Theri දැන් තිරගතවේ
ඉන්දියානු දමිළ චිත්‍රපටයක් වන Theri මේ දිනවල ලෝකය පුරාම තිරගත වෙමින් පවතිනවා. මෙහි ප්‍රධාන රංගනයෙන් විජේ, සමන්තා සහ ඇමී ජැක්සන් රංගනයෙන් දායක වන අතර, මෙහි අධ්යක්ෂවරයා වන්නේ ඇටලීයි. මෙම චිත්‍රපටය අප්‍රේල් 14 වැනිදා ලොව පුරා මෙන්ම මෙරටද සිනමාහල්වල තිරගතවීම ආරම්භ කරනු ලැබුවා.
මෙම චිත්‍රපටය මේවනවිට ආදයම් අතින් ඉහළ තත්ත්වයකට එමින් පවතින අතර, මේවනවිට එහි ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4.3 කි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේ වියදම ලෙස සඳහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 15කි.
මේ වන විට ඊඒපී ජාලයට අයත් සිනමාහල් වන සැවෝයි වැල්ලවත්ත, සිනමැක්ස් - ජාඇල, කුයීන්ස් - ගාල්ල, සිනෙක්පෝ - කුරුණෑගල, කොන්කෝර්ඩ් - දෙහිවල සහ සමන්තා - දෙමටගොඩ යන සිනමාහල්වල තිරගවෙමින් පවතිනවා.