ආදරවන්තයන්ටම වෙන්වූ කොළඹ තැන් 07ක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තවත් දින කිහිපයකින් ඔබත්, මමත් පසුකරන සාමාන්‍ය දිනයක්, ‘ආදරවන්තයන්ගේ දිනය’ නමින් සැමරීමට නියමිතය. එය බටහිරින් අභිෂේක ලැබූවක් වන අතර, මේ වනවිට අප රටෙහිද මෙය සැමරීම සිදුකරයි. ඒ වෙනුවෙන් උවමනා තරම් විකල්ප, සැමරීම් ක්‍රම, සැලකිය යුතු තරම් ති‍බේ. ඉහළ මුදල් වටිනාකම් යටතේ ඒවා වෙන්වුවත්, මේ කියන්නට යන්නේ ඒ වෙනුවෙන් තමන්ගේ දිනය වෙන්කරන ආදරවන්තයන්ට නිදහසේ ඉන්නට සහ ඇවිද යාහැකි ස්ථානය පිළිබඳවය. මේ සියලු ස්ථාන කොළඹ අවටම පිහිටි ලාභදායී ස්ථාන වීම විශේෂත්වයකි. ඒ ස්ථාන බොහෝමයකටම ඔබට නොමිලයේ විය හැකි අතර, ඇතැම් ඒවා සඳහා සුළු මුදලක් අය කරනු ලැ‍ෙ, එහෙත් ඒ මුදල ඔබ අත්විඳින නිදහසට වඩා ඉතා සුළු අගයක් ගන්නා බව නොකියමනාය.

 

2017-02-08-ent-114

 

පිටකොටුවේ පාවෙන වෙළෙඳසැල

2017-02-08-ent-115නොනිදන නගරය ලෙසින් විරුදාවලියලත්, පිටකොටුව නගරයේ පිහිටා තිබෙන දුම්රිය ස්ථානය, බැස්ටියන් මාවතේ තිබෙන දුරගමන් සේවා පෞද්ගලික බස්රථ ගාල, මැනින් වෙළෙඳ පොළ යනු සෑම දිනකම පාහේ මිනිසුන්ගෙන් පිරී ඉතිරී යන කාර්යය බහුලම ස්ථාන කිහිපයකි. අතිශය ජනාකීර්ණ වූ එම ස්ථානවලට අමුතුම මිහිරක් ගෙනදෙන පාරදීසයක් ලෙස ‘පාවෙන වෙළෙඳ’ සැල හඳුන්වාදිය හැකිය. බේරේ වැවේ එක් කොටසක ජලය පිරිසිදු කර එය මත මෙම වෙළෙඳ පොළේ වෙළැඳසැල් කිහිපයක් නිර්මාණය කර තිබෙන හෙයින් මෙම ස්ථානය පාවෙන වෙළෙද සැල ලෙස හඳුන්වයි.

ජනාකීර්ණ වූ නගරයේ යම්තාක් දුරට නිදහසේ සිටීම සඳහා ස්ථාපිත කර ඇති මෙම ස්ථානයේ වැඩිපුරම දක්නට ලැබෙන්නේ පෙම්වතුන්ය. අරලිය තුරු වියන් යට, කුඩ ගසා නිර්මාණය කරන ලද බංකු මතට වී පෙම්බස් දෙඩීමටත්, අනාගත පෙම් සිහින මාලිගා තනන්නටත් මෙම ස්ථානය ඔවුන්ට ඉතා අගනේය. බස්රථවලින් නැෙගන නළා හඬ සහ විටින් විට ඒ අසලින් ගමන් කරන දුම්රියවලින් නැගෙන හඬ ඇරෙන්නට වෙනත් කිසිදු අයුරකින් බාධාවක්, හිරිහැරයක් මෙහිදී සිදුනොවේ.

මෙහි ඇඳුම් පැලඳුම්, විසිතුරු භාණ්ඩ, පලතුරු වර්ග මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැල් විශාල ප්‍රමාණයක් විවෘතව පවතී. එමෙන්ම ඉතා අඩු මුදලකට, පිරිසිදු, ප්‍රණීත ආහාර මිලදී ගැනීම සඳහා විශාල අවන්හල් ද්විත්වයක්ද මෙ තුළ පිහිටා තිබේ. ඊට අමතරව හංස බෝට්ටුවක නැගී ජලය මත නිදහසේ සැරසැරීමටද පෙම්වතුන්ට අවකාශය ලබාදී ඇත.

 

2017-02-08-ent-116

 

2017-02-08-ent-117

ගාලු මුවදොර (Galle Face)

2017-02-08-ent-118ගාලු මුවදොර යනු කොළඹ නගරයේ පිහිටි මුහුදු වෙරළ සමග බැඳුණු සක්මන් කිරීම සඳහා තැනුණු බිම් තීරයකි. මෙය කොළඹ නගරය තුළ නිදහසේ සහ විවේකීව සිටීම සඳහා තිබෙන විශාලතම බිම් තීරය ලෙසද හැඳින්වේ. 1859 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් හෙන්රි වෝඩ් විසින් අශ්වයන් පැඳවීමට සහ ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරතවීමට නිර්මාණය කරන ලද මෙම ඉසව්ව වර්තමානයේ විශාල වශයෙන් භාවිත කරනුයේ පෙම්වතුන්, තරුණයන් සහ කුඩා පවුල් ඒකකය.

උදෑසන සිට ගොම්මන් යාමය දක්වා මෙතුළ වඩාත්ම දැකිය හැක්කේ බංකුවක් මතට වී ඈත දියඹේ ගමන් කරන නැවක් දෙස නිදහසේ බලා සිටින, මුහුදු රළ පාගන, දෑත් පටලාගෙන පෙම්බස් දොඩවමින් ඇවිදයන ආදරවන්තයන්ය. මෙම ඉසව්වේ පිහිටා තිබෙන තුළද කුඩා වෙළෙඳ සැල් මගින් සුළු ආහාරපාන මිලදී ගතහැක. එහෙත් එම ආහාරපානවල ගුණාත්මකභාවය පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුය. මීට අමතරව මෙම ඉසව්වට නුදුරින් පිහිටා තිබෙන අතීතයේදී ලන්දේසීන් විසින් බැරැක්කයක් ලෙසත්, පොලිස් ස්ථානයක් ලෙසත් භාවිතයට ගත් සහ පසුගිය රජය මගින් සාප්පු සංකීර්ණ ලෙස සංවර්ධනය කරන ලද පැරැණි ලන්දේසි රෝහල් පරිශ්‍රය තුළ සාප්පු සාවාරියකද නිරතවීමටද හැකියාව තිබේ. එය පිහිටා තිබෙන්නේ කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි සංකීර්ණය ඉදිරිපිටය.

කොළඹ කොටුවේ සිට මොරටුව දක්වා මාර්ග අං‘ක 100 ඔස්සේ දිවෙන බස්රථයකින් කිලෝමීටර 3.9ක් පමණ ගමන් කිරීමේදී හමුවන %ටාජ් සමුද්‍රා^ හෝටලය අසල තිබෙන බස්නැවතුමෙන් බැස ඉදිරියට ගමන් කිරීමෙන් මෙම ස්ථානයට පිවිසිය හැක.

 

2017-02-08-ent-116

 

2017-02-08-ent-119

ගංගාරාමයේ උද්‍යානය

2017-02-08-ent-120ගංගාරාම විහාරස්ථානය ගැන අසා නොමැති කෙනෙක් නැති තරම්ය. මෙම විහාරස්ථානය වෙත ප්‍රධාන මාර්ගය ඔස්සේ කොළඹ සිට පැමිණෙන විට, මාර්ගයට සමාන්තරව දක්නට ලැබෙන බේරේ වැව මධ්‍ය‘යේ ඉදිකර තිබෙන මෙම උද්‍යානය බේරේ වැවට අමුතුම සිරියක් එක්කරයි. ගංගාරාම උද්‍යානය පාලනය කරනු ලබන්නේ %අපි වෙනුවෙන් අපි^ කියන තේමාව ඔස්සේ රටට සේවය කරන රණවිරුවන්ය.

මෙම උද්‍යානයට පිවිසීමට ඇත්තේ අලංකාර ලෙස තනා තිබෙන පාලමකිනි. මාර්ගයෙන් දුරස්ව, අලංකාර පරිසරයක මෙය නිර්මාණය කර තිබෙන හෙයින් මෙතුළද වැඩිපුරම දැකගත හැක්කේ පෙම්වතුන්ය. ඔවුන්ට වැව වටේ ගමන්කිරීම සඳහා ඉතා අඩු මුදලකට බෝට්ටු සේවයක්ද, අඩු මුදලකට ප්‍රණීත ආහාර වර්ග, බීම වර්ග ආදියද මිලදී ගැනීම සඳහා වෙ‍‍ළෙඳ සැලක්ද මෙහි පාලන අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලැබේ.

මෙම උද්‍යානය වෙත පිවිසෙන ඕනෑම කෙනෙකුට සිත සැහැල්ලු කරගැනීම සඳහා ඊට නුදුරින් පිහිටා තිබෙන සීමා මාලයකට සහ ගංගංරාම විහාරස්ථානය වෙතද පියනැගිය හැක.

කොළඹ කොටුවේ සිට මොරටුව දක්වා මාර්ග අංක 101 ඔස්සේ දිවෙන බස්රථයකින් කිලෝමීටර 4ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ පිවිසුම් මාර්ගය හමුවේ. එම මාර්ගය අසල තිබෙන බස්නැවතුම් පොළෙන් බැස, මාර්ගය හරහා මාරුවීමෙන් මෙම ස්ථානය වෙත ළඟා විය හැක.

 

2017-02-08-ent-116

 

2017-02-08-ent-121

විහාරමහා දේවි උද්‍යානය

2017-02-08-ent-122නාගරීකරණය අතින් ඉහළ කොළඹ නගරය තුළ කාර්යය බහුල ජීවිත ගෙවන නගරවාසීන්ට, ගහ කොළ පිරුණු පරිසරයක් තුළ පිරිසිදු සුසුමක පහස ලබමින් විවේකීව දවස ගෙවා දැමීමට හැකි සුන්දරම ස්ථානයක් ලෙස විහාර මහාදේවි උද්‍යානය හඳුන්වාදි හැක. "වික්ටෝරියා පාක්" යනුවෙන්ද හැඳින්වෙන මෙම උද්‍යානය නිර්මාණය කර තිබෙනුයේ අතීතයේදී රට වෙනුවෙන් අනගි මෙහෙවරක් ඉටු කළ විහාර මහාදේවිය සිහිවීම පිණිසය.

කොළඹ නගරය තුළ පිහිටා තිබෙන දූපතක් ලෙසට පෙනෙන මෙම උද්‍යානයේ එක් කොටසක කුඩා දරුවන්ට විනෝදවීම සඳහා සතුටු උයනක්, මින්මැදුරක් තනා තිබේ. ඊට අමතරව මුළු භූමියම ආවරණය වන පරිදි තැනින් තැන කොන්ක්‍රීට් බංකු අතුරා නිර්මාණය කරන ලද කුඩා කුටි රාශියක්ද අැත. එම කුටි වෙන්වන්නේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහ විනෝදවීම සඳහා රැස්වන කුඩා කණ්ඩායම් සඳහාය. දැවයෙන් තැනූ තවත් කුඩා බංකු උද්‍යානය වටාත්, උද්‍යානය තුළත් රඳවා තිබෙනුයේ පෙම්බස් මිමිනීමට පැමිණෙන ආදරවන්තයන් වෙනුවෙනි.

මෙම උද්‍යානය තුළදී අශ්ව කරත්තයක නැගී රවුමක් ගැසීමට, හංස බෝට්ටුවක නැගී කෘත්‍රිමව නිර්මාණය කරන ලද කුඩා වැවේ වටයක් යාමටද අවස්ථාව සැලසෙයි. උද්‍යානය තුළ පිහිටා තිබෙන ආපනශාලාවෙන් සහ 138 බස්රථ දිවෙන මාර්ගයේ තැනින් තැන නවතා තිබෙන කුඩා ලොරි රථවලින් ආහාරපාන මිලදී ගැනීමටද මෙහි පැමිණෙන සංචාරකයන්ට අවකාශය සැලසෙයි. එසේම නොමිලයේ Wi-Fi අන්තර්ජාල පහසුකම්ද මෙම උද්‍යානය තුළින් ලබාගැනීමට හැකියාව ලැබේ. ෙමහි පැමිණෙනපොත්පත් කියැවීමට ප්‍රියකරන්නන්ට, පෙම්වතුන්ට, උද්‍යානයේ කෙළවරක පිහිටා තිබෙන කොළඹ මහජන පුස්තකාලය තුළට වී නිදහසේ පොතක් කියවීමටද අවස්ථාව හිමිෙවයි.

කොළඹ කොටුවේ සිට 138 මාර්ගයේ දිවෙන ඕනෑම බස් රථයකින් (මහරගම, කොට්ටාව, මත්තේගොඩ, හෝමාගම, රුක්මල්ගම, අතුරුගිරි) කිලෝමීටර 6.5ක පමණ ගමන් කිරීමේදී ටවුන් හෝල් මංසන්ධිය හමුවේ. එම මන්සං‘ධිය පසුකර ඉදිරියට පැමිණීමේදී හමුවන කොළඹ නගර සභාව අසල තිබෙන බස් නැවතුමෙන් හෝ පිත්තල හංදියේ පිහිටා තිබෙන මහජන පුස්තකාලය අසල ඇති බස් නැවතුමෙන් බැස මෙම උද්‍යානයට පිවිසිය හැක.

 

2017-02-08-ent-116

 

 2017-02-08-ent-124

නිදහස් චතුරස්‍රය

2017-02-08-ent-123බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් 1948 වර්ෂයේදී ලංකාවට නිල වශයෙන් නිදහස පිරිනමා තිබෙන්නේ මෙම ස්ථානයේදීය. නිදහස ලැබීමෙන් පසු පළමු නිල පාර්ලිමේන්තු රැස්වීම පවත්වා ඇත්තේද මෙහි තිබෙන ශාලාව තුළය. අතීත මතකයන් රැසක් සඟවා ගත් මෙම ඉසව්ව තුළදී වර්තමානයේදී ඕනෑම අයෙකුට නිදහසේ සිටීමට අවකාශය සැලසෙයි.

නිදහස් සමරු ශාලාවේ සිට බටහිර දෙසට වන්නට නිදහසේ ඇවිද යා හැකි සක්මන් මළුවක්ද නිර්මාණය කර තිබේ. තුරු වියනක් යටින් නිර්මාණය කර තිබෙන එම මාර්ගයේ ගමන් කිරීමේදී ගතට මෙන්ම සිතට අමුතුම මිහිරක් ගෙනදෙයි. එම මාර්ගය අවසන් වන්නේ ග්‍රහලෝකාගාරය අසලිනි. අනෙකුත් ස්ථානවලදී මෙන්ම අඩු මිල ගණන් යටතේ ආහාර මිලදී ගැනීමටද , සදා අමතක නොවන මතක සටහනක් ලෙස තබාගත හැකි කලාත්මක ඡායාරූප ගැනීමට මෙම ඉසව්ව තුළදී හැකියාව ලැබේ.

නිදහස් චතුරස්‍රයට පිටුපස කොටසේ කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙළ යටතේ සංවර්ධනය කරන ලද සුපිරි සාප්පු සංකීර්ණයක් වන %ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්^ (Independence Arcade) පිහිටා තිබේ.

ජනපිය වෙළෙඳ සන්නාමයන්ට අයත් පාරිභෝගික භාණ්ඩ, ඇඟලුම්, ආභරණ හා ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා එම භූමිය තුළ නවීන වෙළෙඳසැල් 40කට අධික සංඛ්‍යාවක්ද, අහාරපාන මිලදී ගැනීම සඳහා සුපිරි තත්ත්වයේ අවන්හල් කිහිපයක්ද පිහිටා තිබේ.

ඊට අමතරව "එම්පයර්" නමින් සිනමා ශාලා සංකීර්ණයක්ද මෙහි ස්ථාපිත කර තිබේ. එහි DELUXE සහ GOLD නමින් සිනමා ශාලා ද්විත්වයක් පවතී. එහි GOLD ශාලාව ඔස්සේ 3D සිනමාපට නැරඹීමට අවකාශය ලැබෙන අතර, DELUXE ශාලාවෙන් සාමාන්‍ය චිත්‍රපට නැරඹීමට අවකාශය ලැබේ. මෙහි එක ටිකට් පතක් අලෙවි වන්නේ රු.750 ක මුදලට සහ රු.1000 ක මුදලකටය. එම ඉසව්ව ඔස්සේ රේස්කෝස් පිටිය හෙවත් තුරඟතරග පිටිය පිහිටා තිබූ භූමියටද පිවිසීමට හැකියාව ලැබේ. වර්තමානයේ එම පිටියද සංවර්ධනය කර රග්බි ක්‍රීඩා පිටියක් නිර්මාණය කර ඇත. ඒ අවටද විසිතුරු මල්වලින් අලංකාර කර විවේක ගැනීම සඳහා කොන්ක්‍රීට් බංකු අතුරා තිබේ. එම පිටියට ඉදිරිපසින් ප්‍රධාන මාර්ගයට සමාන්තරව ඉදිකර තිබෙන වෙළෙඳ සංකීර්ණය මගින්ද ලොව සුපතළ සන්නාමයන්ගෙන් යුත් ඇඳුම් පැලඳුම්, ආහාරපාන මිලදී ගැනීමට අවකාශය සැලසෙයි.

කොළඹ කොටුවේ සිට 138 මාර්ගය ඔස්සේ දිවෙන ඕනෑම බස් රථයකින් කිලෝමීටර් 7.5ක් පමණ ගමන් කිරීමේදී හමුවන පැරැණි තුරඟ තරග පිටිය (Race Course) අසල තිබෙන බස් නැවතුමෙන් බැස, පසුපසට ගමන් කිරීමෙන් හෝ රේස්කෝස් පිටිය දෙසට ගමන් කිරීමෙන් මෙම ඉස්ථානය තුළට පිවිසිය හැකිය.

 

2017-02-08-ent-116

 

2017-02-08-ent-125

දියත උයන

2017-02-08-ent-126කොළඹ නගරයට තරමක් දුරස්ව පිහිටියත් ඕනෑම අයෙකුට විවේකී සුවය විඳගැනීම සඳහා අගනුවර ආසන්නයේ තිබෙන සුන්දර පාරිසරික කලාපයක් ලෙස "දියත උයන" හඳුන්වාදීමට පුළුවන. සමුද්‍ර‘දේවිය හා සම්බන්ධ පුරාවෘත්ත රැසක් පවතින දියවන්නා ඔය මධ්‍ය‘‘යේ මෙම උද්‍යානය ස්ථාපිත කර තිබේ.

ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටියත්, දියත උයන භූමිය තුළ තිබෙන්නා වූ නිශ්ශබ්දතාවය නිසා විවේකීබව උපරිමයෙන් මෙහිදී විඳගැනීමට හැකියාව ලැබෙයි. එහෙයින් ආදරවන්තයන්ට, පාඩම් කිරීමේ කටයුතු සිදුකරන සිසුන්ට, කුඩා ළමුන්ට, ඇවීදීමට ප්‍රියකරන්නන්ට, සංචාරයේ නිරත වන යෞවන වයසේ පසුවන කුඩා කණ්ඩායම්වලට ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුකූලව දියත උයන පහසුකම් සපයයි.

ඊට අමතරව විසිතුරු මසුන් නැරඹීමට සහ මිලදී ගැනීමට හැකි මින් මැදුරක්, දේශීය සහ විදේශීය ආහාරපාන මිලදී ගැනීම සඳහා ආපනශාලා කිහිපයක්, විසිතුරු මල්පැළ, පලතුරු වර්ග, ඇඳුම් පැලඳුම්, දේශීය විසිතුරු නිෂ්පාදන මිලදී ගැනීමට හැකි වෙළෙඳකුටි ගනණාවකින්ද මෙම උයන් භූමිය වර්ණවත් වේ.

කොළඹ සිට මීගොඩ (මාර්ග අංක 190) දක්වා දිවෙන බස්රථයක හෝ කොල්ලුපිටිය සිට කඩුවෙල (මාර්ග අංක 177) හෝ අතුරුගිරිය (මාර්ග අංක 170) දක්වා දිවෙන බස්රථයක නැගී කිලෝමීටර 7ක් පමණ ගමන් කිරීමේදී හමුවන වොටර්ස් එජ් (Waters Edge) බස්නැවතුමෙන් බැස, ඉදිරියට ගමන් කිරීමේදී මෙම උද්‍යානය හමුවේ.

 

2017-02-08-ent-116

 

2017-02-08-ent-127

බැද්දගාන තෙත්බිම උද්‍යානය

2017-02-08-ent-128මෙම උද්‍යානය පිහිටා තිබෙන්නේ දියත උයන ආසන්නයේය. නාගරීකරණය වූ පරිසරය තුළ අයස්කාන්ත මෙන්ම මනස්කාන්ත ස්වභාව සෞන්දර්යය විඳගැනීමට හැකි ඉසව්වක් ලෙස බැද්දගාන "තෙත්බිම උද්‍යානය" හඳුන්වාදිය හැකිය.

නව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ සුන්දර දියවන්නා ඔය අසබඩ පිහිටි හෙක්ටයාර 18 පුරා පැතිරී තිබෙන මෙම තෙත්බිම් තුළ, තෙත් කලාපීය පහත් බිම්වල දක්නට ලැබෙන දේශීය කුරුලු විශේෂ, සුන්දර සමනල් විශේෂ දැකගත හැක.

මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා වැරටිච්චන් දැකගත හැකි පෙදෙසක්, මඩෙහි ඇවිදින පක්ෂීන් දැකගත හැකි පෙදෙසක්, සැඟවී කුරුලු විශේෂ නිර්ක්ෂණය කළ හැකි පෙදෙසක්, සමනලුන් සිටින පෙදෙසක්, ගිමන් හරින පක්ෂීන් දැකිය හැකි නිරීක්ෂණ කුලුනක්, තාරාවන් සිටින පොකුණක්, දියවන්නා ඉවුර අසබඩ සක්මන් මාර්ගයක්, පරිසර සැරිසර මාවතක් සහ පාවෙන වේදිකාවක් මෙම භූමිය තුළ නිර්මාණය කර තිබේ. උදෑසන 6 සිට සවස 6 දක්වා විවෘතව තැබෙන මෙම ස්ථානයට ආදරවන්තයන් බොහෝ සෙයින් පැමිණෙන්නේ ප්‍රධාන මාර්ගයන්ගෙන් ඈත්ව පිහිටීම නිසත්, පෙම් සුව විඳිනවට වඩා සිතට වඩාත් මානසික සුවයක් සහ දැනුම් සම්භාරයක් ලබාගැනීමට හැකියාව තිබන නිසාවෙනි. කොළඹ නගරය තුළ නිරන්තරයෙන් තිබෙන්නා වූ දැඩි අවුරශ්මියෙන් මිදී සොබා සෞන්දර්ය උපරිමයෙන් විඳගැනීමට හැකි මෙම උද්‍යානය අනෙකුත් ස්ථානයන්ට වඩා පෙම්වතුන්ට සැරිසැරීමට ඉතා අගනේය.

කොළඹ සිට මීගොඩ (මාර්ග අංක 190) දක්වා දිවෙන බස් රථයක හෝ අතුරුගිරිය (මාර්ග අංක 170) දක්වා දිවෙන බස් රථයක හෝ කොල්ලුපිටිය සිට කඩුවෙල (මාර්ග අංක 177) බසයක නැගී කිලෝමීටර 7ක් පමණ ගමන් කළ පසු හමුවන "වොටර්ස් එජ්" (Waters Edge) බස් නැවතුමෙන් බැස, මාර්ගය හරහා මාරුවී නැවතත් කොළඹ දෙසට පැමිණෙන විට හමුවුන "නිපෝන් මාවත" ඔස්සේ කිලෝමීටර 2ක් පමණ ගිය පසු මෙම උද්‍යානය වෙත ළඟා විය හැක.