ආදර කඳු තරණය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170524Love(3)

කඳු තරණය කියන්නේ තාරුණ්‍යයෙම එක් කොටසක් වගේ. මොකද තරුණ කාලයේ කන්දක් නැගලා ගන්න විනෝදය ජීවිතයේ අන් කාලයකදී ගන්න බැහැ. කඳු තරණය වඩා සුන්දර වන්නේ පරිසරනයේ සුන්දරත්වය නිසා පමණක් නෙමෙයි. ඒ ගමන් චාරිකාවේ තිබෙන සතුට, කෙළිකවටකම්, විවිධ අකරතැබ්බ නිසයි. ඒ වගේම ආදරය යන සියලු කාරණා නිසා කඳු  තරණය විශේෂයි. මේ කියන්න යන්නෙත් ඒ සුන්දර වූ කන්දක් ගැනයි. ඒ ‘ආදර කන්දයි’

‘ආදර කන්ද’ කියන්නේ සබරගමුව සරසවියේම තවත් කොටසක් වගේ. මේ ‘ආදාර කන්දත්’ සමග සරසවි සිසුවෙක්ට නම් ජීවිතයේ අමතක නොවන සිදුවීම් වගේම සොඳුරු මතක සටහන් බොහෝ තිබෙනවා. ඒ තරමටම මේ ‘ආදර කන්ද’ ආදරණීයයි. ඉතිං ඔබත් යහළුවන් සමග කඳු නගින්න යන්න ආසාවෙන්  ඉන්නවානම්, ඊට හොඳම සහ ලස්සන තැනක් තමා ආදර කන්ද. ඒ වගේ තමා ආදර කන්ද ජීවිතයේ කවදාවත් තනියම තරණය කරන්න බැහැ. ඒ සඳහා පිරිසක් ඉන්නම ඕන. ඒ අත්දැකීම් ජීවිතේට හරිම වැදගත්. අන්න ඒ නිසයි සරසවියේ පළමු වසරේ කවුරුත් ‘ආදර කන්ද’ තරණය කරන්නේ.

මෙන්න මෙහෙමයි ආදර කන්දට පිවිසෙන්න ඕන. ඔබ කොළඹ ප්‍ර‘දේශයේ සිට එනවා නම්, කොළඹ බදුල්ල බස්එකේ ඇවිත්, පඹහින්න හන්දියෙන් බැහැලා මීටර් 500ක් විතර දුර තිබෙන සබරගමු විශ්වවිද්‍යාලය දෙසට පැමිණිය යුතුයි.

20170524Love(1)

කන්ද නගින්න යද්දී ඔයාලා කන්න මොනා හරි ගෙනියන්න අමතරක කරන්න එපා. මොකද කන්ද ටිකක් නගිද්දී ඇඟට හොඳ ගනන්. ඒ වගේම තමා ග්ලූකෝස් පැකට් දෙක තුනක්වත් අරන් යන්න. ඒ වගේම සිද්ධාලේප, පොඩි බැන්ඩේජ් වගේ දේවල් ගෙනියන්නත් අමතක කරන්න එපා. මොකද, ඒ අහල පහළ මේ දේවල් මිලදී ගන්න තැන් නැහැ වගේම, පොඩි හරි අනතුරක් වුණොත් ඊට සූදානම් ශරීරයෙන් ඉන්න ඕන නිසයි. හැබැයි මෙන්න මේ දේත් ඔබ හොඳට මතක තියාගන්න ඕන. මේ ගෙනියන සියලු දේවල් අහල පහළ දාන්නේ නැතිව ආපහු අරගෙන එන්න සිහි තබාගන්න ඕන. නැත්නම් මේ පරිසරයට සිද්ධ වෙන්නෙත් ලංකාවෙ අනිත් ස්වභාවික ස්ථානයන්ට සිදු වූ දේම තමයි.

මේ සියලු දේත් අරගෙන පඹහින්නේ ඉඳන් මීටර් 100ක් පමණ බදුල්ල පැත්තට ගිහින් වම් අත පැත්තට තිබෙන අතුරු පාරට හැරෙන්න ඕන. අතුරු පාර දිගේ ගමක් මැද්දෙන් සෑහෙන දුරක් යන්න ඕන. ඒ ගියාම තමයි ආදර කන්ද නගින තැනට එන්නේ. එතන ඉඳන් කැලෑව මැද්දෙන් තමා ගමන. හරිම නිස්කලංකයි වගේම හරිම සුන්දරයි. මේ ගමන යද්දී කැමරාවක් ගෙනියන්න ඔබ අමතක කරන්න එපා. මොකද ඒ තරම් ලස්සන භූමි දර්ශන ඔබට ලබාගන්න පුළුවන්. හරිම ලස්සන පරිසරයක්.

මෙන්න මේකත් මතක තියාගන්න. මේ හරියේ කූඩැලි විමානයක්. ඉතින් ඉක්මනින් ඉක්මනින් අඩිය තියලා යන්න ඕන. ඒ නිසා සිද්ධාලේප දෙහි වගේ දේවල් ගෙනියන්නත් අමතක කරන්න එපා.

මේ කන්ද නගිද්දී ඔබට ෆයිනස් ගස් කැලයක් හම්බවෙනවා. ඒ හරිය නගින එක ඒ තරම් අමාරු නොවුනට ටික්කක් ලිස්සනවා වැඩියි. අන්න ඒ ගැනත් ඔබ සිහියේ තබා ගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඔබට හම්බවෙනවා තැන්නක් වගේ ප්‍ර‘දේශයක්. ඉතාම සුන්දර පරිසර පද්ධිතියක්. ඒ ප්‍ර‘දේශයේ ඔබට මහන්සිය හරින්න පුළුවන් වගේම යාළුවෝ Set එකත් එක්ක පොටෝ ටිකක් ගහන්නත් හොඳ තැනක්.

20170524Love(2)

උදේම ආවොත් කන්ද මුදුනට ඔබට දවල් වෙද්දී නැග ගන්න පුළුවන්. කන්ද උඩට ආවම තිබෙන සුන්දරත්වය ඔබට කියා නිම කරන්න බැහැ. ඇත්තටම එය ලස්සන කඳු මුදුනක්.

මෙතනට ආවම සමනල වැව වගේම සබරගමුව විශ්ව විද්‍යාලය ලස්සනට දැකගන්න පුළුවන්.

මෙන්න මේ දේත් මතක තියා ගන්න. කන්ද උඩට නැග්ගම ඒ සුන්දරත්වය නිසාම ඔබට ආපහු යන්න අමතක වේවි. ඒ නිසා කළුවර වැටෙන්න කලියෙන් එන්න මතක තියා ගන්න. මොකද කළුවර උනාට පස්සේ පාර හොයා ගන්නවා බොරු. ඒ නිසාම පොඩි ටෝච් එකක් එහෙමත් අරගෙන යන්න අමතක කරන්න එපා.ඉතිං කඳු තරණය කරන්න කැමති ඔබට වගේම යා‍ළුවො set එකත් එක්ක කොහෝ හරි යන්න බලන් ඉන්න ඔයාලටයි මේ හෝඩුවාව.

 

ඡායාරූප - ෂෙහානි දිල්රුක්ෂිකා / සටහන - සරසි නෙත්මිණි

20170524Love(4) 20170524Love(5) 20170524Love(6) 20170524Love(7) 20170524Love(8) 20170524Love(9) 20170524Love(10) 20170524Love(11)