සිනමාවට අලුත් යකෙක්
අසූව දශකයේ මුල්භාගයේ සිට ඇති වූ අවාසනාවන්ත සිද්ධීන් නිසා මූලිකවම සිංහල සිනමා කර්මාන්තය කඩාවැටීම සිදු වූ බව කවුරැත් දන්නා කාරණයක්.
400කට ආසන්න සිනමා ශාලා ප්රමාණය එක්වරම 150 දක්වා අඩුවීම දේශීය සිනමා කර්මාන්තයට මරැපහරක් එල්ල කළ ප්රධාන සාධකයක් වෙලා. කර්මාන්තයේ නියැලි බොහෝ අය මෙන්ම කලින් කල පත් වූ රජයන් ද සිනමා කර්මාන්තයට නව පණක් දීම සඳහා විවිධ කටයුතු කළා. ඒවායෙ සාර්ථක අසාර්ථකභාවය කෙසේ වෙතත් ඒ උත්සාහයන් ගැන අපි සතුටු විය යුතුයි.
සිංහල චිත්රපට නැරඹීම සඳහා සිනමා ශාලා වෙත ප්රේක්ෂකයන් ඇදගැනීම සඳහා විවිධ උපක්රම පසුගිය දශකය තුළත් සිදු වුණා, අදත් සිදුවෙනවා. ඒත් හොඳ චිත්රපටයක් ශාලාවලට ආ විගසින් වැල නොකැඩී එන ප්රේක්ෂකයන් ගැන අපට ඇත්තේ ආඩම්බරයක්. හේතුව අපේ සිනමා ප්රේක්ෂකයන් බුද්ධිමත් නිසා.
දැන් දැන් චිත්රපට ශාලා හැදීගෙන එනවාත් සමඟ අනාගතය සුභ වේයැයි සිතෙන මේ මොහොතේ අපේ සිනමා කර්මාන්තයට මරැපහරක් එල්ල විය හැකි තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
සිනමා ශාලාවලට ප්රේක්ෂකයා ඇදගැනීම සඳහා මහත් වෑයමක් දරන වර්තමානයේ දී, අලුත් සිංහල චිත්රපට ජංගම දුරකතන ඔස්සේ පෙන්වීමට ඇතැම් ප්රබල ආයතන මුලපුරමින් සිටිනවා.
චිත්රපටයක නියම රසය අත්විඳීම එය සිනමා ශාලාවක මිසක් අත්ලයක ඇති ආම්පන්නයක් හරහා ලබාගත නොහැකිය.
අපේ සිනමාවේ ප්රබලයන් පිරිසක් මේ ගැන අවධානය යොමුකර ඇතත් සිනමාව සම්බන්ධව මේ රටේ ජාතික ප්රතිපත්තියක් දශක ගණනාවක කාලයක සිට තැනුණේ නැහැ.
ඒ හිඩැසින් රිංගා දේශීය සිනමාව වලපල්ලට යැවීමේ කුමන්ත්රණය පැරදවීමට මූලික වන්නේ කවුදැයි රටම බලා සිටිනවා.