වැඩ බැරි ටාසන්ලා
මම පසුගිය දවසේ මුහුණු පොතට පුංචි හතර පද කවියක් ලිව්වා. ඒක ලිව්වේ ප්‍රවීණයෙක් ගැන. විෂයයන් කිහිපයක ප්‍රවීණයෙක් වෙච්ච මේ නිර්මාණකරුවා තිලක් ජයරත්න. මුලින්ම කවිය කියලම ඉන්නන්. මේකයි කවිය.
“උඹ ගිය නිසා හැදුණේ මහලොකුම හිලක්
අපේ ටෙලි කලාවම දැන් නම් මඩම වළක්
ඉන්නෙක් ඒකේ වැඩිපුර දැන් අමන රැලක්
කඩුල්ලෙන් පැනලා ආපසු එන්න තිලක්
මේ කවියට විවිධ ප්‍රතිචාර ලැබිල තිබුණා. ඇත්තටම අද ටෙලි නාට්‍යය කලාව ආගාධයට වැටිලා තියෙන්නේ. ඒක ගැන අමුතු තර්ක අවශ්‍ය නෑ.
මේ කවිය දැකපු ටෙලි නාට්‍ය හදනව කියන එක ඩිරෙක්ටර් උන්නැහේ කෙනෙකුට කලිසමේ චූ ගිහින් වගේ. මිනිහා අහනවා කොහොමද අද ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍ර‘යේ ඉන්නේ අමනයෝ කියන්නේ කියලා. මිනිහට ගොඩක් රිදලා. මිනිහාගේ කෙරුවාවල් මොනවද කියලා සෝදිසි කරලා බැලුවම එයා හදපු ටෙලි නාට්‍ය බලපු අයට සුළුදිය පහවුණේ නැත්තේ ඇයි කියල හිතෙනවා. මෙගා ටෙලියක් දෙකක් ගහගත්තු පොරවල් තමයි දැන් ටෙලි නාට්‍ය කලාවේ පියවරු වගේ ටෝක් දෙන්නේ. පිස්සු හැදෙනවා.
අද ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය කියන්නේ මීගමුවේ ලෙල්ලම වගේ. හයිය ඇති එකා මොකක් හරි ගේමක් ගහලා චැනල්වලට ටෙලි නාට්‍ය, රිංගනවා. මෙලෝ රහක් නැති ටෙලි නාට්‍යය වැහි වැහැලා තියෙන්නේ කිසිම ප්‍රමිතියක් නැතුව කොල්ලොයි බල්ලොයි හැම එකාම ටෙලි නාට්‍ය ගහන්න පටන් ගත්තු නිසා අද ටෙලිවිෂන් චැනල් බලන්නෙත් ගුණාත්මක ටෙලි නාට්‍යවලට වඩා බාල වැඩක් හරි බලෙන් ජනප්‍රිය කරවලා උස්සන්න. හොඳ ටෙලි නාට්‍ය හදන මිනිස්සු තමන් හදපු හොඳ ටෙලි නාට්‍ය ගෙවල්වලට තියාගෙන හූල්ල හූල්ල ඉන්නවා. පොත්ත සුදු කෙල්ලෝ කොල්ලෝ කීප දෙනෙක් දාලා මොනවා හෝ ඩයලොග් ටිකක් කියන්න දීලා හංදියකයි ගෙදර සාලෙකයි සීන් ටික ෂූට් කරලා අමුණලා චැනල් එකකට තල්ලු කරන එක තමයි දැන් ජනප්‍රිය ටෙලි කලාව කියලා කියන්නේ.
එදා තිලක් ජයරත්නලා ලියපු ටෙලි නාට්‍ය තිර රචනා එක්ක බලද්දී අද මේ ලියැවෙන බහුභූත මොන බඩකඩුත්තුද කියලා හිතෙනවා. තිලක් ජයරත්න ලියපු %කම්පිත විල^, %නාඳුනන පුත්තු^ වගේ ටෙලි නාට්‍ය තිරරචනා එක්ක හැරෙන්නවත් පුළුවන් අය අද නැති තරම්. තරුණ තිර රචකයෝ කීප දෙනෙක් යම් උත්සාහයක් කරන බව පේනවා.
ඒ අය ගැන නම් සංතෝසයි. ටෙලි නාට්‍ය කලාව ගොඩගන්න නම්, ඒ වගේ වෙනස් විදියට හිතන නිර්මාණශීලී තිරරචකයෝ තව තවත් ඕන වෙනවා.
ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ වගේ මහා සිනමාකරුවෝත් අපේ ටෙලි නාට්‍ය කලාව එදා පෝෂණය කළා. ඩී.බී. නිහාල් සිංහලා මේකට අඩිතාලම දැම්මා. ඒ ගමන් මග 90 දශකයේදී වෙනස් විදිහට හිතපු අශෝක හඳගම, ජයන්ත චන්ද්‍රසිරි වගේ අය වෙනම පැත්තකට අරගෙන ගියා. මේ හැමෝම පස්සේ සිනමාකාරයෝ වුණාට පස්සේ ටෙලි නාට්‍ය පැත්තට ආපසු හැරුණේ නෑ. මේ වගේ අයගෙන් හිස් වෙච්ච ටෙලි නාට්‍ය කලාවට ඊට පස්සේ වැඩිපුර ආවේ මොනවා හෝ රූප ටිකක් අමුණලා චැනල් එකකට තල්ලු කරලා ගාණක් අරගෙන මාරුවෙන අය. මේ අතරේ මහන්සිවෙලා නිර්මාණශීලී වැඩක් කරන්න උත්සාහ කරන අය කීප දෙනෙක් නිසා යන්තං ටෙලි නාට්‍ය කලාවට එළියක් වැටුණා. ආනන්ද අබේනායකලා වගේ කිහිප දෙනෙක් තමන් ඉඳපු ස්ථාවරය වෙනස් නොකර නිර්මාණශීලී වැඩක් කරන්න උත්සාහ කරනවා. එදා යම්කිසි හොඳ දෙයක් කරන්න උත්සාහ කරපු අයත් දැන් මෙගා ටෙලි රැල්ලෙම දියවෙලා ගිහින්.
මෙන්න මේ වගේ පසුබිමක තමයි අපිට තිලක් ජයරත්නලා වගේ අයගේ අගය වැඩියෙන් දැනෙන්නේ. ඒ අය ගැන මතක් කරද්දී දැන් ඉන්න මෙලෝ රහක් නැති වැඩි බැරි ටාසන්ලාගේ කලිසම තෙමෙන්න ගන්නවා. ඒ අය ගැන අපිට තියෙන්නේ අනුකම්පාවක් විතරයි. මේ අයට මේ වගේ බඩකඩුත්තු මෙගා ටෙලි සීයක් හැදුවත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු විදියට ඉතිහාසගතවෙන්න නම් බැරි වෙයි. මේ අයට කියන්න වෙන්නේ හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නේ නැතුව ඔළුව පාවිච්චි කරලා කරන්න වැඩක් කරන්න කියලා.
ප්‍රියන්ත කොඩිප්පිලි