හීනෙන් බණිනා ඒ උපුලා කවුදෝ
මේ දවස්වල කාර්යබහුල අධ්‍යක්ෂකවරයෙක් ලොකු ගැටලු රුසකට මුහුණදෙමින් ඉන්නවලු. ලොකුම අභියෝගය තමයි මේ දිනවල රෑගත කරන ගමන් සංස්කරණය කරගෙන යන ඔහුගේ අලුත්ම ටෙලිනාට්‍ය.
රූ දෙගොඩහරි ජාමෙට ගෙදර ඇවිත් පාන්දර ආයිත් ෂූටිං, එඩිටිං යනවලු. ඒ නිදාගන්න පැය දෙක තුනේදිත් කරන්නෙ හීනෙන් කාට කාටහරි බණින එකලු. මෙයාගෙ නෝනට මේක මහ ලොකු වදයක්වෙලාලු. බැරිම තැන නෝනා අර සංස්කරණ මැදිරියේ කෙනෙකුට කතා කළාලු.
"අනේ අපේ මහත්තයට මේ තරම් පීඩනයක් දෙන්නෙ ඇයි. රූට නින්දෙනුත් බණිනවා. කවුද උපුලා කියන්නෙ? එයාට තමයි වැඩියෙන්ම බණින්නෙ..." "අනේ මිස්, මමනෙ උපුල් මටයි උපුලා කියන්නෙ. බණින හේතුව අහලා මම මිස්ට කියන්නම්කො..."