SMS එක කොයි ගෑනිගෙ මිනිහගෙන්ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-30-ent-16ඔහු තරැණ කලා ශිල්පියෙක්. ටිකක් ඇහැට කනට පෙනෙන හැන්ඩියෙක්. වටින් ගොඩින් එන ආරංචිවල හැටියට පෙම්හබ කීපයකුත් තියෙනවලු. ඒ අතර වයස් භේදයකින් තොර පෙම්වතියනුත් ඉන්නවලු.

දවසක් ඔහුට සැර SMS එකක් ඇවිත්.

“මගේ වයිෆ් එක්ක තියෙන සම්බන්ධෙ වහාම නතර කරපන්.”

කලබල වෙච්ච පාර මිනිහා ඒක එයාගෙ හොඳම යාළුවට පෙන්නුවලු.

“ඉතින් ප්‍රශ්න වැඩිකරගන්නෙ නැතුව ඕක අතහැරලා දාපන් දැම්මම.”

“ඕක කියන තරම් ලේසි නැහැනෙ මචං”

“ඇයි මොකක්ද අවුල?”

“SMS එකේ නමක් ගමක් දාලා නැහැනෙ. මම කොහොමද දන්නෙ මේක කොයි ගෑනිගෙ මිනිහා එවපු එකක්ද කියලා.”

 

DESHAYA