SLIM සම්මානය මට නැද්දෝ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-10-30-ent-81

ඇතැම් රංගන ශිල්පීන් කැමරාව ඉදිරිපිට විකට රංගනයන්හි යෙදුණත්, සැබෑ ජීවිතයේදී ඔවුන් විහිළුකාරයෝ නොවන බව අපි කවුරුත් දන්නා කාරණයක්.

එය රංගන ශිල්පීන්ට මෙන්ම රංගන ශිල්පිනියන්ටත් අදාළ කාරණයක්.

ඒත් ඇතැම් අවස්ථාවන්වල මේ ශිල්පීන් සැබෑ ජීවිතයේදී කරන කියන දේවල්, චිත්‍රපටිවල ටෙලිනාට්‍යවල එන හාස්‍ය දර්ශනවලට වඩා අපූරුයි කියලා වෙලාවකට හිතෙනවා.

ඔන්න එක්තරා සාදයකදී විකට රංගන ශිල්පිනියක් ඇගේ හිතවතුන්ට අපූරු කතාවක් කිව්වා.

“දැන් බලන්න ඔය SLIM සම්මානය කියලා එකක් අවුරුදු පතා දෙනවනෙ. ඕවා ලැබෙන්නෙ කාටද? සුදුසු අයටද? නැහැනෙ. මම එදා ඉඳන් අද වෙනකම්ම කොච්චර අමාරුවෙන්ද මේ සිරැර SLIM කරගෙන ඉන්නෙ. ඒත් SLIM සම්මානය මට දෙනවා තියා කිසිම අවුරුද්දක මගෙ නම නිර්දේශ වෙලාවත් නැහැ. මම වගේ SLIM ඇඟක් තියෙන කෙනෙකුට මේක දුන්නොත් ඒ සම්මානෙටත් ලොකු ගෞරවයක් ලැබෙයිනෙ. බොරුද මම කියන්නෙ?”

 

DESHAYA