නාමයෝජනාවලට උපදෙසක්
බුලත් කොළ පාටියෙ මන්ත්‍රී ආසන පුරප්පාඩුවලට අලුතින් සුදුස්සො තෝරාගන්න කතාබහ පටන් අරන්ලු... පහුගිය දවස්වල පක්ෂ විනය කැඩුවය කියල සංවිධායක තනතුරැවලින් ඉවත් කරපු අයගෙ ආසනවලටලු මුලින්ම මේ පත්වීම් කරන්න යන්නෙ.
පත්වීම් කරන්න ඉහළ මණ්ඩලයෙ අය රුස්වෙලා කතා බහ කරන කොට පක්ෂයෙ හිටපු නායක සයිස් කෙනෙක් ඒවට මැදිහත් වෙලා තමන්ට ඕනෑ අය පත් කරන්න පොඩි වැඩසටහනක් සැලසුම් කරලලු. ඒ අය යෝජනා කරන සමහරැන්ට ආසනේකින් ඡන්ද හාරපන්සීයක්වත් ගන්න බැහැ කියල පක්ෂ මූලස්ථානෙටත් පැමිණිලි ඇවිල්ලලු...
මේ පැමිණිලිවලට කන් දීපු බුලත් කොළ පාටියෙ ලොකු මහත්තය මේ විදියට නුසුදුසු අය ඔබන්න කාටවත් ඉඩදෙන්න එපා කියල මහලේකම් මණ්ඩලේට තද උපදෙසක් දුන්න කියලත් ආරංචියි... විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කෙ නාමයෝජනාවලට ඔය හිටපු නායක සයිස් කෙනාට ඕනවට වැඩිය ඇඟිලි ගහන්න දෙන්න එපා කියලත් උපදෙසක් දුන්නලු...