ඇල්ල සංචාරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-07-ent-211

දකුණු ආසියාවේ වැඩිම ඔක්සිජන් ප්‍රතිශතයක් ඇති සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්වූ ඉතාමත් අලංකාර නගරයක් තමයි ඇල්ල නගරය. ලංකා ඉතිහාසයේ විජය රජුන්ටත් පෙර විසූ රාවණා රජුගේ රාජධානිය ලෙස පැවැතුණූ බවට, රාවණා ඇල්ල, රාවණා ගුහාව, රාවණා රජුන් සූර්යය නමස්කාරය කළ පුංචි සිරිපාදය වැනි ස්ථානවලින් අදටත් සාක්ෂී හමුවෙමින් පවතියි.

ඇල්ල සංචාරය කරනවානම් බලන්න තියෙනතැන් ගොඩක් තියෙනවා

  • ඇඩිෂම් බංගලාව හපුතලේ
  • රාවණා ඇල්ල
  • lipton seat බඹරකන්ද දිය ඇල්ල
  • දෝව පන්සල
  • දෙමෝදර පාලම
  • බෝගොඩ පාලම
  • පූනගල ස්ටේට්

 කොළඹ ඉඳන් ඇල්ලට බස් එකේ යනවනම් පැය 5ක් ගතවන අතර දුම්රියේ යනවනම් පැය 9.00ක් ගතවෙනවා. සැපපහසුවට යන්න සුන්දරත්වය විදින්න අවට පරිසරය බලන්න හොඳම විදියනම් දුම්රියේ යන එක.

අපේ සංචාරය පටන්ගත්තේ කොළඹින් රාත්‍රී 8.00 පිටත් වන දුම්රිය පාන්දර 5.00 වෙනකොට නානුඔය දුම්රි පොළ වෙත ළඟාවෙනවා. එතනින් එහාට තියෙන්නේ මිදුමෙන් වැහුණ සුන්දර ලෝකයක්. 

 

2017-06-07-ent-202 2017-06-07-ent-203

උදේ 6.00 විතර වෙනකොට ඇල්ල දුම්රියපළෙන් බැස්ස අපි මුලින්ම ගියේ ඇල්ල ගල (Ella Rock ) කන්ද නැගීමටයි. ඇල්ල දුම්රියපළෙ ඉඳන් ආපස්සට රෙල්පාර දිගේ කිලෝමීටර් භාගයක් විතර ඇවිත් කළුපාලමෙ ළඟින් තමයි කන්ද නගින්න තියෙන පාර පටන්ගන්නේ . (කිතල් ඇල්ල) ඇල්ල දුම්රියපළේ ඉඳන් කිතල් ඇල්ල දුම්රියපළ දෙසට ගමන් කරන විට ඇල්ල කපොල්ල හොඳින් දැක බලාගන්න පුළුවන්. මීදුම නැති කාලේකටනම් දකුණු පළාත හොඳින්ම බලාගන්න පුළුවන්.

පූනාගල කඳු වැටියෙ අවසාන භාගයේ පිහිටලා තියෙන 'ඇල්ල ගල' කන්ද පාමුලින් තමයි රාවණා ඇල්ල ගලාබසින්නේ. පඳුරු සහිත කොටස පහුකරලා ඊට පස්සේ ෆයිනස් කැලේ මැදින් කන්ද මුදුනට යන ගමන අවට සුන්දරත්වය නිසාම විඩාවක් නොදැනෙන තරම්. කන්ද මුදුනටම ගිහින් අවට සිරි නරඹලා කඳු බෑවුමේ, නැම්මක් එක්ක පිහිටලා තියෙන අයිනට බැස්සාම දිස්වෙන ත්‍රාසය මුසු පුළුල් දර්ශන පථය ඉතාමත් සුන්දරයි. කන්ද මුදුනෙදි රාවණා රජු සූර්ය වන්දනාව කළ පුංචි සිරිපාදේ හොඳින්ම දැක බලාගන්න පුළුවන්. අඩි 500කට ආසන්න උසක් තියෙන මේ කන්ද නගින්න ගත වෙන්නෙ පැයක් එක හමාරක් වුනාට මුළු ගමන නම් කිලෝමීටර 3කටත් වැඩියි. 

2017-06-07-ent-200

2017-06-07-ent-201

කන්ද බැහැලා එනගමන් විඩාව යන්නත් එකක් නාගන්නත් අපි අමතක කළේ නැහැ.

 

2017-06-07-ent-204

 

ඊට පස්සේ ඇල්ල නගරයට ආපු අපි ගියේ රාවණා ඇල්ල බලන්න. ඇල්ල නගරයේ ඉඳන් වැල්ලවාය පාරේ කි.මී. 6 දුරකින් තමයි රාවණා ඇල්ල තියෙන්නේ. මුහුදු මට්ටමේ සිට අඩි 4500 ක උසින් පිහිටි අඩි 82 ක් පමණ උස රාවණා ඇල්ල දුටුවන් ගල් ගැසෙන අසිරිමත් ජල ධාරාවෙන් අලංකාර පරිසරයට ඵක් කරන්නෙ අමුතුම නැවුම් බවකි.

රාවණා කතා පුවතට අනුව රාවණා රජු සීතා දේවිය පැහැර ගෙනවිත් සඟවා ඇත්තේ රාවණා ඇල්ල පිටුපස ඇති වන ලැහැබක්වූ ගුහාවකය. දැන් ඵය රාවණා ඇල්ල ලෙන යනුවෙන් හැඳින්වෙ. සීතා දෙවිය මෙම ඇල්ලෙන් ස්නානය කර ඇති බව ද පැවසේ. 

 

2017-06-07-ent-205

 

රාවණා ඇල්ලේ සුන්දරත්වය විඳි අපි අහස් පාලම හෙවත් ආරුක්කු 9යේ පාලම බලන්න පිටත් වුණා. මෙහි විශේෂත්වය නම් ඉදිකර තිබෙන්නේ එම ප්‍රදේශයේ විසූ කට්ටඩියෙක් විසින්. ඉංග්‍රීසින් විසින් මෙය ඉදිකිරීම අතහැරදමා තිබූ අවස්ථාවක එය ඉදිකිරීමට එම ප්‍රදේශයේ විසූ කට්ටඩියෙක් මෙන්ම, ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ අප්පුහාමි නමැත්තා ඉදිරිපත් විය. දෙවැනි ලෝක සමයේදී යකඩ හිඟ බැවින් මෙය ඉදිකිරීමට ඉංග්‍රීසින් විසින් යකඩ ලබා නොදුන් අතර එකදු යකඩ කම්බියක්වත් භාවිත නොකරමින් හෙළ තාක්ෂණය කළුගලින් පමණක් උපයෝගි කරගනිමින් ලොවම මවිත කරන මෙම අපූරු නිර්මාණය කර තිබෙනවා. ජනප්‍රවාදය අනුව මෙහි ශක්තිය ගැන ප්‍රශ්න කළ ඉංග්‍රීසින්ට, පාලම උඩින් දුම්රිය යවන්න මම පාලම යට නිදාගන්නවා කියා අභියෝග කර තිබෙනවා. අදටත් දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයක් මෙම ස්ථානයට ලැබී තිබෙනවා. 

 

2017-06-07-ent-206 2017-06-07-ent-207

 

එතැනින් පස්සේ අපි අපේ අවසන් ඉලක්කය වන රාවණා රජුන් සූර්ය නමස්කාරය සිදුකළ පුංචි සිරිපාදේ නගින්න පිටත් වුණා. කන්ද උඩ තිබෙන හුලංපාර නිසා දවසම ඇවිද්ද මහන්සිය නිවාගන්න නියම තැන. මෙම ස්ථානය උදේට ඉර නගිනවා වගේම, හවසට ඉර බැස යන අයුරුද ඉතාමත් සුන්දරව දකින්න පුළුවන්. 

 

2017-06-07-ent-208 2017-06-07-ent-209 2017-06-07-ent-210

 

සටහන සහ ඡායාරූප - දිස්න ධර්මරත්න