හිනා යන හොල්මන් කතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170119Film-1අපේ සිනමාවට දැන් වයස අවුරැදු 70ක් වුණාට දැන් දැන් කරන්නෙ ළාමක වැඩ කියලා තමයි ක්ෂේත්‍රයේ ඉන්න සමහරු කියන්නෙ. 70 කියන්නෙ ඉතින් පරිණත වෙන්න ඕනෙ වයසක්නෙ.

ඔන්න ළඟදි අපේ යාළුවො කට්ටියක් ගියාලු අපේ ‘හොල්මන් අවතාර’ ගැන හදපු අලුත්ම චිත්‍රපටය බලන්න.

කට්ටිය එළියට ඇවිල්ලත් හිනාව නවත්තගන්නෙ නැහැල්ලු. අපි ඉතින් හේතුව ඇහුවා.

“පිස්සු  හැදෙනවා. හිනා කාලා මැරෙනවා. උඹත් ෆිල්ම් එක බලපන්කො.”

“ඇයි මොනවද බං බලපු ෆිල්ම් එක. කොමඩිද?”

“කොමඩි? මොන කොමඩිද? මේක ෆුල් ‘හොරර්’ ෆිල්ම් එකක්. ඒ වුණාට එකම තැනකවත් ප්‍රේක්ෂකයා බය වෙන්නෙ නැහැ. අපිව බය කරන්න කියලා හදපු සීන්වලදි තමයි අපට හිනා යන්නෙ.”

“මාර වැඩක්නෙ. එහෙනම් හිනාවෙන්න කොමඩි බලන්න ඕනෙ නැහැනෙ...”

“හැබැයි අඬන්න ඕනෙ නම් කොමඩි ෆිල්ම් බලන්න ඕනෙ හරිද?”

 

DESHAYA