හත්පළේ ගාගත් පොරක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-07-06-ent-40උතුරැමැද පළාත් සභාවෙ මහ පුටුවක වාඩිවෙලා ඉන්න ලේකම් සයිස් එක්තරා පොරක් ගෑණු ළමයින්ට රස්සා දෙන්න ලිංගික අල්ලස් ඉල්ලනවය කියල එක ගෝරියයි...

එයා ටෙලිෆෝනෙන් කියපු පෙම් කතා සමහරැ පටිගත කරලලු...

මේ නිලධාරී "රත්නය" මෙයට පෙර හිටියෙ කොළඹ අමාත්‍යාංශයක ලේකම් සයිස් පුටුවක... එතෙන්දිත් දකින දකින ළඳුන් පසුපස ගිහිල්ල ජරමර කර කර හිටිය...

ගිය රජය කාලෙ දකුණු පළාතෙ හිටපු ගමගේ ඇමැතිතුමාගෙ ඥාති දියණියට ඉඟිබිඟි පාල කරදර කරන කොට ඒ තරැණිය මේ කතාව ඇමැති නෑයට කියල උන්නැහේ ජනාධිපතිතුමාට පැමිණිලි කළා... ඊළඟට සුළු පරීක්ෂණයකින් පස්සෙ එක දවසෙන් මෙයා ලේකම් පුටුවෙන් එළවල පූල් එකට දැම්මලු...

ඊට පස්සෙ ඡන්දෙ කලෙ යහපාලනේට සැට් වෙලා රජරට පළාත් සභාවෙ මහ පුටුවකට ගොඩවුණා කියමු. දැන් එතනත් පරණ සෙල්ලම පටන් අරන්ලු.

මෙහෙම ගියොත් ළඟදීම එයාගෙ පුටුව පෙරළෙයි කියලයි රජරට ජනතාව කියන්නෙ.

 

DESHAYA