හඬ කාගෙද?
ගාල්ලෙ මැයිදිනේ දවසෙ වැස්සත් රුස්වීමට ඒකෙන් බැධාවක් නම් වුණේ නැහැ. රුස්වසිටි දහස් සංඛ්‍යාත ජනකාය රටේ ලොකුමහත්තයගෙ කතාව අහන්න පෙළගැසී හිටිය.
ඒත් වැස්ස නිසා රුස්වීම් භූමියේ සවිකරලා තිබුණ කතාපෙට්ටි සේරම අක්‍රිය වුණේ නොහිතපු විදුලිය කාන්දුවීමක් හින්දයි. අන්තිමේදි පසුගිය ආණ්ඩු කාළේ ආන්දෝලනාත්මක පිස්තෝල සෙල්ලමක් කරපු දකුණේ නගරෙක නගරාධිපති කෙනෙක් ඒ ගමන තමන්ගෙ වාහනේ තිබුණ සවුන්ඩ් වහාම සපයන්නන් ඉදිරිපත් වුණා නමුත් ඒ ඉල්ලීම බලධරයො ගනන්ගත්තෙ නැහැල්ලු.
අන්තිමේදි කෝකටත් මේ අක්රියවුණ ශබ්ද විකාශන යන්ත්‍ර සැපයුවේ කවුද කියලා වගකිව යුතු අය සොයා බැලුවලු...
මේකට මුල් වුණේ දියවන්නා කවුන්සිලේ ඉන්න ජනප්‍රිය ක්‍රිඩාවකට සම්බන්ධ පොරක් කියලා ආරංචිවුණා..
ඒ වගේම මේ ශබ්ද විකාශන යන්ත්‍ර රජරට පළාතෙම මහින්දපිලේ මන්ත්‍රී සයිස් කෙනෙකුගෙ ශබ්ද විකාශන යන්ත්‍ර සපයන්නෝ විසින් ලබාදුන් බවත් හෙළිවුණා.. ඒත් කිසිම බලධරයෙක් මේ ගැන කිසිම පියවරක් නොගැනීමලු ප්‍රශ්නෙ...