අමුතු තාලේ සොඳුරු තැනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

SONY DSC

ඉතින් මේ ඉරිදා කොහෙද යන්නේ ඔයත් එක්ක. එහෙම කල්පනා කරද්දී අපිට හිතුණා ඔයාව අමුතුම තාලේ හෝටලයකට එක්ක යන්න. මේ හෝටලය තියෙන්නේ කුරුණෑගල මාවතගම. ඒත් ඒ හෝටලය ඇතුළට ගියාමනම් මේ අපි ඇවිත් ඉන්නේ කුරුණෑගල මාවතගමට කියන එකනම් අමතකම වෙලා යනවා. ඉන්දියාවේ මන්දිර වගේම ප්‍රංශයේ, ඉතාලියේ සුන්දර කිරිගරුඬ ප්‍රතිමා චීනයේ වහල හැඩයගත් පුංචි කුටිවලින්ද සැදුම්ලත් මේ සොඳුරු නවාතැනට එහි හිමිකරු වන ක්ෂත්‍රීය රාජපුත්‍ර වීරසිංහ දුන්න නම ක්ෂත්‍රීය විලා. එන්න ඉතින් මේ සැරේ walk 111 එක්ක අපි යමු ක්ෂත්‍රීය විලා.

ක්ෂත්‍රීය රාජපුත්‍රට ක්ෂත්‍රීය විලා කියන මේ චමත්කාර මන්දිර හා උද්‍යානවලින් සැදුම්ලත් මේ නවාතැන ඉදිකරන්න පළමු හිතිවිල්ල ආවේ දුවගේ WEDDING එක නිසාලු. ක්ෂත්‍රීය විලා මේ විදිහට හදන්න ඕන කියන PLAN එකත් ක්ෂත්‍රීයගේමයි. ඉතා සියුම් කැටයම්වලින් අලංකෘත වූ ක්ෂත්‍රීය විලා ඉදිකිරීමට අවශ්‍ය හැමදෙයක්ම වගේ ගෙනත් තියෙන්නේ විදේශයන්ගෙන්. ප්‍රංශය, ඉතාලිය වගේ රටවල්වලදී දුටු ඉතා මනහර ප්‍රතිමාවන්ගේ ස්වරෑපයෙන්ම සැදූ මේ ප්‍රතිමා නිර්මාණය කර ගෙනත් තියෙන්නෙත් විදේශ රටවල්වලින්මයි. ඇත්තටම ක්ෂත්‍රීය විලා කියන්නේ WEDDING එකක් ගන්න කියාපුම තැනක්. WHITE HOUSE - NUMBER 01, 02, 03, 04, 05 කියලා විශාල උත්සව ශාලා පහක් පමණ මෙහි තියෙනවා. මේ හෝටලය වර්ණවත් වී තියෙන්නේ ධවල පැහැයෙන් නිසා හුඟක් අය මේ සුන්දර හෝටලය හඳුන්වන්නේත් WHITE HOUSE නමින්. ඒ වගේම ක්ෂත්‍රීය විලා කියන්නේ සර්ව ආගමික සංහිඳියාවක් තියෙන තැනක්. අපි එහෙම කීවේ පුංචි පන්සලක්. හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක්, කතෝලික පල්ලියක් මෙහි තියෙන නිසා.

 

SONY DSC

 

මෙහි ගොඩනැගිලි තුළ විහිද පැතිර ඇති ගුප්ත සෞන්දර්යාත්මක බව නිසාම එහි රුඳී ඉන්න දැනෙන්නේ ලොකු කැමැත්තක්. යුරෝපයේ මහා පල්ලි, වැනීසියේ දියමත දිස්වන ගොඩනැගිලි, ප්‍රංශයේ ගොඩනැගිලි කලාවේ ප්‍රතිමූර්ති ලෙස ගත හැකි විසල් ගොඩනැගිලි මතකයට නංවන ගොඩනැගිලි රුසක් ක්ෂත්‍රිය විලා භූමිය තුළ දකින්න පුළුවන්. ඒ වගේම හරිම අලංකාරවත් ලෙස සැකසූ උද්‍යාන කිහිපයක්ම තියෙනවා. ඒ ඇතැම් උද්‍යාන පිරී තියෙන්නේ නෙක වර්ණයන්ගෙන් ඔප වැටුණු මල්වලින්. තවත් උද්‍යාන මල් නොපිපෙන බොහෝ සුන්දර ශාක විශේෂවලින් සැදුම්ලත් උද්‍යාන. ඇත්තටම ඒ උද්‍යානය පුරා ඇවිදීමත් හිතට අරගෙන ආවේ හරිම ආස්වාදයක්.

ක්ෂත්‍රිය විලා ගිය අපට ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයේම ලොකුම සිනමා ගම්මානය වන රාමෝජි සිනමා ගම්මානයට ගිය ගමන මතක් වුණේ එහි ඉදිකර තිබූ ඇතැම් ගොඩනැගිලිද මෙහි දක්නට ඇති ඇතැම් ගොඩනැගිලි හා සමාන වූ නිසා. මෙයත් සිනමා ගම්මානයක එක පැතිකඩක්ද කියලා හිතෙන තරමට විවිධ සංස්කෘතින්ගෙන් උකහාගත් ගෘහ නිර්මාණාත්මක ලක්ෂණ සහිත මේ විස්මිත ගොඩනැගිලි චමක්කාරයෙන් අනූනයි.

ඇත්තටම මේ මහා හෝටලය ART GALLARY එකක් විදිහට හැඳින්නුවත් වැරදි නෑ. ග්‍රීසියේ ඇතැන්ස් නුවර කිතුණු පල්ලියක ඇති වැටක අනුරුවක් ලෙස සකස් කළ වැටක් වගේම බකිංහැම් මාලිගාවේ දොරටුවේ අනුරුවක් ලෙස සකස් කළ එවැනි අනුරු ෙබාෙහාමක් ෙමහි තියෙනවා ද්වාරයත් මේ මහා හෝටලය වෙත කැන්දන්නේ අපූරුම ආකර්ෂණයක්.

මේ මහා හෝටලයේ WEDDING එක ගන්න කෙනෙකුට ලැබෙන PACKAGE එකත් ඒ ගාණට හුඟක් වටිනවා කියලා ඔයාට හිතෙයි ඒ ගැන ඇහුවමත්. හැබැයි ඒ ගණන් හිලව් ගැන නම් අපි ඔයා එක්ක කතා කරන්න යන්නේ නෑ. WEDDING PHOTO SHOOT එකකට වගේම PRE SHOOT එකටත් මෙතන හරි ලස්සනයි.

අපි පැය තුනකට වැඩිකාලයක් ක්ෂත්‍රීය විලා සුන්දර හෝටලය පුරා ඇවිද්දේ ඒ සුන්දරත්වය නිවී සැනසිල්ලේ විඳගන්න. මේ හෝටලයේ ඉදිකිරීම් තාමත් ඉවර නැති නිසා මේ වෙද්දී ඔයාට එහෙ නවතින්නනම් පුළුවන්කමක් නැහැ. හැබැයි මේ රාජකීය හෝටලයේ රුයක් ගත කරන දවස හුඟක් දුර වෙන එකක නෑ. ඔයාගේ PRE SHOOT එක වගේම WEDDING එකත් HONEYMOON එකත් එකම තැන ගන්න - ගත කරන්න හිතනවා නම් අනාගතයේ දවසක ඒ හීනය සැබෑ කරගන්නත් ඔයාට පුළුවන්.

 

Text -Saara / Pic- Channa Kassapa Koralearachchi 

 

SONY DSC SONY DSC  SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC  SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC SONY DSC