සින්දු නෙවෙයි පොලිස් පැමිණිලි
දශක ගණනාවකට කලින් නිර්මාණය වුණු ගීත අදටත් අපේ මතකයේ රුඳී තිබෙනවා. ඒ ගීතවල වචනත් අපට තාම මතකයි.
ඒත් අද ඇහෙන ගීත ගැන නම් බොහෝ අය තුළ තියෙන්නේ දැඩි කලකිරීමක්.
නොයෙක් අය නොයෙක් විදිහට අද ඇහෙන ගීත විවේචනය කරනවා. අපි කියන්නෙ අද ඇහෙන හැම ගීතයක් ගැනම නෙවෙයි. අද ඇහෙන්නෙ සින්දු නෙවෙයි, දුක් අඳෝනා, විලාප කියලා කොටසක් කියනවා. අද ගායකයො සින්දු කියනවා වෙනුවට අඬනවා කියලත් කියනවා.
අද කට ඇද කරගෙන ‘ආදරේ’ කියන සින්දු තමයි ඇහෙන්නෙ, තවත් කට්ටිය කියනවා.
ඔන්න ගිය සතියෙ දවසක පැවැති සාදයකදි තමයි මේ අලුත් සින්දු ගැන හොඳම නිර්වචනය ඇහුනෙ.
අලුත් කොල්ලෝ වගයක් එදත් අද නාලිකාවල ඇහෙන සින්දු කීපයක් කිව්වා.
ඒක අහන් හිටපු අපේ ජනප්‍රිය ශිල්පියෙක් කිව්වේ, ‘අයියෝ මේවාට සින්දු කියලද කියන්නෙ? මේ සින්දු නෙවෙයිනෙ, මේ තනිකර ‘පොලිස් එන්ට්‍රි’ (පොලිස් පැමිණිලි). සේරම නැතිවෙච්ච දේවල් ගැනනෙ අඬ අඬා කියන්නෙ.’