අතීත දූපතේ මඩකළපු ද්වාරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-09-ent-13

අපි කල්ලඩි පාලමට යටින් බෝට්ටුවෙන් මේ ඉදිරියට යනවා. කල්ලඩි පාලම යට ඉස්සර මාලු සින්දු කිව්වාලු. ඒ සින්දු අහගෙන මඩකලපුව තමන්ගේ වෙළෙඳ පුරවරයක් කරගත් පෘතුග්‍රීසීන් රතු වයින් බොමින් සින්දු කිව්වාලු. රස ආහර කවලා - රන් කූඩුවේ දමලා. සිංහල ගීතයේ මුල් ගී තනුව අනුව ඔවුන් මෙසේ ගයන්නට ඇති.

 

"තෑර ඉස්ට් තෑර නොස්සො බැටිකො තෑර - දිසිය නසන්ස් තුදුස් කුරාවි

ඔයා ඉස්ට් තෑර පේනො සොගන් දෑස - පේසි ‍තකාන් තා ඉස්ට් තෑර"

 

2017-03-09-ent-16දැන් මේ කියන්නේ කල්ලඩි පාලම ගැන නෙවෙයි. කල්ලඩි පාලමෙන් පොඩ්ඩක් එපිටට පැනලා අපි අද යන්නේ මඩකලපු ද්වාරය බලන්න. බොහෝ විට ඔබ මේ තැන ගැන අහලා නැතුවා ඇති. මඩකලපු ද්වාරයත්, ගාන්ධි උද්‍යානයත් මඩකලපු ජනතාව නම් සමීපව දන්නා කියන තැන්. මේ දෙකම පිහිටලා තියෙන්නේ අතීත පුලියන්තිව් දූපතේ. බටහිර ජාතීන් මේ රටට එන්නට කලින් මේ දූපත ප්‍රධාන දිවයිනෙන් වෙන් වෙලා තිබුණාලු. ප්‍රධාන දිවයිනේ ඉඳලා මේ දූපත සමඟ හැම කටයුත්තක්ම කළේ කුඩා බෝට්ටු භාවිතයෙන්. මේ බෝට්ටු වලින් දූපතේ ඉඳලා දිවයිනට එන වැසියන් තමන්ගේ බෝට්ටු අතීතයේදී නතර කරලා තියෙන්නේ මේ කියන මඩකලපු ද්වාරය අසල. ඒ එක වැදගත්කමක්.

මඩකලපුව කියන්නේ අතීතයේදී තදින් මෙතෝදිස්ත ආගමට නැඹුරැ වූ ප්‍රදේශයක්. මේ මෙතෝදිස්ත පෙරළියේ නියමුවා විදියට සැළකෙන ජෝර්ජ් අර්ස්‌කයින් සහ විලියම් ඕල්ට්‌ යන මෙතෝදිස්‌ත පූජකයින් දෙදෙනා 1814 දී ගොඩබැහැලා තියෙන්නේ මේ ද්වාරය අසලින්. ඔවුන්ගේ පැමිණීමත් එක්ක මඩකලපුව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ ද්වාරය අසලම තමයි මඩකලපුව බලකොටුව පිහිටලා තියෙන්නේ. කලපුවට මුහුණලා මුහුදු ප්‍රවේශ මාර්ගය ඔස්‌සේ මීට ළඟාවීම පහසු ආකාරයෙන් තනා තිබෙනවා. මේ මතට නැග බලන විට කලපුවත්, වත්මන් නගරයත්, කල්ලඩිපාලම ආදියත් ඉතා දැකුම්කළුව දකින්නත් පුළුවන්. 1628දී පෘතුගීසීන් විසින් ඉදිකරලා පසුව 1638 මැයි 18 වෙනිදා ලන්දේසින්ගේ පාලනයට නතුවෙලා ඊටත් පසුව 1745 වර්ෂයේ පටන් බලකොටුව බ්‍රිතාන්‍යයන් විසින් තමන්ගේ භාරයට මේ කොටුව අරගෙන තියෙනවා. දැනට මේ බොහෝ දෑ නෂ්ඨාවශේෂ ලෙසින් මඩකලපුවේ දකින්නට තිබෙනවා. ඇයි ඉතින් මඩකලපු ගියාම මේ තැන් බලන්නට නොයන්නේ?
 

Text/Pic — vimukthi

 

2017-03-09-ent-19
2017-03-09-ent-18
2017-03-09-ent-17  
2017-03-09-ent-15
2017-03-09-ent-14  
2017-03-09-ent-12
2017-03-09-ent-10
2017-03-09-ent-11