සැත්කමට ගියේ අත උඩ දාගෙනලු
කාලෙන් කාලෙට රෝහල්වල සිදුවෙන අත්වැරදීම් ගැන අපට ආරංචිවෙලා තියෙනවනෙ.
දකුණු ඇහැ වෙනුවට වම් ඇහැ ශල්‍යකර්මයකට භාජනය කරපු හැටි වගේම වම් අත වෙනුවට දකුණු අත කපපු ඇඟ කිළිපොළා යන ආරංචිත් අපට අමතක නැහැනෙ. සමහරුන්ට නම් මේවා ජීවිතේට අමතක වෙන්නෙ නැහැ.
කලා ලොවට සම්බන්ධ ශිල්පියෙක් ළඟදි පෞද්ගලික රෝහලකට ඇතුළු වුණාලු. වම් අතේ වළලුකර ළඟ තියෙන පුංචි ගෙඩියක් ශල්‍යකර්මයකින් කපලා අයින් කරන්න.
ශල්‍යකර්මය සිදුවන දවසෙ මෙයා දොස්තරලගෙන් නර්ස්ලගෙන් තොරතෝංචියක් නැතුව අහනවලු, එයාව සිහි නැති කරලද ඔපරේෂන් එක කරන්නෙ කියලා.
‘නැහැ නැහැ, ඒ හරිය විතරයි අපි නිර්වින්දනය කරන්නෙ. මොකෝ ඔය තරම් බයවෙලා.’ දොස්තර මහත්තයා ඇහුවලු.
‘අපි අහලා තියෙන දේවල්වල හැටියට ලෙඩ්ඩු හැටියට අපි බයවෙන්න එපායැ මහත්තයො. මම ඔපරේට් තියටර් එකට යනකොට වම් අත උඩට උස්සගෙන යන්න හිතාගෙන ඉන්නෙ. නැත්නම් වැරදිලා දකුණු අත ඔපරේට් කළොත් ඉතින් ඉඳලා වැඩක් නැහැනෙ.’ ඔහු කිව්වලු.