ආරක්ෂාකාරී ජීප් සවාරියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-21-ent-94

2017-03-21-ent-86විනෝද චාරිකාවක් සැලසුම් කිරීමේදී ගමනට එක්වන හැමෝම සතුටුවන සංචාරයක් විය යුතුයි. බොහෝ දෙනා එවන් විනෝද චාරිකාවන් යොදාගැනීමේදී ජාතික උද්‍යාන නැරඹීමට සැලසුම් කරනවා. පුංචි දරුවාගේ සිට වැඩිමහල් අයද සතුන් නැරඹීමට ප්‍රිය කරන නිසා, එසේම එම ගමනේදී ජීප් සවාරියක් කාගේත් විනෝදයට හොඳ අවස්ථාවක්.

උද්‍යානයේ ගහකොළ අතර ඉතා දුෂ්කර මාර්ගවල ගමන් කරමින් වල් අලීන්, මුවන්, වල් ඌරන් වගේම වෙනත් බොහේ සතුන් දැකබලාගැනීම සොඳුරු අත්දැකීමක්.

විශේෂයෙන්ම වල් අලින් නැරඹීම කොයිකාගේත් විනෝදයක්. මොන තරම් සංචාරය කළත් එපා නොවන මෙම සංචාරය වඩාත් සුරක්ෂිතව, ආරක්ෂාකාරීම සංචාරයක් විය යුතුයි.

ජීප් සවාරි පිළිබඳ කථා කිරීමේදී විනෝදය මෙන්න සංචාරකයන්ගේ ජීවිත ආරක්ෂාව විශේෂිතයි. වර්ථමානයේ මේ පිළිබඳ ජිප් රථ රියදුරන් සැලිකිලිමත්ව කටයුතු කරන අයුරු අපට දැක ගැනීමට පසුගිය දිනක හැකිවුනා.

ඉදිරියේ එළඹෙන උත්සව සමයේ ජාතික උද්‍යානයක සංචාරය කිරීමට බලාපොරොත්තු ඇතිව ඉන්න ඔබට මෙය විශේෂයෙන්ම වැදගත් වේවි.

%ජීප් සවාරි^ පිළිබඳ කථා කිරීමේදී මින්නේරිය, එකෝපාර්ක්, කවුඩුල්ල, බොහොම විනෝදයෙන් පිරි සංචාරයකට හොඳම උදාහරණයකි. මින්නේරිය වැව හා කවුඩුල්ල වැව , ජීප් සවාරි සඳහා කදිම වූ අත්දැකීමක්. වල් අලීන් රංචු පිටින් දැක ගැනීමට බොහෝ අවස්තාවන් මෙම ස්ථානවලදී ලබාගත හැකියි.

එක දිගට ගමන්ගන්නා ජිප් රථ සැබැවින්ම සොඳුරුම දර්ශනයකි. අපට පසුගිය දිනක මෙවන් අත්දැකීමක් ලබාගැනීමට හැකි වූ අතර ජීප් සවාරි පිළිබඳ ඔබට දැකගත යුතු කරුණුද බොහොමයකි.

ජිප් සවාරියක් යාමේදී මූලිකව රජයේ හා සංචාරකයාගේ ආරක්ෂාව පිළිබඳ මූලිකව සිතා කටයුතු කළ බවත්, එය වගකීමෙන් ඉටුකිරීමට කැපවී සිටින හබරණ යුනයිටඩ් ජීප් සවාරි සංගමය කටයුතු කරන බව දැක ගැනීමට හැකි වුනා.

මෙම සංගමය සතුව ජිප් රථ 40කට අධික ප්‍රමාණයක් පවතින බවත් සියලුම ජීප් රථ උසස් තත්ත්වයේ ජීප් රථ බවයි සඳහන් කළේ. ජීප් රථ රියදුරන් සියලු නීති රීති හරියාකාරව ඉටුකරන බවද එහි සභාපති කුමාර මහතා සඳහන් කර සිටියේ.

මෙම සංගමයේ ජීප් රථවල මඟීන් 5 දෙනෙකු පමණක් ගෙන යන අතර සෑම මගියෙකුටම රු. ලක්ෂ පහක ජීවිත රක්ෂණයක්ද පවතින බවයි හෙතෙම සඳහන් කළේ.

තම සංගමයේ රියදුරන් සංචාරකයන්ව සතුටු කිරීම වගේම සතුන්ට හිරිහැර නොවන ලෙසත් සියලුම නීති රීති අනුවම කටයුතු කිරීමට බැඳී සිටින බවද සඳහන් කළා.

බොහෝ විට අපට දැක ගැනීමට හැකි වන්නේ ජිප් රථ රියදුරන් වන සතුන් අසලටම සංචාරකයන් ගෙන යාම හා ඇතැම් විට සතුන් ඇවිස්සවීම සිදුකිරීමයි. සංචාරකයන් සතුටු කිරීමට කරන හෙවත් නීතීරීතිවලට පිට කටයුතු නිසා කරදරවලට මුහුණ පාන අවස්ථාද අපමණයි.

නමුත් යුනයිටඩ් ජිප් රථ සංගමයේ ජිප් රථ වඩාත් සුරක්ෂිත විනෝදයෙන් සංචාරය කළ හැකි ජිප් රථ බවයි ඔවුන් අප හා සඳහන් කළේ.

ජිප් සවාරි සැබැවින්ම කදිම අත්දැකීමකි. දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කරමින් වන සතුන් නැරඹීමට ඉතා ප්‍රියය. නමුත් සතුට නැවත නිවසට ගෙනයාම කාගේත් වගකීමකි. එම වගකීම පිළිබඳ අවබෝධයක් සංචාරයට එක්වන ඔබද දැනගත යුතුයි.

 

සටහන හා ඡායාරූප - ශාන් බන්දු වීරසිංහ

 

2017-03-21-ent-84 2017-03-21-ent-85  2017-03-21-ent-87 2017-03-21-ent-88 2017-03-21-ent-89 2017-03-21-ent-90 2017-03-21-ent-91 2017-03-21-ent-92 2017-03-21-ent-93  2017-03-21-ent-95 2017-03-21-ent-96 2017-03-21-ent-97 2017-03-21-ent-98 2017-03-21-ent-99 2017-03-21-ent-100 2017-03-21-ent-101 2017-03-21-ent-102 2017-03-21-ent-103 2017-03-21-ent-104 2017-03-21-ent-105 2017-03-21-ent-106 2017-03-21-ent-107 2017-03-21-ent-108 2017-03-21-ent-109 2017-03-21-ent-110 2017-03-21-ent-111 2017-03-21-ent-112 2017-03-21-ent-113 2017-03-21-ent-114 2017-03-21-ent-115 2017-03-21-ent-116