සෙල්ෆි පහෙන් ස්ටික් බ්ලාස්ට්
පහුගිය දවසක තරැණ කලාවේදිනියකට වුවමනා වුණාලු එයාගෙ හොඳම යාළුවගේ පොඩි පුතාගෙ උපන් දිනේට හොඳ තෑග්ගක් ගන්න.
මල්වත්ත පාර දිගේ ගියාම තියෙන ලොකු සෙල්ලම් බඩු කඩේකට ගිහින් එන ගමන්, කාලෙකින් පිටකොටුව පැත්තට ආපු නිසා ඒ පැත්තෙ ප්රසිද්ධ වීදි දෙක තුනක පොඩි රවුමක් ගැහුවලු. පාර දෙපැත්තෙ වෙළෙන්දො විකුණන භාණ්ඩ අතර මෙයාගෙ හිත ගියේ ලාබෙට විකුණන සෙල්ෆි ස්ටික්වලට.
කාලෙක ඉඳන් තිබුණු ආසාවක් මුදුන්පත් කරමින් ඇය සෙල්ෆි ස්ටික් එකක් අරගෙන ගෙදර ගියාලු.
ගිය ගමන්ම කළේ පවුලේ අය ළංකරගෙන සෙල්ෆි ටිකක් ගන්න එකලු. හරියටම පස්වැනි සෙල්ෆිය ගන්නකොටම ස්ටික් එක හරි මැදින් කැඩුනලු.
එයාගෙ මල්ලිවත් කතා කරගෙන මෙයා ආයෙත් යන්න හදනවලු ඒක මාරැ කරගන්න. පිටකොටුව පේමන්ට් එකේ බඩු ‘එක්ස්චේන්ජර්’ කරන්නෙ නැහැයි කිව්වට මෙයා අහන්නෙම නැහැල්ලු. බැරිම තැන කාමරේ වහගෙන පැය දෙකක් විතර අඬාගෙන පස්සෙ එළියට ඇවිත් යථාර්ථය තේරැම් ගත්තලු.