හානේ අයියා රඟපානවද?
ජනප්‍රිය ටෙලි නාට්‍ය දෙක තුනක රඟපාලා තියෙන තරැණ කලා ශිල්පියෙක් මෑතකදී මංගල උත්සවයකට සහභාගී වුණාලු.
නෑදෑ හිතමිතුරන් ගොඩක් ඇවිත් හිටිය ඒ උත්සවයේදී මේ තරැණ කොල්ලට විශේෂ යාළුවෙක් හඳුනගන්නට ලැබුණලු.
මුල් වරට හඳුනගත්ත ඇය සමඟ ඔහු කලාවට සම්බන්ධ විෂයන් රුසක් ගැනත් අදහස් හුවමාරැ කරගත්තලු. දැන් කතාව හැරෙනවලු ලංකාවෙ හදන ටෙලි නාට්‍ය හා ඒවාවල හරය ගැන.
කෙල්ල ටෙලි නාට්‍යවලටත් ඒකෙ රඟපාන අයටත් බණිනවලු පලු යන්න.
“අධ්යක්ෂවරැ, නිෂ්පාදකවරැ ඉල්ලා හිටින දේවල් විතරක් දෙන එක නෙවෙයි රංගන ශිල්පියෙකුගේ වගකීම. ඔහුගේ හෝ ඇයගේ ශක්ති ප්‍රමාණයෙන් ගුණාත්මක දේවල් කරන්නත් ඔවුන් බැඳී ඉන්නවා නේද?" කෙල්ල අර නළුවගෙන් අහනවලු. කොල්ලගෙ මූණ රතු වෙලාලු.
“හරි නංගි ඔයා මොනවද හිතන්නෙ මම රඟපාපු චරිත ගැන?" ඔහු ඇගෙන් ඇහුවලු.
“මොනවා අයියා රඟපානවද? හානේ මම දන්නෙත් නැහැ. මොකේද ඉන්නෙ?"