සෙල්ෆි කුමර කුමරියෝ රජවෙති
මේ කතා කරන්නෙත් අප අතරින් සමුගත් අමරදේව ශූරීන්ගේ අභාවය පිළිබඳවයි.
නිදහස් චතුරස්ර යේ එතුමාගේ දේහයට අවසන් බුහුමන් දක්වන්නට දහස් ගණනින් සෙනඟ පැමිණියා. ඒ අතර සෙල්ෆි කුමර කුමරියන්ද සිය ගණන් සිටි බව කාටත් පෙනුණා. අවසන් බුහුමන් දක්වන්නට දේහය අසලට පැමිණි එවැනි සෙල්ෆි කුමර කුමරියෝ සෙල්ෆි අරන් ඔවුන්ගේ යාළුවෙකුට ජංගම දුරකතනය දීමෙනුත් තමන්ගේ පින්තූර ගත්තා.මේ විප්රකාර දිහා කවුරුත් බලන් හිටියෙ අප්පිරියාවෙන්.
ඒ අතර තවත් සමහරු මේ මහා කලාකරුවාගේ දේහය පසුබිම් කොටගෙන සෙල්ෆි පින්තූර ගත් හැටිත් කාගෙ කාගෙ හෝ කැමරා කාචවල සටහන් වෙලා ඇති. මේ පිළිබඳව කවුරුත් කතා කළේ දැඩි අප්රසාදයකින්.