හින්දි පොත කොට්ටෙ යට
ඔන්න ඊයේ පෙරේදා දවසක ලංකාවට ආවනේ අපේ අසල්වැසි රටේ බොලිවුඩ් තරැ රාශියක්.
ඒ තරැ බැබළෙන සම්මාන උළෙලට කලින් දවසේ කොළඹ ලොකු හෝටලේක ඔවුන් එක්ක තිබුණා මාධ්‍ය හමුවක්. ඒකට වෙලාව වෙන් කරලා තිබුණේ දවස් ගාණකට කලින්.
මේකට සම්බන්ධ වෙන්න හිටපු එක්තරා මාධ්‍ය ආයතනයක නියෝජිතයෙක් හින්දි පිස්සෙක්ලු.
මෙයාට ඕන වුණේ කොහොම හරි එදාට බොලිවුඩ් තාරකාවන් සමඟ හින්දි භාෂාවෙන් කතා කරන්න. ඉතිං මෙයා පොත් සාප්පු බර ගාණකට ගිහිං හොඳ SPOKEN HINDI පොතක් අරගෙන රූ දවල් කට පාඩම් කරගන්නවලු.
මාධ්‍ය හමුවට ඔහු එනවිට ඕක පටන් ගන්න ඔන්න මෙන්න කියලලු තිබුණෙ.
ඔහුට තරැ පෙනුණෙ ඒ වෙලාවෙ. අර කතා කරන හින්දි පොත ගේන්න අමතක වෙලා. වහාම ගෙදරට කෝල් එකක් ගත්තලු. “අම්මේ ලොකු මල්ලි අතේ මගේ කොට්ටෙ යට තියෙන හින්දි පොත මේ දැන්ම එවන්න පුළුවන්ද? ත්‍රීවීල් එකක නැඟලා මෙහෙට එන්න කියන්න. කීය ගියත් කමක් නැහැ.”