ආරුගම්බේ සුන්දරත්වය විඳගන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-06-ent-326

තරුණයන් නිරන්තරයෙන් රට වටා සංචාරය කරන්න වැඩි කැමැත්තක් දක්වන බව නොරහසකි. විශේෂයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි තරුණ ප්‍රජාව මෙතෙක් දරා සිටි විභාග ආතතිය මගහරවා ගන්න සුන්දර ස්ථානවල සංචාරය කරමින් එහි මිහිරියාව සිය මිතුරන් සමග වින්දනය කරන්නට මේ කාලය යොදවන බව නොරහසකි. එමෙන්ම රැකියාවල නිරතවන්නට සේම, සිය පුවල සමග ගොස් ඔබගේ විවේකය වඩාත් වින්දනීයව විඳගැනීමට අපේක්ෂා කරන ඔබ සැමට ගැළපෙන සුන්දර සංචාරක පාරාදීසයක් ලෙස "ආරුගම්බේ" හැඳින්විය හැකිය.

2017-09-06-ent-349ආරුගම්බේ සංචාරක කලාපයේ සුන්දරත්වය විඳීමට යන ඔබට නවාතැන් ගැනීම සඳහා හෝටල් රැසක් පවතින අතර, එහි සුවිශේෂී ස්ථානයක් ලෙස ආරුගම්බේ සංචාරක පොලීසියට ආසන්නව ඊට මෙපිටින් පිහිටි "ටැන්සානයිට් බීච් විව් හොටෙල්" හැඳින්විය හැක.

මීට වසර 3කට පමණ පෙර ඇරැඹි "ටැන්සානයිට් බීච් විව් හොටෙල්" ටැන්සා හෝටල් ජාලයට අයත් හෝටලයකි. (ඔහුන් සතු සෙසු හෝටල් වන්නේ නුවරඑළියේ පිහිටි %ටැන්සානයිට් මවුන්ට් විව් හා කටුනායක පිහිටි "ටැන්සා නයිට් එයාර්පෝට් විව්"යන හෝටල්ය) කොළඹ සිට කිලෝමීටර් 323ක් දුරින් පිහිටි මෙම හෝටලය වෙත කොළඹ පිටකොටුවේ සිට ගමන් අරඹන පානම දක්වා බස් රථවලද පැමිණිය හැකි අතර, ඒ අනුව රාත්‍රී 7.00ට කොළඹින් පිටත්වන බස් රථයේ පැමිණියහොත් අලුයම 3.00 පමණ වනවිටද, රාත්‍රී 10.00ට කොළඹින් පිටත්වන බසයෙන් අලුයම 6.00 පමණ වනවිට ආරුගම්බේ වෙත පිවිසිය හැක. මෙම හෝටලය සතුව කාමර 18ක් පවතින අතර, ඒවා තිදෙනෙකුගේ සිට පස් දෙනෙකු දක්වා ලැඟුම් ගත හැකි පරිදි සකසා තිබේ. මෙම වායු සමනය කළ කාමරයක් රු.3500ක මිලකට ලබාගත හැකි අතර, වායු සමනය රහිතව රු.3000ක මිලට ලබාගත හැක.

එසේම මෙම හෝටලය සතුව කබානා 4ක් පවතින අතර, කබානාවක් රු.1000ක මිලට ලබාගත හැක. ඔබ පිරිසක් සමග යන්නේ නම් 20 දෙනෙකුට එකවර ලැඟුම් ගත හැකි හොස්ටලයක්ද මෙම හෝටලය සතු අතර ඒ සඳහා එක් අයෙකුට ගෙවීමට සිදුවන්නේ රු.750ක් වැනි මුදලකි.

"ටැන්සානයිට් බීච් විව් හොටෙල්"හි ලැඟුම්ගන්නා ඔබට ඒ ආසන්නයේම පිහිටි සුන්දර ආරුගම්බේ මුහුදු තීරයේ පිහිනීමට මෙන්ම සර්ෆින් ක්‍රීඩාවේ යෙදීමටද හැකියාව ලැබේ. මෙම වෙරළ තීරය විශේෂ කාර්ය බළකායේ වෙරළ ආරක්ෂකයන්ගේ නිරන්තර ආරක්ෂාව යටතේ පවතින්නකි.

ඊට අමතරව මුහුදු මහ විහාරය, මඟුල් මහා විහාරය, කුඩ්ම්බිගල ආරන්‍ය සේනාසනය, ඔකඳ දේවාලය, කුඩා කැබිලිත්ත, කැබිලිත්ත, නීලගිරි මහා සෑය යන පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමේ හැකියාවද පවතී. මෙම ස්ථාන කරා යාමට ඔබට ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නම්, එයද මෙම හෝටලය හරහා සිදුකර ගත හැකි වේ.

 

2017-09-06-ent-327

 

පරිසරය හා වන සතුන් සහා පක්ෂීන් නැරඹීමට කැමැත්තක් දක්වන ඔබට සුවිශේෂී සෆාරි අත්දැකීමක්ද "ටැන්සානයිට් බීච් විව් හොටෙල්" මගින් සලසා දෙනු ලබයි. ඒ අනුව ලාහුගල වනෝද්‍යානය, කුමන වනෝද්‍යානය, රදැල්ල වැව වනෝද්‍යානය සහ ලැගූන් සෆාරි (කඩොලාන පරිසර සවාරිය) ආදි ලෙස සෆාරි අත්දැකීම් රැසක් මෙහිදී අත්විඳීමේ අවකාශ සැලසේ.

තරුණ ඔබ සර්ෆින් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ආධුනිකයන් සඳහා සර්ෆින් දැනුම ලබාදී ප්‍රායෝගිකව සර්ෆින් ක්‍රීඩාවේ නිරත කිරීමද මෙම හෝටලය මගින් සිදු කෙරේ. ඊට අතරව ආරුගම්බේ පිහිටි ලෝ ප්‍රකට සර්ෆින් පොයින් වන ආරුගම්බේ පොයින්ට්, එලිෆන්ට් රොක්, ක්‍රොකඩයිල් රොක්, පීනට් ෆාර්ම්, විස්කි පොයින්ට්, පොතුවිල් පොයින්ට්, ඔකඳ පොයින්ට්,ලයිට් හවුස් පොයින්ට් (සංගමන්කන්ද තුඩුව) හි සර්ෆින් කිරීමට ඔබව රැගෙන යාමද , ඊට අවැසි පහසුකම් සැලසීමද සිදු කරනු ලබයි.

එසේම කෑම්පින් කිරීමට කැමැත්ක දක්වන්නන්ට නයිට් කෑම්පින් පහසුකම්ද මෙම හෝටලය විසින් සලසා දෙන ලැබේ.ඒ සමගම ඕනෑම දේශීය හා විදේශීය ආහාරපාන වර්ගයක් සේම විශේෂ සී ෆුඩ් බාබිකියු වර්ගද "ටැන්සානයිට් බීච් විව් හොටෙල්" වෙතින් ලබාගත හැකිය.

මේ සියලු පහසුකම් සමගින් ආරුගම්බේහි සුන්දරත්වය විඳගැනීමට සේම ඉහත කී පූජනීය ස්ථාන වෙත යාමට සහ සුවිශේෂී සෆාරි හා සර්ෆින් අත්දැකීම් විඳගැනීමට තරුණ ඔබ මිතුරන් සමග හෝ පවුලේ අය සමග පැමිණෙන ලෙස ඔබට ආරාධනා කරන සිටින බව %ටැන්සානයිට් බීච් විව් හොටෙල්^ හි අධ්‍යෂක ලක්මාල් පුංචිහේවා මහතා අප හා පවසා සිටියේය.

0721317944/ 0785915036

 

2017-09-06-ent-325   2017-09-06-ent-328 2017-09-06-ent-330 2017-09-06-ent-331 2017-09-06-ent-332 2017-09-06-ent-333 2017-09-06-ent-334 2017-09-06-ent-335 2017-09-06-ent-336 2017-09-06-ent-337 2017-09-06-ent-338 2017-09-06-ent-339 2017-09-06-ent-340 2017-09-06-ent-341 2017-09-06-ent-342 2017-09-06-ent-343 2017-09-06-ent-344 2017-09-06-ent-345 2017-09-06-ent-346 2017-09-06-ent-347 2017-09-06-ent-348