ඉන්දියානුවොත් වඳින සීතාඑළියේ දෙවොල
අවුරුද්ද ගෙවුණා විතරයි. ඒත් හුඟක් අයගේ හිත්වල තාම අවුරුදු. අවුරුදු කාලෙට හුඟක් අය පන්සල් කෝවිල් යන්න විශේෂ කැමැත්තකුත් තියෙන නිසාමයි ගිය සති අන්තයේත් අපි ඔයාව පන්සල් එක්ක ගියේ. ඉතින් මේ සති අන්තයේ අපි යමු කෝවිල්. කෝවිල පහළින් ගැටෙන පා සලඹක තරම් මිහිරි හඬකින් ගලා යන ගඟක්. ඒ ගඟත් එක්කම තරමක විසල් ගල් තලාවක්. රාම රාවණ සීතා තුන්කොන් ඉතිහාස කතාවේ අගමුල් මතකයට අරන් එන ඒ ඉතිහාස බිම්කඩේ රාවණ යුගයේ මතක සාක්ෂි බොහොමයක් මිහිදන්ව තියෙන බව තමයි කියන්නේ. සීතා දේවියට කෑමට දුන් අග්ගලා විශේෂයක්, රාවණ රජුගේ ඔසු උයන, සීතා දේවිය ස්නානය කළ ගංඟාව, සඟවා සිටි ගුහාව මේ ආදී සීතා පුරාවත හා ඈඳුණු විස්මිත පෙම් කතාවක මතක කන්දරාවක් අදටත් නුවරඑළියේ ස්ථාන බොහොමයක ශේෂව පවතින බවට සාධක හමුවෙනවා.
නුවරඑළිය හක්ගල උද්‍යානයට යන පාරේ පිහිටා තියෙන සීතා අම්මාන් කෝවිල නුවරඑළිය යන කවුරු වුණත් මඟනොහැර ගිහින් යන්න එන තැනක්. ලංකාවේ දෙවියන් අදහන විශ්වාස කරන භක්තිකයන් පමණක් නෙවෙයි ඉන්දියාවේ හින්දු භක්තිකයන් බොහෝ දෙනෙක් ජීවිතයේ එක් වතාවක් ඇවිත් යන්න ප්‍රර්ථනා කරන තැනක් තමයි මේ සීතා අම්මාන් කෝවිල. ඒකට ප්‍රධාන හේතුවක් තමයි සීතා දේවිය වෙනුවෙන් වෙන්වෙච්ච ලෝකයේ තියෙන එකම කෝවිල නුවරඑළියේ සීතා අම්මාන් කෝවිල වීම. නුවරඑළිය සීතා අම්මාන් කෝවිල වගේම හෝර්ටන්තැන්න බලන්නත් ඉන්දියානුවන් හුඟ දෙනෙක් එන්නේ සීතා දේවියගේ මතක සුවඳ විඳගන්න කියලා තමා කියන්නේ.
සීතා අම්මාන් කෝවිලේ දේව පිළිම නෙලා තියෙන්නේ හරිම විචිත්‍රවත් විදිහට. තඹ මිශ්‍ර රන් පැහැය මේ කෝවිල් බිමේ හැමතැනකම වගේ දකින්න තියෙන පැහැයක්. ඒ වගේම උදේ හවස දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වෙන අතරේ බාරහාර ඔප්පු කරන්නත් විශාල පිරිසක් මේ දේවල භූමියට එනවා.
ඉතින් කවිල් හඬ රුව් නගන කෝවිල් බිමක ශාන්ත සුන්දරත්වය විඳගන්නත් එක්ක යන්න ඔයත් සීතා අම්මාන් කෝවිලට ගිහින් එන්න. walk 111 එක්ක එන සති අන්තයේත් අපි යමු කොහේ හරි....
Text -Saara / Pic- Channa Kassapa Koralearachchi