සෙල්ලම් ප්ලේන් එක
පසුගිය දවස්වල රටේ මාධ්‍යවල ලොකුවටම නම කියැවුණ කෙනකුගෙ බිස්නස් කාර පොඩි මහත්තයකුට වාසනාව පහළ වෙච්ච එක රහසක් නොවේ. ඒ ගැන කාටවත් කතාවක් නැතත් උන්නැහේ කරන බිස්නස් එක ගැන ආණ්ඩුවෙ ඇමැති සැට් එකේ ඉන්න මහත්තුරැ ගණනාවක් ඉන්නෙ දැඩි අසතුටින්ලු...
ඊයෙ පෙරේද දවසක මේ "පොඩි මහත්තය" ගැන එක්තරා ප්‍රබල ඇමැති කෙනෙක් අලුත් සොයාගැනීමක් කළා... ඒක උන්නැහේ තමන්ගෙ සමීපතම ඇමැති සගයන්ටත් දැන්නුව..
ඒ අනුව මේ පොඩි මහත්තය ළඟදි "ප්ලේන් එකක්" සල්ලිවලට අරන්ලු.. ඒක හදල තියෙන්නෙ ජපානෙ ප්‍රකට සමාගමක්ලු. ඒක තියෙන්නෙ උන්නැහේල වැඩි පුරම යන එන සිංහපුරේ කියන රටේලු.. තියන එයාර්පෝර්ට් එක වගේම මේ යානාවෙ වටිනා කමත් ඇමැතිතුමා දන්නවලු.. ඒකතාව අහපු තව ඇමැති කෙනෙක් කිව්වා.... අනේ ඔහොම බොරැ චෝදනා කරන්න එපා පොඩි මහත්තයගේ සෙල්ලම් ප්ලේන් එකක් වෙන්න ඇති කියලා.