එයාලා දොට්ට දැම්මොත් අපි එනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20160323-ent-03සබරගමුව පළාතෙන් පත්වුණු ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා..උන්නැහේ බුලත් කොළ පාටියෙ පට්ටමක් දැරැවට වැඩිය හිත තියෙන්නෙ පරණ ලොකුතැන එක්ක කියලයි කතාව යන්නෙ..
ඒත් ඉතින් කරන්නම දෙයක් නැති තැන රටේ වැඩ කරන ජනතාවට යමක් කරන්න පුළුවන් පට්ටමකුත් භාරගත්ත කියමුකෝ.. ඒ පට්ටම ගත්ත විතරයි පළාතෙ ජනතාව මුන්නැහේට බර බරේ දාන්න පටන් අරන්ලු. වෙනද මහජන දිනේට හාරපන්සීයක් ගෙදරට එන එකේ දැන් දහයක් පහළොවක් වත් එන්නෙ නැතිලු..
පට්ටම ලොකු වුණාට ඒකෙන් පළාතට කරන්න දෙයක් නැති නිසා ඉන්නෙ හරිම අප්සෙට් එකේලු. පසුගිය දාක තමන්ට හිතවත් ආණ්ඩුවෙම දෙතුන් දෙනෙක් එක්ක වෙලා තියෙන සන්තෑසිය කියලා උන්නැහේ හරියට දුක් වුණාලු..
පරණ ලොක්ක කොපමණ හොඳවුණත් ඒ පවුලෙ දෙන්නෙක් නිසා පක්‍ෂය විනාස වුණා කියලත් කීවලු. මේ රාජපක්‍ෂ ඩබල අයින් කළොත් අපිට ආයෙම පරණ ලොක්ක එක්ක සැට් වෙන්න පුළුවන් කියලත් කීවලු.

 

DESHAYA