ස්මාර්ට් ටීවී කූඹියෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-29-ent-133අපේ තරුණ කලා ශිල්පියෙකුට පහුගිය දවසක කූඹියෝ නිසා පුංචි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. පරණ ටීවී එක වෙනුවට ඔහු නවීන තාක්ෂණ අංග රැසකින් සමන්විත අලුත්ම ස්මාර්ට් ටීවී එකක් ගෙදරට ගෙනාවලු.

දැන් ඉතින් එයාගෙ ජංගම දුරකතනයත් අලුත්ම ටීවී එකට සම්බන්ධ කරන්නත් පුළුවන්ලු. ඒත් දවස් කීපයක් ගියාට පස්සෙ එයා දැක්කලු ටීවී එකේ කූඹි රුලක් එහෙ මෙහෙ යනවා. බැලින්නම් උන් ටික ටීවී එකේ ඇතුළටත් ගිහින්.

බැරිම තැන ඔහු වැකුම් ක්ලීනර් එකකින් සුද්ද කළත් වැඩේ හරිගියෙ නැතිලු.

බැරිම තැන ඔහු කල්පනා කළාලු කූඹී ටික ඒකෙන් එළියට ගන්න ප්ලෑන් එකක්. එක පාරටම ඔහුට අදහසක් පහළ වෙලා. ඔහු රෑ නිදාගන්න කළින් ටීවී එක ළඟින් පුංචි කෝප්පෙක සීනි හැඳි කීපයක් දාලා තිබ්බලු. සීනිවලට කුඹි ටික එළියට ඇදිලා එයි කියලා තමයි ඔහු හිතලා තියෙන්නෙ. ඒත් සිද්ධ වුණේ හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්.

දැන් ගේ පුරාම කූඹි දුවනවලු. අර කූඹි ටික සීනි ඇටත් අරගෙන ටීවී එක ඇතුළට යනවලු.

මේ ගැන ඔහුගෙ හොඳම යාළුවෙකුගෙන් උපදෙසක් අහන්න ගියාම ලැබිලා තියෙන්නෙ අපූරු උත්තරයක්.

‘ඔහොම තමයි ස්වීට් කොල්ලො ටීවී ගත්තම, ස්මාර්ට් ටීවී එකත් ස්වීට් ටීවී වෙනවා.’

 

DESHAYA