහි මෙන් කාලය ගත කරමින් නිවාඩුවක් ගත කළ හැකි ස්ථානයක් බවට පත්කිරීම තම එකම අරමුණ වූ බව එහි හිමිකාරීත්වය දරන රංජිත් මුහන්දිරම් මහතා අප හා සඳහන් කර සිටියේ.
Happy Elephantසංචාරකයන්ට නවාතැන් ගැනීමට මෙන්ම එම ප්‍ර‘දේශයේ කාර්යාල ආයතනවල විශේෂිත අවස්ථා සඳහාද වෙන්කර ගැනීමට වැඩි ප්‍රසිද්ධියක් උසුලන බවයි මුහන්දිරම් මහතා පවසා සිටියේ.
එසේම මෙම ප්‍රදේශය පසුකරගෙන යන දෙස් විදෙස් සංචාරකයන්ට ආහාර ගැනීමට හා මොහොතක් නැවතී විවේක සුවයෙන් ගත කිරීමටද මෙම අනගි ස්ථානයක් බව පැවසිය යුතුමය.
එසේ පැමිණෙන සංචාරකයන්ට දේශීයආහාරපාන අපටම ආවේණික අයුරින් ලබා දීමටත් මෙම ප්‍ර‘දේශයට ආවේණික වැව්මාළු, වැව් කරවල වැනි ව්‍යාංජන විශේෂයෙන්ම පිළියෙල කර දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Happy Elephantවිවාහ මංගල උත්සව ඇතුළු ප්‍රියසාද, දිනක චාරිකා සඳහා ද වෙන් කර ගැනීමට හැකියි. එමෙන්ම මෙහි සංචාරය කරන ඔබට සපාරි පහසුකම් ලබාදීමටත් කටයුතු කරන බව එහි කළමනාකාරිත්වය අප හා සඳහන් කර සිටියා.
HappyElephantනිදන කාමර ප්‍රමාණය 15 කින් සමන්විත වන අතරඒවා ද්විත්ව, ත්‍රිත්ව හා එපාර්ට්මන්ට් හා ට්‍රී හවුස් (Tree House) ලෙස සකස් කොට තිබෙනවා. මෙහි ට්‍රී හවුස් සංචාරක ආකර්ෂණය වැඩියෙන්ම දිනාගත් නිදන කාමර ලෙස හඳුන්වා දිය හැකියි. මේ සඳහා විශේෂයෙන්ම විදේශිකයන් වැඩි කැමැත්තක් දක්වන බවත් දේශීය සංචාරකයන් බොහෝ පිරිසක්ද සති අන්ත හා පවුලේ නිවාඩු ගත කිරීමට සඳහා Happy Elephant වෙත පැමිණීමට ප්‍රිය කරන බවයි.
Happy Elephant හි අමුත්තන් 400ක් පමණ පිරිසක් සඳහා විවාහ මංගල උත්සව සඳහා පහසුකම් පවතින අතර විවෘත ප්‍ර‘දේශ දිනක සංචාර සඳහා 700 ක පමණ පිරිසකට පහසුකම් සැපයීමට හැකි බවයි එහි කළමනාකාරීත්වය අප හා පවසා සිටියේ.
මෙවන් බොහෝ පහසුකම් සහිත Happy Elephant පවුලේ දූ දරුවන් ඥාතීන් හිතමිතුරන් මෙන්ම ආයතනයේ සංචාර සඳහා තෝරාගැනීමට කදිම වූ තැනක් ලෙස සඳහන් කළ හැකියි. ඔබ සංචාරයේ නිරත වන අතරතුරදී Happy Elephant වෙත පැමිණීමෙන් එය ඔබගේ මතකයේ රැඳෙන සංචාරයක් වනු නොඅනුමානය.
0711809000