Amaze glazed spotting of Whales දියඹේ පෙරළිකාරයෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20160120-ent-10

 

20160120-ent-12සාමාන්‍යකරණය වූ ඒකාකාරී බවින් එපිට අභියෝගකාරී ඉසව් සොයා සරන්නනි!.... මේ නවමු ප්‍රවේශය ඔබ වෙනුවෙනි. නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය දකුණු මුහුදේ තල්මසුන් නැරඹීමට සුදුසුම කාලයයි. මහ සයුරට, එහි සුළඟට මෙන්ම එහි ජීවයට පෙම් බඳින්නන් ගාල්ල සිට දෙවුන්ද ර දක්වාවූ මුහුදේ සරන තල්ම සුන් සොයා  ගිය ආශ්වාදනීය සවාරියක තතු සැකෙ වින්.

උදෑසන 6.00 ට ගාලු වරායෙන් ගමන් ඇරඹීමට නියමිත troller යාත් රාවට මගීන් 40 ක් පමණ ඇතුළත්. තේ හෝ කොපි සංග්‍රහයෙන් පසුව ජීවිතාරක්ෂක කබා මෙන්ම අනෙ කුත් ආරක්ෂිත තොරතුරු සහ සවාරිය පිළිබඳ මූලික තොරතුරු සැපයෙනවා. උදෑසන මුහුදු සුළඟ මෙන්ම මෘදු හිරු එළිය මැදින් යාත් රාව ගමන් අරඹන්නේ 05 දෙනෙ කු පමණ කාර්ය මණ්ඩලයකින් සමන්විතවයි. කපිතාන්වරයා සමග හදිසි අවස්ථාවකදී සේ වයේ යෙදීමට ප්‍රථමාධාර පිළිබඳ දැනුමින් යුතු අයෙකුද ඊට ඇතුළත්. ඈත දියඹට ඇදෙ මින් කි.මී. 5 – 6 ක් පමණ දුර පසුකර ගැඹුරු මුහුදේ දියවැල් ඇදෙන ඉසව්වේ ඔවුන්ව හමුවීමට තරම් යමෙකු වාසනාවන්ත විය යුතුයි.

 

 

Whale Watching in Trincomalee Sri Lanka

Whale watching season in Eastern coast in Sri Lanka is from May to Oct, Trincomalee, 257km East of Colombo has become one of the largest animal to inhabit earth. With resident and migratory colonies being spotted off the island’s south west coast, Sri Lanka is fast becoming a top spot to watch Blue Whales, Sperm Whales and Dolphins

 

Diving with Whales for experienced in Mirissa

This is for Epic Divers for iconic lifetime diving experience. Explore the large mammal of the earth and usually our recommendation is at least divers should dive 3 days minimum and per days 4 – 5 hrs to get right spotting and photography about whales.

 

Whale and Dolphin Watching in Kalpitiya:

Whale sightings are not that frequent off Kalpitiya compared to Mirrisa, it’s still one of the best places to see the ever smiling and singing chirpy Dolphins in Sri Lanka.During November to April is the best season to go Dolphin Watching off Kalpitiya in Sri Lanka.

 

 

විශේෂයෙන් කොග්ගල සිට වැලිගම, මිරිස්ස සහ දෙවුන්දර දක්වා කොරල්පර බහුල මුහුදේ ඔවුන් බහුලයි. තල්මසුන් වඩාත් ප්‍රියකරන ආහාරය වන කූනිස්සන් කොරල්පර අතර සුලබව සිටීම ඊට හේතුවයි.

නිල් තල්මසා (Blue Whale) දැකගැනීම විශේෂයි. නිල් තල්මසුන් ගැවසෙන ලෝකයේ ප්‍රධාන මුහුදු තීර 05 අතරට අපේ මුහුදු තීරයත් අයත්. Fin Whale සහ Bryde’s Whale තමයි නිතරම දකින්න ට ලැබෙන අනෙක් තල්මසුන් දෙදෙනා. (ඊට අමතරව Sperm Whale සහ සංක්‍රමණික Killer Whale සහ Humpback Whale තල්මසුන් දෙදෙනාත් දෙසැම්බර් සිට පෙබරවාරි මාස වලදී දැකගත හැකියි). යාත්‍රාව නතර කර, ඇදෙන දියවැලත් සමග මේ දඟකාරයන්ගේ පසුපසින් ඇදෙමින් මීටර 100 ක් පමණ දුර සිට මනස්කාන්ත දර්ශනයක් නැරඹීමේ අවස්ථාව හිමිකර දීමට කපිතාන්වරයා පියවර ගන්නේ ඒ අයගේ නිදහස් හැසිරීමට ඇතිවන බාධාව ඉතාම අවම කරමින්.

මේ අතරේ උදෑසන ආහාර වේලත් අදා ළ ආයතනය විසින් සැපයෙන්නේ  කිසිම විටෙක ආහාර වර්ග හෝ ඇසුරුම් ද්‍රව්‍ය තල්මසුන්ට විසි කරන්නට එපා යන උපදෙසත්  සමගින්. තල්මසුන්ගේ උගුර ඉතා කුඩා බැවින් ඔවුන් ඒ ආහාර නොගන්නවා මෙන්ම යාත්‍රාව එන්ජිමට එවැනි ද්‍රව්‍ය පැටලීමෙ න් හානි සිදුවීමටත් හැකියි. සවාරිය අතරතුර කිසිම කෙනෙ කුට මත්පැ න් භාවිතා කිරීමටත් අවස්ථාව නැහැ. පැය 3 – 4 ක කා ලයක් සයුරේ සරමින් තල්මසුන් නැරඹීමේ සවාරිය නිමාවෙන්නේ නැවතත් ගාලු වරායට ආපසු පැමිණීමෙන්. මෙම ගමනට වඩාත් පළපුරුදු සේවා සපයන ආයතනයක් හරහා පෙර වෙන්කිරීමක් කර සම්බන්ධ වීම වැදගත් කොට  දැක්විය හැකියි.

 

Credit for Photographs and Content:
www.myceylonadventures.com
0777030311

20160120-ent-15

20160120-ent-11

20160120-ent-13

20160120-ent-14