අලුත් මුහුණකට ඉඩ
මහ පක්ෂයෙ භේදය සමනය කරන්න ඔන්න ආයෙමත් පස් හය දෙනෙක්ගෙ කණ්ඩායමක් පත් කරලලු... ඒ පත්වීම ලබපු අය දැන් තිරය පිටුපස වැඩත් පටන් අරන් කියල ආරංචියක් යනව.
රටේ හිටපු ලොකු තැනට නැවත වරමක් ගන්න අමාරැ නිසා එයාගෙ ආශිර්වාදෙ ඇතුව ඒ පවුලෙ වෙන කෙනකුට අවස්ථාව දෙන්නයි මේ කතාබහ පටන් ගත්තෙ... ලැබෙන ආරංචිවල හැටියට හිටපු ලොකු තැනගෙ සහෝදරයන්ගෙන් රටට වැඩක් කළ කෙනකුට අවස්ථාවක් දෙන්න බුලත් කොළ පාටියෙ ඉහළ තැන්වලත් කැමැත්ත තියනවලු. ඒ ගැන කසුකුසු මට්ටමින් දැනට කෙරෙන කතාව හරි ගියොත් ආයමත් හිටපු ලේකම් සයිස් මහත්තයකුට වාසනාව උදා වෙන්න පුළුවන් කියලා කියැවෙනවා.
උන්නැහේට ජ්‍යෙෂ්ඨ උපසභාපති මට්ටමේ තනතුරකුත් තවත් පට්ටමකුත් යෝජනා වෙලා කියල කතාවක් යනවා... ඒ ගැන හරිම විස්තරේ හෙට අනිද්දට එළියට එන්නත් පුළුවන්ලු.