ඉමක් නොපෙනෙන ගං මැද අපූරු සවාරිය
ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුද දෙස නෙත් යොමා බලා සිටින විට, ඈත දියඹේ නිදහසේ පාවෙන නැව් පෙනෙයි. ඒවා දකින අපට හැගෙන්නේ නැවක නැගී මහ මුහුද මධ්‍යස්ථයට ගමන් කරන්නට ඇත්නම් කියාය. එහෙත් එවැනි අවස්ථාවක් හිමිවන්නේ ඉතා අතලොස්සකට පමණි. නැවක නැගී මහ මුහුද තරණය කිරීමට නොහැකි වුවත්, මෝටර් බෝට්ටුවක නැගී ගංගාවක් තරණය කර එකී ආසාව යම්තාක් දුරට සන්තර්පණය කරගැනීමට ඕනෑ තරම් අවස්ථා ෙමරට තිබේ.
බෝට්ටුවක ගමන් කර දූපතකට ගොඩබැසීමට අැත්නම්, එය කෙතරම් සුන්දර ගමනාන්තයක් වේද? එය කෙතරම් සතුටු දනවන්නක්ද? මෙවර %තරුණයා^ සංචාරයෙන් ඔබව රැගෙන යන්නේ පවුලේ සැමට එක සේ සතුටුවිය හැකි, අත්දැකීම් රැසක් ලබාගත හැකි ඉසව්වක් වෙතටය.
%මාදුගඟ^ යනු දූපත් සමූහයකින් වටවී තිබෙන ලංකාවේ ඉතාමක් වටිනා කඩොලාන පරිසර පද්ධතියකට උරුමකම් කියන සංචාරක ඉසව්වකි. දකුණු ආසියාවේ %තෙවන රම්සා තෙත් බිම^ ලෙස ප්‍රකට මෙම ගම්කොමලිය අතීතයේදී දූපත් 66ක පමණ ස්පර්ශය ලබා ඇතත්, වර්තමානයේදී එය 44කට පමණ සීමා වී ඇත. ලොව දක්නට නොලැබෙන දුර්ලභ ඝනයේ කඩොලාන වර්ග, සංචාරක කුරුලු විශේෂ, සමනල වර්ග, ක්ෂිරපායින්, විසිතුරු මසුන්, උභය ජීවීන් ගෙන් පිරී තිබෙන මෙම සොඳුරු නදිය මේ වනවිට වනජීවි දෙපාර්තමේන්තුව මගින් අභය භූමියක් ලෙසට නම්කර තිබේ.
හෙක්ටයාර් 915කින් පමණ වූ මාදුගං තෙත් බිමෙහි හෙක්ටයාර 770ක් එනම්, අක්කර 1925ක් පමණ පිරී ඇත්තේ ජලයෙනි. එම නිසා මෙහි සංචාරයක නිරත වන්නේ නම් ඒ සඳහා ප්‍ර‘වේශ මාධ්‍යය ලෙස ඔරුවක් හෝ යාන්ත්‍රික (මෝටර්) බෝට්ටුවක් භාවිත කිරීමට සිදුවෙයි.
දෙස්විදෙස් සංචාරකයන්ට එසේ මාදු ගංකොමලියගේ පහස රිසි සේ අත්විඳීමට හැකියාව ලැබෙන පරිදි බෝට්ටු සේවා ලබාදෙන ස්ථාන රැසක් කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයේ බලපිටිය නගරයේ මහා පාලම අසල පිහිටා තිබේ. එම ස්ථාන අතරින් වඩාත් අනර්ඝ, ආකරක්ෂාකාරී සේවාවක් සපයන පැරණිම ආයතනය ලෙස %කැප්ටන් බෝට් හවුස්^ ආයතනය හඳුන්වාදිය හැකිය.
මාදු ගඟේ සුන්දරත්වය රිසිසේ නැරඹීමට මුලින්ම බෝට්ටු සේවයක් ආරම්භ කර ඇත්තේ එහි හිමිකරු වූ ප්‍රදීප් චන්දන ද සිල්වා මහතා විසිනි. ඔහු අවුරුදු 12ක් පමණ නෞකාවක නාවිකයෙකු ලෙස සේවය කළ අයෙකි. ඔහු නාවිකයෙකු ලෙස ලොව වටා ගමන් කිරීමේදී ලබාගන්නා ලද අත්දැකීම් ඔස්සේ 1998 වර්ෂයේදී මෙම බෝට්ටු සේවය ආරම්භ කර තිබේ.
සාමාජිකයන් 06 දෙනෙකුට පහසුවෙන් ගමන් කිරීමට හැකි බෝට්ටුවක නැගී ජීවිතාරක්ෂක කබා පැලඳගෙන උදෑසන 08.00ට පමණ අපි ගමන ආරම්භ කළෙමු. එම ගමනේදී බෝට්ටුව පදවමින් අපහට සහයෝගය දීමට අසංක සුමිත් කුමාර (පොඩි කුමාර) අපත් සමග එකතු විය. උදෑසන හිරු එළිය අවට පරිසරය ගිලගනිමින් තිබුණු අයුරු ඉතාමත් සෞන්දර්යාත්මකය. ගංගාව තරණය කිරීමට එය සුදුසුම කාලය බව එම දර්ශනය ඔස්සේ අපට පැහැදිලි විය. බලපිටිය මහ පාලම යටින් ආරම්භ වූ අපගේ ගමන මාදු ගංඟාව වටකරගෙන තිබෙන්නා වූ කඩොලාන ගහනය මධ්‍ය‘යෙන් ඉදිරියට ඇදෙන විට අමුතුම මිහිරක් ගෙන දුන්නේය. අපගේ ගමනේදී මුලින්ම අප ගොඩ බැස්සේ කුරුඳු දූවටය.
කුරුඳු ගස්වලින් වටවී තිබෙන එම දූපතට පිවිසීමේදී මුලින්ම අපට හමුවන්නේ භද්‍රකාලී මෑණි දේවාලයකි. එය පසුකර ඉදිරියට යනවිට පොල්අතු සෙවිලි කළ මඩුවක් තුළ කුරුඳු තලමින් සිටි අවුරුදු 65ක් පමණ වයසැති වයෝවෘද්ධ පුද්ගලයෙකු අපට මුණගැසුණි. ඔහු එම දූපතේ සංචාරයේ නියුතු වන සංචාරකයන්ට කුරුඳු ගසකින් පොත්තක් ගලවා ගෙන එය ආහාර රසකාරකයක් දක්වා වියළා සදාගන්නා ආකාරයත්, කුරුඳු තෙල් නිස්සාරණය කරගන්නා ආකාරය පිළිබඳවත් දැනුම ලබාදෙයි. ඔහු ඒ සඳහා කිසිදු මුදලක් අය නොකරයි.
අවශ්‍ය නම් කුරුඳු පොතු, කුරුඳු කුඩු පැකට්, කුරුඳු තෙල් බෝතල් රුපියල් 200ක පමණ මිලකට දේශීය සංචාරකයන්ට ඔහුගෙන් ලබාගැනීමට හැකියාව පවතී. ඔහු අපගේ අත්වල ගැල්වූ කුරුඳු තෙල් බිංදුවේ සිසිලස සහ සුවඳවත් භාවය හවස් යාමය තෙක්ම පැවති නිසා එම නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉතා ඉහළ යයි අපට සිතිණි. අප ඔහුට සමුදී නැවතත් බෝට්ටුවට ගොඩවුණෙමු.
ඉන්පසු අප පැමිණියේ තවත් අපූරු ඉසව්වකටය. එය ස්වභාවික ලෙසම පිහිටා තිබූ කඩොලාන බිංගයෙක් ලෙස හැඳින්වුවත් වරදක් නැත. මීටර් 800ක් පමණ දුරක් එතුළින් ගමන් කිරීමේදී විශාල කඩොලාන මුල්වල බෝට්ටුව ගැටුණි. එතුළින් ගමන් කළ යුත්තේ බාධක ජයගෙනය. එහිදී කැලෑවට වී නිදහසේ වැතිර සිටින විශාල කබරයන්ද අපට දැකගත හැකිවිය. ඒ තුළින් නැවතත් පිටතට පැමිණෙද්දී තවත් දුරක් එවැනි ලෙස ගමන් කිරීමට ඇත්නම් කියා අපට සිතුණි.
ඉන් නික්ම ටික දුරක් ගමන් කරනවිට මාදු ගඟේ පිහිටා තිබෙන කුඩාම දූපත ලෙසින් සැලකෙන %සතපහේ දූපත^ දැකගත හැකිවිය. අපගේ ගමන් සහයකයා පැවසූ ආකාරයට එය කතරගම දෙවියෝ වැඩ සිටිනා දේවාලයකි. මෙම දේවාලය අතීතයේ මාදු ගඟ අවට ගම්වාසීන් වන්දනා මාන කළ ස්ථානයක් ලෙසට සුප්‍රසිද්ධ වී ඇත. නමුත් මේ වනවිට ජලමට්ටම ඉහළ ගොස් තිබෙන නිසා එම දූවට ගොඩබැසීමට නොහැකිය. එම දේවස්ථානය මේ වනවිට පුරා වස්තුවක් බවට පත්වී හමාරය.
එම දූව පසුකරමින් ඉදිරියට යනවිට මාදු ගංගාවේ විශාලම දූපත ලෙසින් සැලකෙන "මාදූව" හමුවෙයි. එහි විශාලත්වය හෙක්ටයාර 38කි. දැනට පවුල් 150ක් පමණ වාසය කරන එම දූපතේ විශාල විහාරස්ථානයක්ද පිහිටා තිබේ.
එහි ඉදිකිරීම් බොහෝමයකට දායකත්වය ලබාදී තිබෙන්නේ සංචාරකයන්ය. එම නිශ්ශබ්ද පරිසරය අපගේ සිතට අපූරු පහන් සිතුවිල්ලක් ගෙන දුන්නේය.
පැය ½ කට වඩා කාලයක් අප එහි කාලය ගත කළ අතර, කාලය ගෙවී ගියේ අපටද නොදැනුවත්මය. ඊට හේතුව එහි තිබෙන්නාවූ නිස්කලංක භාවයයි.
වැඳුම් පිදුම් අවසන් කර නැවතත් අප බෝට්ටුවට ගොඩ වූයේ අපගේ අවසාන ගමනාන්තය වෙත ගමන් කිරීමටය. එහි ගමන් කිරීමේදී හමුවන ගඟ මැද පිහිටි කුඩා කඩයෙන් තැඹිලි ගෙඩියක රස බැලීමටද අපට හැකිවිය. ඒ යන අතරවාරයේදී සංචාරකයන් රැගෙන ඉදිරියට එන බෝට්ටු කිහිපයක් අපට හමුවුණි. එම බෝට්ටු ගමන් කිරීමේදී කැලතෙන ජල කඳ නිසා අප ගමන් කළ බෝට්ටුව දෙපසට පැද්දෙන්නට විය. එය ත්‍රාසය පිරි අපූරු අත්දැකීමක් විය. කෙසේ හෝ ත්‍රාසය අතරින් අප පැමිණියේ සිතේ ඇති වූ දෙගිඩියාව ක්ෂණයෙන් ක්ෂය වී යන ස්ථානයකටය.
"මොසැම්බික්" නමින් හැඳින්වෙන මත්ස්‍ය විශේෂයක් යොදාගෙන දෙපාවලට සම්බාහනයක් ලබාදෙන එම ස්ථානය අපූරුය. එකවර 04 දෙනෙකුට අපහසුවකින් තොරව දෙපාදමාගෙන සිටීමට හැකි පරිදි මාළු 250ක් පමණ සිටින වළවල් 06ක් පමණ එහි නිර්මාණය කර තිබුණි. එම වළකට දෙපා දමාගෙන සිටින විට මාළු දෙපා වටේට කැරකෙමින් අපූරු සම්භාහනයක් ලබාදෙන්නේ මාළු ඒ සඳහා පුරුදු පුහුණු වූවන් සේය.
එය ගතට මහත් ආස්වාදයක් ගෙන දෙන අපූරු අත්දැකීමකි. ඒ සඳහා විනාඩි 15ක පමණ කාලයකට දේශීය සංචාරකයන්ගෙන් රු.100ක් අයකෙරේ. එවැනි ස්ථාන මාදු ගඟ තරණය කිරීමේදීත් තැනින් තැන ස්ථාන ගතකර තිබේ. එම සෑම ස්ථානයකදීම අයකරනුයේ රු.100ක මුදලකි.
මාළු සම්භාහනය ලබාගත් අපි නැවතත් බෝට්ටුවට නැඟුනේ එහා ඉවුරට ගොස් අපගේ සංචාරය හමාර කිරීමටය. උදෑසන 8.00ට ඇරඹි ගමනට ගත වී තිබුණේ පැය 2කට ආසන්න කාලයකි. අපගේ ගමන් සගයාට ඔහු ලබාදුන් සේවාවට තුති පුදකර බෝට්ටුවෙන් බැසගත් අපි "කැප්ටන් බෝට්ටු සේවයට අයත් "ගඟබඩ වලව්ව" නම් හෝටලයේ පාවෙන අවන්හලට ගොඩවැදුනෙමු. අප උදෑසන ආහාරය ලබාගත්තේ එහිදීය. පැමිණෙන සෑම සංචාරකයෙකුටම අවශ්‍ය ආහාර, නවාතැන් පහසුකම් ඕනෑම වෙලාවක, කැමති ආකාරයට පහසු මිලට ලබාගැනීමට ඒ තුළින් අවකාශය සැලසෙයි.
ප්‍රණීත උදෑසන ආහාර වේලක රසබැලූ අප එම ස්ථානයෙන් නික්මූවේ කෙටි කාලයකදී අත්දැකීම් ගොන්නක් ලබාගෙනය.
ඔබ මෙහි සංචාරයක නිරත වන්නේ නම් ඔබගෙන යන ආහාර ද්‍රව්‍ය, වතුර බෝතල් ගඟට බැහැර කිරීමෙන් වළකින්න. එසේ පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා ඔබගේ දායකත්වය ලබාදුනහොත්, තවත් කල්ප ගණනාවකට මේ සොඳුරු දියකොමලියගේ පහස මෙසේම අපට විඳගැනීමට හැකිවෙයි.
"නාවික ක්‍ෂේත්‍රයේ අවුරුදු 12ක අත්දැකීම් උපයෝගි කරගෙන තමයි මම මේ ව්‍යාපාරය ඇරඹුවේ"
"කැප්ටන්" බෝට්ටු සේවයේ අධිපති ප්‍රදීප් චන්දන මහතා
මම අවුරුදු 24දි විෙදස් රටක නෞකාවක නාවිකයෙකු ලෙස සේවයට එක් වුණා. එතැන් සිට වසර 12ක් නාවික ක්‍ෂේත්‍ර‘යේ විවිධ අංශවල තනතුරු දරමින් කටයුතු කළා. ඒ විදියට රට රටවල සංචාරය කිරීමෙන් සංචාරක ක්‍ෂේත්‍රය පිළිබවඳ දැනීමක් ලබාගන්න මට පුළුවන් වුණා. මට හිතුණා මාදුගඟේ තිබෙන සුන්දරත්වයත් එක්ක බෝට්ටු සේවයක් අරඹන්න.
ඒ අනුව 1998 වර්ෂයේ මගේ මිතුරෙකු සමග එක්ව මෙම ආයතනය පටන් ගත්තා. මෙහි පැමිණෙන සංචාරකයන්ට අපි මාදුගඟේ තිබෙන දූපත්, කඩොලාන පද්ධතිය, මත්ස්‍ය වර්ග, කුරුලු වර්ග, උභය ජීවීන්, දූපත් ආශ්‍රිත කර්මාන්ත ආදී සියල්ල පිළිබඳව දැනුම ලබාෙදනවා. අපට සංචාරකයන්ගේ ජීවිත වගේම, අපව ජීවත් කරන මාදු ගඟත් වටින නිසා දෙස්-විදෙස් සෑම සංචාරකයෙකුටම බෝට්ටු සංචාරයේදී ආරක්ෂිත කබා ලබාදීමටත්, සංචාරයේදී පරිසරයට කිසිදු හානියක් සිදු නොකරන ලෙසටත් උපදෙස් ලබාදෙනවා.
සංචාරක බෝට්ටු මිල ගණන්
ආසන 06 - රු.2000
ආසන 15 - රු. 3500
ආසන 24 - රු. 4800
ආසන 24 - රු. 5500
දුරකථන අංක - 091-2257614 / 0777-641659